BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

කොරෝනා ගැන ව්‍යාජ පුවත් පැතිරවූ සිව් දෙනෙක් අත්අඩංගුවට

සමාජ ජාල හරහා කොරෝනා පිළිබඳ ව්‍යාජ පුවත් (fake news) පැතිරවූ මැලේසියානුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිව් දෙනා අතර ටියුෂන් ගුරුවරයෙක්, ෆාමසි සහායකයෙක් සහ 24 හැවිරිදි ශිෂ්‍යයෙක් වෙති.

ජනවාරි 25 සිට 27 අතර කාලයේදී ෆේස්බුක් හා ට්විටර් හරහා වුහාන් කොරෝනා වෛරසය පිළිබඳ ව්‍යාජ තොරතුරු බෙදාහැරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.

මෙම චෝදනාවලට වරදකරුවන් වුවහොත් ඔවුන්ට වසරක් දක්වා සිරදඬුවම් සහ ඩොලර් 12,232 ක දඩයක් නියම වේ.

මැලේසියාව 2018 වසරේ පනවා ගත් Anti-Fake News Act 2018 යටතේ ව්‍යාජ පුවත් පැතිරවීම අපරාධ වරදක් බවට පත් කර ඇත.

මෙය අන්තර්ජාල නිදහස හා සමාජ මාධ්‍ය නිදහසට තර්ජනයක් සේ බොහෝ අය සලකන නමුත් ආණ්ඩුව පවසන්නේ මෙවැනි මතභේදාත්මක අවස්ථාවල ව්‍යාජ පුවත් පැතිරවීම දඬුවම් ලැබිය යුතු වරදක් බවයි.

 

Cover Photo: Free Malaysia News


3 වැනි වතාවටත් දිල්ලි මහ ඇමති ලෙස කෙජ්රිවාල් දිවුරුම් දෙයි

උසේන් බෝල්ට් පරදවමින් මී හරක් පසුපස දිව යන තරුණයා

පැරීසියේ නගරාධිපති ධුර අපේක්ෂක බෙන්ජමින් ග්‍රිවෝක්ස්ගේ වෘත්තිය ජීවිතයට පහරක් එල්ල කරමින් නිකුත් වූ ලිංගික වීඩියෝව:

ෆේස්බුක් ඩිලීට් කර දමන්න, ඉන් ඇති වැඩක් නෑ!- එලොන් මස්ක්

කොරෝනා නිසා මුහුදේ සිරවූ නැව් තුන

කොරෝනා මරණ ගණන 1000 ඉක්මවයි – Update

වැටුප් නොගෙවීම නිසා පාකිස්ථාන කැමරා ශිල්පියෙක් හෘදයාබාධයක් වැළඳී මරුට

තායි වැසියන් 26ක් නැසූ හමුදා නිළධාරියා ආරක්ෂක අංශ විසින් ඝාතනය කෙරේ

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
error: Content is protected !!