×

“ගොරවල ගොරවලා අන්තිමට වහිනවා…”- ගැලීලියෝ ගැලීලි

සර් ..මම මේ බලාගෙන ඉන්නේ අර පල්ලියේ මැද සාලයේ පැද්දෙන පහන දිහා...”


 “ළමයි මේ පාඩමට ඇහුම්කන් දෙන්න.අපේ ශරීරයේ ලේ ගමනාගමනය සඳහා මුලිකව ක්‍රියා කරන ඉන්ද්‍රිය තමයි හෘදය වස්තුව.එහි ක්‍රියාකාරිත්වය ..මේ ඔය එහා කෙළවරේම ඉන්න ළමයටයි මං මේ කතා කරන්නේ.

මොකක්ද ඔබේ නම ..?ඔය කොහෙද බලාගෙන ඉන්නේ …? සර් ..මම මේ බලාගෙන ඉන්නේ අර පල්ලියේ මැද සාලයේ පැද්දෙන පහන දිහා…” “ඔබ නම් හරි පුදුම ළමයෙක්.මම මේ උගුර ලේ රහ වෙනතුරු කෑ ගහල වෛද්‍ය පාඩම උගන්වනවා.ඔබ සුළඟට පැද්දෙන පහනක් දිහා බලාගෙන ඉන්නවා.ඇත්තෙන්ම ඔබට වෛද්‍ය පාඩම ගැන උනන්දුවක් නැද්ද ? “නැහැ සර්..” “එහෙනම් ඔය පහන් දිහා බලාගෙන ඉන්නේ නැතුව හෙට තාත්තා එක්ක එනවා..” “හොඳයි සර් “ වෛද්‍ය විද්‍යාව හැදැරීම සඳහා තම පියා විසින් පීසා විශ්වවිද්‍යාලයට ඇතුළත් කරනු ලැබූ ගැලීලියෝ ගැලීලිටවෛද්‍ය විද්‍යාව පිළිබඳව උනන්දුවක් තිබුණේ නැත.වෛද්‍ය විද්‍යාව ගැන උනන්දුවක් නැති බව තම පියාට දැනුණා.18 හැවිදිරි ගැලීලියෝ , ගණිතය ඉගෙනීමට තමාට ආශාවක් ඇති නිසා ඒ ගැන තමාට උපකාර කරන ලෙස පියාගෙන් ඉල්ලීය. 1589 දී පීසා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පදවියට ගැලීලියෝ පත් විය.යම්කිසි බර අඩු හා බර වැඩි වස්තුවක් එකම උසක සිට බිමට වැටීමේදී බර වැඩි වස්තුව කලින් බිමට වැටේ යැයි ඇරිස්ටෝටල් විසින් ප්‍රකාශ කරන ලද මතය වැරදි බව සනාථ කිරීමට ගැලීලියෝ සමත් විය. ගැලීලියෝ එදා පන්තිය වෙලාවේ කුතුහලයෙන් යුතුව බලා සිටියේ පීසා පල්ලියේ දිගු වැලකින් සාලයේ එල්ලා තිබු දැවැන්ත පහන පැද්දෙන ආකාරයයි.

එම පහන කවාකාරව සුළඟට පැද්දෙමින් තිබුණේ එක්තරා ලාලිත්‍යකටයි.එම පහන පැද්දුණු රවුම ලොකු වුවත් කුඩා වුවත් රවුම පැද්දීමට, ගත්තේ එකම කාල වේලාවකි.එසේ නම් ,එම පැද්දීම ලම්භකයක්(ඔරලෝසු බට්ටා) ආධාරයෙන් හෝ රාව මනින යන්ත්‍රයකට නැතිනම් ඔරලෝසුවකට යොදාගත නොහැකිද යන ප්‍රශ්නය තුළයි එදා පන්තිය තුළදී ගැලීලියෝ නිගමනයේ සිටියේ. ක්‍රි.ව.1564 පෙබරවාරි 15දින ඉතාලියේ පීසා නගරයේ උපත ලැබූ ගැලීලියෝ ගැලීලිගේ පියා වින්සේන්සෝ ගැලීලි සංගීතඥයෙකු විය.

සංගීත වෘත්තියෙන් එතරම් ආදායමක් නොලැබූ වින්සෙන්සෝට තම පුත්‍රයා නගරයේ උසස් පාසැලකට ඇරීමේ ශක්තියක් නොතිබිණ.ඒ නිසා ප්ලොරන්ස් නගරය අසල වැලම්බ්‍රෝසා නම් නගරයේ පාසැලක මුලික අධ්‍යාපනය ලැබීමට ගැලීලියෝට සිදු විය. 1581 දී වෛද්‍ය විද්‍යාව හැදැරීම සඳහා ඔහුගේ පියා විසින් ගැලීලියෝ පීසා විශ්ව විද්‍යාලයට ඇතුළත් කරන ලදී.එහෙත් පසුව තම පුත්‍රයාගේ අභිමතය පරිදි ඔස්ටිලියෝ රිසි නමැති ගණිතඥයා යටතේ ගණිතය හැදෑරීමට සියලු පහසුකම් සලසන ලදි, ගණිතය හැදෑරීමෙන් පසු නැවතත් ප්ලොරන්ස් නගරයට පැමිණි ගැලීලියෝ “චලන රීතිය” සම්බන්ධව විග්‍රහයක් ලියා ප්‍රසිද්ධ කිරීමෙන් පසුව ඔහුගේ නම මුළු ඉතාලිය පුරාම පැතිරෙන්නට විය. 1589 දී පීසා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පදවියට ගැලීලියෝ පත් විය.යම්කිසි බර අඩු හා බර වැඩි වස්තුවක් එකම උසක සිට බිමට වැටීමේදී බර වැඩි වස්තුව කලින් බිමට වැටේ යැයි ඇරිස්ටෝටල් විසින් ප්‍රකාශ කරන ලද මතය වැරදි බව සනාථ කිරීමට ගැලීලියෝ සමත් විය.මේ සඳහා සුදුසු ස්ථානය ලෙස ඔහු තෝරා ගත්තේ ලෝක ප්‍රකට අඩි 180ක් උස පිසාහි ඇලවූ කුළුණයි.ගැලීලියෝ එකල කාල තුවක්කු උණ්ඩ වශයෙන් භාවිත කළ රාත්තල් 10ක් හා රාත්තල් එකක යකඩ බර යකඩ ගුලි දෙකක්.එහි මුදුන් වහලට ගෙන ගොස් එහි සිට ගුලි දෙක එකවර බිම පතිත වන්නට සැලස්විය.ඔහු බලාපොරොත්තු වූ පරිදිම ඒවා එකවර බිම පතිත විය.ඒ නිසා විරුද්ධවාදීන් කොතරම් සිටියත් නියම සත්‍ය සනාථ කොට පෙන්වීමට ඔහු සමත් විය. පීසා විශ්ව විද්‍යාලයේ තමා ලැබූ වැටුප ප්‍රමාණවත් නොවූ නිසා 1592 දී පාදුවා විශ්ව විද්‍යාලයේ ගණිත උපදේශක පදවියක් පිරිනැමිණි.ඉතාලිය රෝමය ඇතුළු මුළු බටහිර යුරෝපයේම එවකට පිළිගෙන තිබුණේ කෙප්ලර් නම් විද්වතාගේ මතයක් වූ පෘථිවිය ග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන ග්‍රහයා බවත් ඒ වටා හිරු ඇතුළු සෙසු ග්‍රහයන් ගමන් ගන්නා බවත්ය.මිට විරුද්ධව ඉදිරිපත් වී තිබු කොපර්නිකස් ගේ මතය වූයේග්‍රහමණ්ඩලයේ ප්‍රධානියා පෘථිවිය නොව හිරු බවත්,හිරු වටා පෘථිවිය ඇතුළු සියලුම ග්‍රහයින් ගමන් කරන බවත්ය.කොපර්නිකස්ගේ මතය එක හෙලා අනුමත කළ ගැලීලියෝ පාලකයින්ගේත් ,පුජකවරුන්ගේත් ,උගතුන්ගේත් උපහාසයට හා දෝෂ දර්ශණයට ලක්වේය යන බිය නිසා කොපර්නිකස්ගේ මතයට තමාගේ ඇති එකඟත්වය ප්‍රසිද්ධියේ කියාපෑමට මැලිවිය.නිහඬවම තම පර්යේෂණයන් දිගටම ගෙන ගිය ගැලීලියෝ 1609 දී දුර දක්නයක් නිපදවීය.කාච තුනකින් සමන්විත වූ එම දුර දක්නයට ඈත වස්තුවක් තුන් ගුණයකින් විශාල කර පෙන්වීමට හැකියාවක් තිබුනි.මෙම දුර දක්නය නිපදවීමෙන් පසු ආකාශ වස්තුන් ගැන උනන්දුවක් දැක්වූ ගැලීලියෝ 1609-1610 ඇතුළත ශ්‍රේෂ්ට සොයාගැනීම් කීපයක් මුලින් ලොවට හඳුන්වා දීමට සමත්විය. සඳ අපට පෙනෙන තරම් මුදුමොලොක් වස්තුවක් නොව ඒ මතුපිට වල ගොඩනැගිලි ඇති කර්කශ පෘෂ්ටයක් ඇති ආකාස වස්තුවකි.ක්ෂිරපථය සෑදී ඇත්තේ අනන්ත තරු සමුහයක එකතුවක් මගිනි.ජුපිටර් ග්‍රහයාට චන්ද්‍රයින් කිහිපයක්ම ඇත.සෙනසුරු ග්‍රහයා වටේට වළලු කීපයක් ඇත.වරින්වර හිරුලප තනි තැන හටගනී.මේ ඔහු විසින් සොයා ගන්නා ලද සත්‍යයන් කීපයකි. වැනිසියේ උත්තර මන්ත්‍රී මණ්ඩලය මඟින් ගැලීලියෝ හට ජිවිත කාලය තිබෙන තෙක් පාදුවා සරසවියේ මහාචාර්ය පදවිය පිරිනමා තිබියදීත් ,1610 දී මස්කන් ආදිපාද තුමාගේ දාර්ශනික ගණිතඥ පදවියට පත්කිරීමෙන් අනතුරුව ඔහුගේ මුළු කාලයට පර්යේෂණ සඳහා යෙදවීමට සිදු විය. 1611 දී රෝමයේ වතිකානු නගරයට ගිය ගැලීලියෝ එහි දේවගැතිවරුන්ට තම දුර දක්නය පෙන්වා ,හිරු ලප සුර්යයාගේ තනි තැන හටගන්නා බවත් ,ටොලමි හා කෙප්ලර් වැරදි බවත් කොපර්නිකස් නිවැරදි බවත් ඔහු කියා සිටියේය.එදා ආගම වටා ගෙතී තිබුණු යම් යම් නියමයන්ට පටහැනි දර්ශනයන් ඉදිරිපත් කිරීමේ චෝදනා යටතේ ගැලීලියෝට විරුද්ධව නඩු පවරන ලදී.

 මේ දක්ෂ විද්‍යාඥයා සිය ජිවිත කාලයම ගත කළේ විද්‍යා සොයා ගැනීම් සඳහාය.අවසාන භාගයේදී ගැලිලියෝගේ දෑසම අන්ධ විය.1642 ජනවාරි 8දා මේ ශ්‍රේෂ්ට විද්‍යාඥයා සිය දෑස් සදාකාලිකව පියා ගත්තේය.

1633 අප්‍රේල් 12 වන දින අධිකරණය හමුවට පමුණුවන ලද ගැලීලියෝට තමා ප්‍රකාශ කරන ලද සියලුම දර්ශනයන් වැරදි බව ප්‍රකාශ කරන ලෙසට බල කළ අතර වධ හිංසාවන්ට තිබු බය නිසා ගැලීලියෝ තමා ප්‍රකාශ කළ සියල්ල අසත්‍ය බව පිළිගත්තේය.මේ නිසා ඔහු නිවාස අඩස්සියේ තබන ලදී. මේ දක්ෂ විද්‍යාඥයා සිය ජිවිත කාලයම ගත කළේ විද්‍යා සොයා ගැනීම් සඳහාය.අවසාන භාගයේදී ගැලිලියෝගේ දෑසම අන්ධ විය.1642 ජනවාරි 8දා මේ ශ්‍රේෂ්ට විද්‍යාඥයා සිය දෑස් සදාකාලිකව පියා ගත්තේය. ගැලීලියෝ ගැලීලිගේ ජිවිත පොතේ රසබර සිදුවීමක්ද මෙසේ ඉදිරිපත් කරමු.දිනක ගැලීලියෝ ගැලීලි මිතුරෙකු සමඟ පරීක්ෂණාගාරයේ පරීක්ෂණයක් කරමින් සිටියේය.දිගු වේලාවක් මෙසේ පරීක්ෂණය කිරීම නිසා ඒ ගැන උරණ වූ ගැලීලියෝගේ බිරිය කෝප වී දිගින් දිගටම බැණ වැදුණාය.බිරියගේ බැණිම ගැලීලියෝ ගණන් ගත්තේ නැත.මෙයින් තවත් කෝපයට පත්වූ බිරිය ඔවුනට ඉඳුල් වතුර භාජනයකින් දමා ගැසුවාය.ඉඳුල් වතුර පෙරී පෙරීම තම මිතුරා දෙසට හැරුණු ගැලීලියෝ මද සිනාවක් පා “ඕවා ගණන් ගන්න එපා යාළුවා.ගොරවල ගොරවලා අන්තිමට වහිනවා…”යයි කිවේය.



#morearticles

#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි