×

කොලොම්බියාවත් වමට නැඹුරුවෙයි.

ලෝකයේ ඉතිහාසය වමට බරවෙමින් ලියවෙමින් ඇත. ඔස්ට්‍රේලියාව, ප්‍රංශය මෙන්ම මේ වන විට කොලොම්බියාවද වාමවාදී දේශපාලනික ප්‍රපංචයකට මුල පුරමින් ඇත.


ලෝකයේ ඉතිහාසය වමට බරවෙමින් ලියවෙමින් ඇත. ඔස්ට්‍රේලියාව, ප්‍රංශය මෙන්ම මේ වන විට කොලොම්බියාවද වාමවාදී දේශපාලනික ප්‍රපංචයකට මුල පුරමින් ඇත.

කොලොම්බියාව, ලතින් ඇමරිකාව හා ලෝකය වෙනුවෙන් නව ඉතිහාසයක් ලියනු ලැබෙතැයි අපේක්ෂා කරන ගුස්ටාවෝ පෙට්රෝ (Gustavo Petro) යනු බොගෝටා හි හිටපු නගරාධිපතිවරයකු වන අතර වරෙක වාමාංශික ගරිල්ලා කණ්ඩායමක් වූ m19ට අයත් සාමාජිකයෙකි. ඔහු මේ වන විට ඔහු මිලියන 11.3     (58%) ක වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් මගින් කොලොම්බියාවේ මැතිවරණ ඉතිහාසයේ ඉහළම ඡන්ද ප්‍රමාණය සනිටුහන් කර ඇත.

රටේ පළමු වාමාංශික ජනාධිපතිවරයා බවට පත්වනු ඔහු සිය ආණ්ඩුව ”ධනවාදය වර්ධනය කරන්නේ, අප එයට ආදරය කරන නිසා නොව, අපට පූර්ව නූතනත්වය සහ වැඩවසම්වාදය ජයගත යුතු නිසා බව” ප්‍රකාශ කොට තිබේ. එනම් භූමියෙහි අස්සක් මුල්ලක් නෑරම කොලොම්බියානුවන්ට අවස්ථාව හා බලාපොරොත්තුව විවෘත කිරීම ඔහුගේ අභිලාෂය බව කියැවේ.

මෙම වාමවාදී ආණ්ඩුව තුළ උප ජනාධිපති ලෙස පත් වන්නේ පෙට්‍රෝගේ තරඟ සගයා වන 40 හැවිරිදි පරිසර ක්‍රියාකාරිනියක වන ෆ්‍රැන්සියා මාකේස්ය. ඇය එරට ප්‍රථම කළු ජාතික උප ජනාධිපති බවට පත්වනු ඇත.

බොහෝ කොලොම්බියානුවන් ඔවුන්ගේ නව ජනාධිපතිවරයා කෙරේ දැඩි විශ්වාසයෙන් පසුවෙති. මෙවර ඔහුගේ දේශපාලන ප්‍රචාරණයද බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් විය. මීට පෙර විශාල රැලිවල වෙඩි නොවදින පලිහ පිටුපසින් පෙනී සිටි ඔහු පසුගිය සතිය පුරා ක්‍රීඩා කරමින් ඇන්ඩීස් හි උක් කපමින්, කොලොම්බියාවේ නැගෙනහිර තැනිතලාව හරහා ගමන් කරමින් සහ කෘෂිකාර්මික මර්මස්ථානවල කෝපි නෙළමින් සිටියේය. ඔහු නව මාවතක රට ගෙනයනු ඇතැයි දේශපාලන විශේෂඥයන් අනාවැකි පලකර තිබේ.

පෙට්‍රෝගේ ජයග්‍රහණය ද පුළුල් කලාපීය මාරුවක කොටසක් බව කියැවේ.

මෙක්සිකෝවේ, පේරු සහ චිලියේ වාමාංශික අපේක්ෂකයින්ගේ මැතිවරණයෙන් පසුව, ලතින් ඇමරිකාවේ මෑත කාලීන දේශපාලන වාම නැඹුරුව සාම්ප්‍රදායික දේශපාලනය කෙරෙහි පැවැති අවිශ්වාසයට ප්‍රබල පහරකි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි