BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීමකින් 14ක් මරුට

දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීම් සාමාන්‍ය දෙයක් නොවේ. ඒවා බොහො විට කල්ලි හෝ මත්පැන් සමඟ සම්බන්ධ වේ.

දකුණු අප්‍රිකාවේ සොවෙටෝ නගරයේ මත්පැන් අලෙවිසැළක වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයන් 14 දෙනෙකු මිය ගොස්  නව දෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සොවෙටෝහි පොලිසිය පවසයි. මිය ගිය පුද්ගලයන් වයස අවුරුදු 19ත් 35ත් අතර පසුවන්නන් බව අනාවරණය වේ.

තුවක්කුකරුවන් ඉරිදා අලුයම ඔර්ලන්ඩෝ නැගෙනහිර ආපනශාලාවට ඇතුළු වී තරුණයින් පිරිසකට අහඹු ලෙස වෙඩි තැබා සුදු පැහැති කුඩා බස් රථයකින් එම ස්ථානයෙන් පලා ගොස් ඇත. ප්‍රහාරයට හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත. දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීම් සාමාන්‍ය දෙයක් නොවේ. ඒවා බොහො විට කල්ලි හෝ මත්පැන් සමඟ සම්බන්ධ වේ. මෙහි පොලීසිය වැඩිදුරටත් BBC වෙත පවසා තිබුණේ මෙහි ඉදිරි විමර්ෂණ කටයුතු සිදු වෙමින් පවතින බවයි.

සශිකලා මධුෂාණී_


නපුරට එරෙහිව ජයග්‍රහණය පතා ඉන්දියාව දුසේරා සමරයි

තායිලන්තයේ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් දරුවන් ද ඇතුළුව පුද්ගලයන් 31 දෙනෙකු මරුට

හිජාබයෙන් මිදුනු පාසල් සිසුවියන් ඉරාන ආණ්ඩුවට මැදැඟිල්ල ඔසවයි.

ජපානයට ඉහළින් දියත්වන උතුරු කොරියානු මිසයිල

ස්වදේශික ඇමරිකානු ක්‍රියාකාරිකයෙකු වූ සචීන් ලිට්ල්ෆෙදර් මිය යයි.

ප්ලාස්ටික් හා ජපානය ?

නියැන්ඩර්තාල් වෙනුවෙන් Svante Paabo ට නොබෙල් ත්‍යාගයක්!

පාකිස්ථානයේ මරණ රැල්ල ඇරඹෙයි ..

error: Content is protected !!
error: Content is protected !!