දිලිප් කුමාර් රෝහල් ගත කෙරේ
හින්දි සිනමාවේ ප්රවීණ රංගන ශිල්පියෙකු වූ දිලිප් කුමාර් මහතා ස්වසන අපහසුතාවක් හේතුවෙන් රෝහල් ගතකර තිබේ.
ඒ මහතාගේ බිරිඳ පැවසුවේ, අද උදෑසන ඔහුව මුම්බායි පිහිටි හින්දුජා රෝහලට ඇතුළත් කළ බවයි.
මේ වනවිට රෝහල් කාර්ය මණ්ඩලය ඔහුට අවශ්යා ප්රතිකාර ලබාදෙමින් සිටින බව ද, පරීක්ෂණ කිහිපයක වාර්තා ලැබීමට නියමිතව සිටින බවද, ඇය සඳහන් කළාය.