වයස අව්රුදු 16ත් 60ත් අතර වයස් සීමාවේ පසුවන රුසියානු පිරිමින් හට සිය රටට ඇතුළු වීම වළකාලන තහනමක් යුක්රේනරජය විසින් පවරා ඇත. මේ වන විට යුක්රේනයේ පවතින හමුදා නීතියට අුව මෙම තහනම පවරා ඇති අතර මෙම මස 26 වන දින තෙක් මෙම තහනම ක්රියාත්මන වනු ඇත. මීට ආසන්නම හේතුව වී ඇත්තේ පසුගියදා රුසියාව විසින් යුක්රේනයට අයත් අයත් නෞකා තුනක් ඒවායේ රාජකාරී කරමින් සිටි නාවිකයින් 24 දෙනෙක් සමග අත්පත් ගැනීමයි.
රුසියාව පසුගිය ඉරිදා දින කළුමුහුදේදී මෙම අත්පත් කර ගැනීම සිදු කළ අතර යුක්රේන ජනපතිවරයා තමන්ට රුසියාව සම්බන්ධව හ සිය රටේ ආරක්ෂාව සම්බන්ධ තත්ත්වය සම්බන්ධව ප්රකාශයක් නිකුත් කර ඇත. යුක්රේනය පවසන්නේ රුසියාවජාත්යන්තර නීතිය කඩ කරමින් මෙම අත්පත්කර ගැනීම සිදු කර ඇති බවයි. නමුත් රුසියාව පවසා සිටින්නේ යුක්රේනය සිය මුහුදු සීමාව පසුකරමින් නීති උල්ලංඝනය කළ බවයි.
යුක්රෙනය විසින් පනවා ඇති මෙම තහනමට මානුසීය හේතු මත එනම් හදිි රොගාබාධ සහ මරණ සම්බන්ධව අදාළ නෙවන බවද ඔවන් ප්රකාශ කරයි. මෙම තත්තත්වය සම්බන්ධව මේ වන විට පැවැත්වෙන ජී 20 සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිතය.