රුසියාවට බටහිර සම්බාධක පැනවීමත්, අපනයනයන් නවතා දැමීමත්, පාරිසරික හා ජල දූෂණ මෙන්ම නැගෙනහිර යුරෝපීය රසායනික නිෂ්පාදන අඩාලවීම ආදී සියලුම ව්‍යසනයන් හේතුවෙන් කෘෂි කර්මාන්තයට අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි නොලැබීම හේතුවෙන් කෘෂි නිෂ්පාදකයන් අවුලෙන් වියවුලට පත්ව ඇත. මේ හේතුව නිසාවෙන් ලෝකය තුල පෝෂණ දර්ද්‍රතාවයක් ඇතිවීමේ පෙර නිමිති පෙනෙමින් තිබේ.
සිතන්න; ලෝකය තුළ පොහොර නිෂ්පාදනය අවම වීම කෙනෙකුට ගැටලුවක් ඇතිවිය හැකිද? එය අප කණ්නාඩියක් සමඟ කතා කිරීමක් බඳුය.
ඔබ මෙය කියවමින් සිටින්නේ උතුරු ඇමරිකාවේ, යුරෝපයේ, ලතින් අමෙරිකාවේ හෝ ආසියාවේ සිට නම් රසායනික පොහොර භාවිතයේ අවදානම දකින්න නම්, ඔබ දෙස හැරී බලන්න. එවිට දැක ගත හැකිවන්නේ ඇමයිනෝ අම්ල පොදියක් එකට එක්ව ජීවමානව සිටින බවකි.
පවතින දත්ත හා වාර්ථාවන්ට අනුව කැනේඩියානු බලශක්ති පර්යේෂක Vaclav Smil ප්‍රකාශ කර සිටින්නේ 1960 ගණන්වල කෘෂිකාර්මික හරිත විප්ලවයේ අධි ආරෝපිත ප්‍රධාන අමුද්‍රව්‍ය නයිට්‍රජන් වූ නිසා සමස්ථ ජනගහයෙන් පහෙන් දෙකක් බිලියන තුනකට වඩා වැඩි ප්‍රමාණයක් තවම ජීවතුන්අතර සිටීමට හේතු වූ බවයි. රසායනික පොහොර ප්‍රධාන වශයෙන් සංඝටක තුනකින් යුක්ත වන අතර එය ලෝකයේ ධාන්‍ය නිෂ්පාදනයට හේතු වේ. එනම් නයිට්‍රජන්, පොස්පරස් හා පොටෑසියම් යන්න පෘතුවිය තුළ මෙතෙක් වර්ධනය වූ විශාලතම මානව ජන ගහනයට හේතු විය. මේ වන විට රසායනික පොහොර සැපයීම හිඟ වීම හේතුවෙන් ගොවියන් හා ලොව පුරා පොහොර සමාගම්, ආණ්ඩු අස්වැන්න නොවැලැක්විය හැකි ලෙස කඩා වැටීම වලක්වා ගැනීමට නොයේක් උත්සහයන් දරමින් සිටියි.
ලෝක ගොවි සංවිධානයේ සභාපති Theo de Jager ප්‍රකාශ කර සිටියේ මෙවැන්නකි;
”මට තව දුරටත් විශ්වාසය කළ නොහැකියි, එය තව දුරටත් සාර්ථක වේ යැයි කියා. ප්‍රශ්නය වන්නේ එය කෙතරම් පුළුල් හා ගැඹුරුවේද යන්නයි. වැදගත්ම කරුණ නම් ගොවියන්ට සාමය අවශ්‍යයි. එමෙන්ම සාමයටද ගොවියන් අවශ්‍යයි. ”
පුටින්ගේ යුක්රේන ආක්‍රමණයත් සමඟ වසරකට වැඩි කාලයක් විවිධ සිදුවීම් වලින් බැට කෑ කර්මාන්තයන්ට මරු පහරක් විය. රුසියාව ලෝකයට නයිට්‍රජන් පොහොර සැපයීමෙන් 20% දායකත්වයක් දරයි. විශ්ලේශකයන්ට අනුව අසල්වැසි බෙලරූස් සමඟ එක්ව ලෝකයට අවශ්‍ය පොටෑසියම්වලින් 40% ඔවුන් විසින් සපයන් ලබයි. නමුත් මේ වන විට බටහිර සම්බාධක පැනවීමත්, රුසියාව මෑත කාලීනව පොහොර අපනයනය සීමා කිරීමත්, හේතුවෙන් ලෝකයේම ගොවීන් බොහෝ දුෂ්කරතාවයට පත්ව තිබේ.
ඒ අනුව සිවිල් කෝලහාල හා කාලගුණ ව්‍යසන හේතුවෙන් සැපයුම් අංශය අඩපන වෙමින් පවතියි.
ඊ ජගර් මේ පිළිබඳ මෑතකදී සම්මන්ත්‍රණයක් පවත්වනු ලැබීය. එහිදී ඔහු කියා සිටියේ, ”ඔබ උතුරු අමෙරිකා ගොවියකු සමඟ කතා කළහොත්, ඔවුන් කතාවට මුල පුරන්නේම පොහොර පිළිබඳව, ඒවායේ මිල මෙන් ම ලබා ගන්නට ඇති ස්ථාන පිළිබඳවයි.” මේ වන විට කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ එහි අගය 78% ක ඉහල මිලක් නියම වී තිබේ. ලෝකය පුරා සිටින විවිධ ජන වර්ගයන්ට අයත් ගොවීන් විවිධ අසීරුතාවයන්ට ලක්ව සිටියි. ඔවුනට සිය කෘෂී භෝග වෙනුවෙන් පොහොර සපයා ගැනීමට සරල ක්‍රමවේදයක් නොමැත. ඊට අමතරව කෘෂි රසායන සහ ඉන්ධන ද බරපතල ගැටලුවක් බවට පත්ව තිබේ.
මෙය ගෝලීය අර්බුදයක් වන අතර එයට ගෝලීය ප්‍රතිචාරයක් අවශ්‍ය වේ.
පසුගිය සතිය තුළ එක්සත් ජනපදය හා ගෝලීය සංවර්ධන බැංකු එකතුව ”ගෝලීය ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව ක්‍රියාකාරී සැළැස්මක්” ප්‍රකාශයට පත් කරනු ලැබීය. 2008-2012 අන්තර් කාලය තුළ ලෝකය පුරා පැතිර ගිය ආහාරෝද්ධමනය නැවත ඇතිවීම වලක්වා ගැනීම මෙහි අරමුණ වේ.
නමුත් සෑම තැනම තත්වය එක සේ නොවේ. රොඩ්නි රූලෝන් යනු ඉන්ඩියානා ප්‍රාන්තයේ ආර්කේඩියා හි ප්‍රගතශීලී ගොවියෙකි. ඔහු 1992 වසරේ සිට අක්කර 7200ක් පුරා බඩ ඉරිඟු හා සෝයා බෝංචි වගා කරමින් සිටියි. ඔහු රසායනික පොහොර භාවිතාව 20%- සිට 30% දක්වා අඩු කර ඇත. ඒ වෙනුවෙන් ඔහු නොයේකුත් ශිල්පීය උපක්‍රම භාවිතා කරනු ලබයි. නමුත් මේ වන තෙක් ඔහුගේ අස්වනු අඩුවකින් තොරව ලැබෙන බව කියැවේ. ඔහු ප්‍රකාශ කරන්නේ මේ වසර තුළ පොහොර වෙනුවෙන් කරණු ලබන මුදලට විශාල කප්පාදුවක් කිරීමට ඔහු සූදානම් බවයි. රසායනික පොහොර අසාමාන්‍ය වශයෙන් මිල ඉහළ යාමත් සමඟ ඒ වෙනුවෙන් වෙනත් විකල්ප වලට යාමට සැරසෙන බව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
පොහොර මිල ඉහළ යාමට සාපේක්ෂව ගොවීන් විසින් විකල්ප සෙවීම නරක දෙයක් නොවන බව පාංශු හා ශාඛ පෝෂක විශේෂඥයෙකු වන ඇන්තෝනියෝ මැලරිනෝ ප්‍රකාශ කර ඇත. වසර ගණනාවක් පුරා ගොවියන් විසින් අධික වශයෙන් රසායන පොහොර භාවිතා කිරීම වැළැක්වීමට ඔවුන් විවිධ පර්යේශන හා උත්සහයන් දරමින් සිටින පිරිසකි. ඔහු වැඩිදුරටත් පවසන්නේ වගා කරන ලද ක්ෂේත්‍ර වෙනුවෙන් 50% සිට 60% දක්වා පොස්පරස් හා පොටෑසියම් වසර 10 යන තෙක් නෙයෙදීම ගැටලුකාරී නොවන බවයි.
පෙබරවාරි මාසය වන විට බඩ ඉරිඟු මිල පහළ වැටීමත් සමඟ අඩු පොෂ්‍ය පදාර්ථ හා අඩු පොහොර ප්‍රමාණයක් භාවිතා කරමින් වැඩි අස්වැන්නත් ලැබෙන සෝයා බෝංචි වෙත ගොවියන් මාරු වෙමින් සිටියි. අමෙරිකානු කෘෂි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිය සමීක්ෂණ වාර්තාවක් මඟින් පෙන්වා දී ඇත්තේ මෙම වසර තුළ පසුගිය වසරට වඩා 4% කින් වැඩි සොයා බෝංචි අස්වැන්නක් අපේක්ෂා කරන බවයි. එනම් අක්කර මිලියන 91 සෝයා බෝංචි වගා කරනු ඇතැයි කියැවේ. ඊට සාපේක්ෂව ඉරිඟු අක්කර මිලියන 85.5 දක්වා පහත වැටීම අපේක්ෂා කරන අතර එය පසුගිය වසර පහක කාලය තුළ අඩුම අගය වාර්ථා වීමයි.
ඇන්තෝනියෝ මැලරිනෝ පවසන්නේ මෙම තත්වය දිගු කාලයක් පැවතීම ආර්ථිකයට කෙසේ වෙතත් පරිසරයට නම් වඩාත් යහපත් බවයි. එමෙන්ම ගොවි බිම් වලට යොදන අතිරික්ත නයිට්‍රජන් හා පොස්පරස් තව දුරටත් ගංඟා හා විල් වල ජලයට මුසු නොවනු ඇති බව ඔහුගේ අදහසයි.
ලොව විශාලතම නයිට්‍රජන් පොහොර නිෂ්පාදන ආයතනයන්ගෙන් එකක් වන CF Industries හි විකුණුම්, සැපයුම් සහ වෙළඳපල සංවර්ධනය සඳහා ජ්‍යෙෂ්ඨ උප සභාපති බර්ට් ෆ්‍රොස්ට් පොහොර මිල පිළිබඳ පවසන්නේ ඉල්ලුම හා සැපයුම යන දෙකම භාහිර කම්පන වලට ලක්ව ඇති බවයි. “අද අප සතුව ඇත්තේ එකිනෙක සමග ඒකාබද්ධව ක්‍රියා නොකරන සියලු සාධකවල එකතුවකි” ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
මීට අමතරව පොහොර නිෂ්පාදන ආයතන වලට නොයේක්විට සිදු වූ ස්වභාවික ආපදා තත්වයන් හේතුවෙන් ද සැපයුම අඩාල වීමට හේතු විය. එනම් , 2021 පෙබරවාරි මාසයේ පැමිණි ශිත කුණාටුව හේතුවෙන් අයෝවාහි සිට ටෙක්සාස් දක්වා පොහොර කම්හල් වල නිෂ්පාදනය මසක් හෝ ඊට වැඩි කාලයක් ප්‍රමාද කිරීමට හේතු විය. ලෝකය පුරා තත්වය මෙලෙස විය.
මීට අමතරව ෆ්රොස්ට් පවසන ලෙසට ලෝකයේ යූරියා අපනයනයෙන් 10% දරන්නේ චීනයයි. චීනය හා රුසියාව විසින් පොහොර සඳහා අපනයන සීමා පැනවීම ලෝකයම සාගතයකට ඇද දමන්නට හේතු වෙමින් ඇත. ඒ අනුව රුසියාව යුක්රේනය සමඟ යුද්ධයකට පැටලෙන්නට පෙර සිටම විවිධ හේතු සාධක නිසා වෙළඳපොළ කම්පනයට පත්ව තිබිණ. පැවතුන ක්‍රමයේ පැවැති වියවුල හේතුවෙන් පොහොර ගැටලුව තනිව විසඳේයැයි කිසි විටක බලාපොරොත්තු විය නොහැති බව ෆ්‍රොස්ට් වැඩිදුරටත් කරුණු දක්වයි. කුමන යම් හෝ හේතු මත පැවැත් ක්‍රමය වියවුලට පත් වීම මෙම ගැටලුවට හේතු විය.
බර්ට් ෆ්‍රොස්ට් පවසන්නේ ලතින් අමෙරිකානු ගොවීන්ට මේ කන්නයට අවශ්‍ය පොහොර ඉතා ඉහළ මිලකට හෝ ලැබෙනු ඇති බවයි. පොහොර ලැබීමේ අවස්ථාවන් කඩාකප්පල් කිරීමේ අවධානමට වැඩි වශයෙන් ලක්ව ඇත්තේ ලතින් අමෙරිකානු කෘෂි කාර්මික බලාගාරයි. ඒ අනුව බ්‍රසීලයෙන් පොහොර 85% පමණ ආනයනය කෙරෙන අතර එයින් හතරෙන් එකක අඩුව පිරවෙන්නේ රුසියාවෙනි. පොහොර මිල ඉහළ යාම මෙන්ම පොහොර සොයා ගැනීමේ දුෂ්කරතාවන් හේතුවෙන් ගොවියන් විසින් පොහොර සැපයීම කපාහැර අස්වැන්න අඩුවුවහොත් එය ගෝලීය ආහාර සැපයුම කෙරේ සැළකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය. USDA වාර්තාවකට අනුව, සෝයා බෝංචි, ඉරිඟු සහ සීනි මෙන්ම හරක් මස්, කුකුල් මස් සහ ඌරු මස් අපනයනය කරන ලොව හොඳම අපනයනකරුවන් තිදෙනා අතර බ්‍රසීලයට ලැබෙන්නේ ප්‍රමුඛ වැදගත්කමකි.
දක්ෂිණ අර්ධගෝලයේ ප්‍රධාන රෝපණ සමය ඇරඹෙන්නේ සැප්තැම්බර් මාසයෙනි. ඒ වෙනුවෙන් බ්‍රසීල රජය නව පොහොර ප්‍රභවයන් සොයමින් වෙහෙසේ. මේ වසරේදී ඉරානය හා භාණ්ඩ හුවමාරු ගනුදෙනුවක් පවා ඒ වෙනුවෙන් කරන ලදි. ඒ අනුව ඉරානය විසින් සොයා බෝංචි හා බඩඉරිඟු වගාවන් සඳහා යූරියා ටොන් 400000 එවනු ඇතැයි සැලකේ. බ්‍රසීලයට පොහොර ලැබීම ලෝක ආහාර සැපයුම තුළ අතිශය තීරණාත්මක කරුණකි. එමෙන්ම රුසියාව වෙත මූල්‍ය සම්බාධක පැනවීමේ ක්‍රියාවලිය තව දුරටත් සත්‍රිය නොවුනත්, ඒ මඟින් ගෝලීය ආහාර මිල මත පීඩනය ලිහිල් කරනු ඇතැයි විශ්ලේෂකයෝ බලාපොරොත්තු වෙති.
පවතින තත්වයන් පිළිබඳ අනාවැකි ඉදිරිපත් කිරීම කළ නොහැක්කක් බව බුවනොර්ස් අයර්ස් හි ගොවි විසඳුම් අධ්‍යක්ෂක Micaela Bové පවසයි. ඔහු තව දුරටත් පවසන්නේ ‘COVID තවදුරටත් මෙහි ඇතැයි මම කිසිදු විටෙක නොසිතුවද එය එසේමය. මේ ආක්‍රමණය යුද්ධයක් පවට පෙරළේ යැයි මම තවදුරටත් නොසිතමි. නමුත් එය එසේ සිදුවී හමාරය. මෙහි වීරයන් බවට පත් වන්නේ ගොවියන්ය. ගොවියන්ට විවිධ ලෙස පහර වැදුනද ඔවුන් නිරන්තරයෙන් ම වෙහෙසෙන්නේ ආහාර නිෂ්පාදනය කිරීමට ” බවයි.
බෝවේ, පවසන පරිදි මෙක්සිකෝවේ කුඩා වතු හිමියන්ගේ ගොවිපලවල් බ්‍රසීලය හැර ආර්ජන්ටිනාවේ විශාල එස්ටැන්සියා කලාපය දක්වා අඩුවක් නොවන බවයි. නමුත් අධික මිල නිසා භාවිතාව සීමා සහිතව ඇත.
එබැවින් ඇය සහ ඇයගේ කණ්ඩායම ගොවීන්ට තම නිෂ්පාදන වඩාත් කාර්යක්ෂමව භාවිතා කිරීමට උපකාර කිරීම සඳහා මෙවලම් සහ යෙදුම් ප්‍රවර්ධනය කරයි. පොහොර අදාළ බොගය මත රඳා පවතියි. “මෙක්සිකෝවේ බඩ ඉරිඟු ගොවියෙකුට වෙනත් තැනක පැඟිරි ගොවියෙකුට හෝ කෙසෙල් ගොවියෙකුට වඩා වෙනස් අවශ්‍යතා තිබේ.” තත්වයන් හා අපේක්ෂාවන් එකිනෙකට වෙනස් බව ඇය තවදුරටත් ප්‍රකාශ කරන් ලබයි.
අප්‍රිකාවේ තත්වය මීට සාපේක්ෂව වෙනස් ය. ලෝකයේ වගා කළ හැකි ඉඩම්ලවින් 60% ඇත්තේ ඔහුන්ටය. නමුත් අප්‍රිකානු ගොවියන් කෘෂි කර්මාන්තයට යොමුව ඇත්තේ සීමා සහිත පිරිසකි. ඔවුන් විසින් අක්කරයකට අවම පොහොර ප්‍රමාණයක් භාවිතා කරන අතර ඊට සාපේක්ෂව ඔවුන්ගේ අස්වනු ප්‍රමාණයද අවමය. අප්‍රිකානු රටවල් 14ක් ම රුසියාවෙන් හා යුක්රේනයෙන් ආනයනය කරන ලද තිරිඟු මත යැපේ. මේ වන විට ආනයනික ආහාර වල මිල ඉහළ යාමත් සමඟ මිලියන ගණනත් අප්‍රිකානු පවුල් දරිද්‍රතාවය හා මන්දපෝෂණයේ අගාධයට තල්ලුවෙමින් පවතියි.
අප්‍රිකාවේ හරිත විප්ලවයක් සඳහා සන්ධානයේ (AGRA) සභාපති ඇග්නස් කලිබාලා පවසන්නේ පවතින දුරස්ථ යුද්ධය ඔවුන්ගේ එකම අභියෝගය නොවන බවයි. මහද්වීපය පුරා අස්වැන්න වැඩිදියුණු කිරීමට පොහොර හා වැඩිසියුණු කළ බීජ ලබා ගැනීම වෙනුවෙන් ඔවුන් අප්‍රිකානු රජය හා වෙනත් විදේශ ආධාර ආයතන සමඟ තව දුරටත් කටයුතු කරමින් පවතින බව සඳහන් කර තිබේ.
රුවන්ඩාවෙහි සිටි කෘෂිකර්ම අමාත්‍ය කලිබාටා පවසන්නේ පොහොර බලපෑමටත් පෙර පවා දේශගුණික විපර්යාලයන්ට ගොදුරුවීම හේතුවෙන් ගොවීන් පීඩා විඳින බවයි. එනම් පසුගිය කාලයේ වර්ෂාපතනය නිසි ලෙස නොලැබීම හේතුවෙන් පොහොර සඳහා ගොවීන් අතර එතරම් උනන්දුවක් දක්නට නොලැබෙන බවයි. නමුත් මේ වන විට වර්ෂාපතනය ලැබෙන හෙයින් තත්වය වෙනස් විය හැකි බව තව දුරටත් ඔහු අපේක්ෂා කරන බව දක්වයි. නමුත් මිල ඉහළයාම ගොවියන්ට දැරිය නොහැකි තත්වයකි. බොහෝ විට පොහොර වෙනුවෙන් සහනාධාර ලබා දෙන රටවල් පශ්චාත් කොරෝනා අවධියේ මුහුණ දුන් ණය වලින් පීඩා විඳිමින් සිටියි. එය දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස ගතහොත් 50% තරම් අගයකි. ඒ අනුව කලිබාටාගේ කණ්ඩායම මේ වෙනුවෙන් පෙනී සිටින අතර ඔවුන් විසින් අප්‍රිකානු සංගමය, අප්‍රිකානු සංවර්ධන බැංකුව සහ G7 ජාතීන් සමඟ එක්ව හදිසි අරමුදල් සැපයීමට සහය වීමට මෙන්ම විකල්ප වෙනුවෙන් ගොවීන් දිරිමත් කිරීමට උත්සහ දරමින් සිටියි.
ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ අප්‍රිකානු පසෙහි නයිටිරික් හිඟ වීම ඉහළ අගයක් ගන්නා බැවින් ඵලදායිතාවය ඉතාමත් අඩු මට්ටමක පවතින බවයි. පෝෂ්‍ය පදාර්ථයන් නොමැතිව සහල් හෝ ඉරිඟු වගා කරනවාට වඩා මේ වන විට ඉතියෝපියාවේ සහ සුඩානයේ වගා කරන ෆාවා බෝංචි වැනි වෙනත් අවස්ථා අත්හදා බැලීමට ඔවුන්‌ගේ අවධානය යොමුව තිබේ. එය අවශ්‍ය නයිට්‍රජන් අවශ්‍යතාවය 100% නිවරැදි කළ හැකි අපූරු අවස්ථාවක් බව ඇය තව දුරටත් ප්‍රකාශ කරයි.
නයිට්‍රජන් පස තුළ තැන්පත් වීම ස්වභාවික සංසිද්ධියක් වන අතර ඒ සඳහා තෘණ පවුලට අයත් බොග වලින් විශාල සහයෝගයක් ලැබේ. ශාකවල මුල් වල ජීවත් වන බැක්ටීරියා ශාක වලට හිතකර වායුගෝලීය නයිට්‍රජන් ඇමෝනියා බවට පත් කරන අතර ශාක බැක්ටීරියා වලට අවශ්‍ය සීනි සපයයි. ඒ අනුව බෝංචි විශිෂ්ට නයිට්‍රජන් සවිකරන්නෙකු වේ. සොයා බෝංචි නයිට්‍රජන් අවශ්‍යතාවයෙන් 70%-80% අතර ප්‍රමාණයක් සංවෘත කර ගන්නා අතර අප්‍රිකාව පුරා වගා කරන සාමාන්‍ය බෝංචි 30% තරම් ප්‍රමාණයක් සංතෘප්තකර ගනියි. වර්ශාපතනය පිළිබඳ තවදුරටත් විශ්වාස කළ නොහැකි බැවින් වර්ෂාව නොමැතිව පොහොරවලින් කිසිදු බලපෑමක් නොමැත. සමහර ප්‍රදේශවලට වර්ෂාව නිසි ලෙස ලැබේනම් ඔවුන්ට වෙනත් විකල්ප වලට යා හැක. ඔවුන් එසේ නොකරන්නේ නම් බරපතල ගැටලුවලට මූණ දීමට සිදු වනු ඇත.
මේ කන්නයේ පොහොර භාවිතාව පිළිබඳ මැසිවිලි නොකියන එකම කාණ්ඩය කාබනික ගොවියන් පමණි. ඔවුන් දිගු කලක් තිස්සේ පසෙහි සාරවත් බව වෙනුවෙන් පලිබෝධනාශක වලින් බැහැරව පොහොර අවම වශයෙන් යොදා ගනිමින්, විවිධාංගීකරණයට ලක් වූ බෝග වගා කරමින් වගාවට හිතකර ශුද්‍ර ජීවීන් හා කෘමීන් වර්ධනය කර ගනිමින් සිටියි.
පෙන්සිල්වේනියාවේ එම්මාවුස් හි රොඩේල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ජෙෆ් මොයර්ට අනුව, කේෂාකාර ආකාරයෙන් වර්ධනය වන වෙච් (මෑ වර්ගයේ පැලෑටියක් ) භෝගය ස්වභාවිකව අක්කරයකට නයිට්‍රජන් රාත්තල් 300 ක් දක්වා නිපදවීමට සමත් එකක් බව දක්වයි.
පෙන්සිල්වේනියා ප්‍රාන්ත විශ්ව විද්‍යාලය 1981 වසරේ සිට සාම්ප්‍රදායික හා කාබනික වගා ක්‍රමන් පිළිබඳ දිර්ඝතම ක්ෂේත්‍ර අත්හදාබැලීම් කරමින් සිටියි. මෙහි ප්‍රතිඵලය වූයේ පස් අවුරුදු සංක්‍රාන්තික කාලයක් තුළ කාබනික අස්වැන්න සාම්ප්‍රදායික අස්වැන්න සමඟ සැසදීමේ දී ඉහළ අස්වැන්නක් පෙන්නුම් කර තිබීමයි. මීට අමතරව නියඟ කාලවල පවා 40% අස්වැන්නක් ලබා දී ඇත. මෙහි වැදගත්ම කරුණ නම් ගංගා සහ ඇළ දොළවලට කිසිදු විෂ රසායනික ද්‍රව්‍යයක් මිශ්‍ර නොවීම හා ගොවියන් තුන් හය ගුණයකින් ලාභ ලැබීමයි.
ගොවියන් මුහුණ දෙන සමස්ත ගැටලු හෙල්ලයක් නම් පොහොර ගැටලුව හෙල්ලයේ කෙළවර පමණක් බව මෝයර් ප්‍රකාශ කරයි. ඔහු වැඩිදුරටත් කන්සාස් සහ නෙබ්‍රස්කා දෙස බලන ලෙස දක්වන අතර එම ප්‍රාන්ත දෙකම මේ වසරේ ගිනිගෙන ඇති අතර මේ ගෙවෙන්නේ ඔවුන්ගේ තෙත් සමය බව ප්‍රකාශ කරයි.
කාලගුණික රටා වෙනස් වීම සහ බලශක්ති පිරිවැය ඉහළ යාම සමඟ, මෙම බලපෑම් අවම කිරීම සඳහා අපගේ නිෂ්පාදන මාදිලියේ විප්ලවීය වෙනසක් සිදු කළ යුතුය.
කෙසේ වෙතත් කාබනික බවට පරිවර්ථනය වීමට සැලකිය යුතු කාලයක් ගතවන අතර ඊට සාපේක්ෂව ගොවියන්ද බොහෝ ප්‍රමාණයක් මේත් සමඟ නැතිවී යාමටද ඉඩ ඇත.
සශිකලා මධුෂාණී
(ගෝලීය ආහාර අර්බුධය පිළිබඳව නැෂනල් ජියෝග්‍රැෆික් සඟරාවේ පළවූ ලිපියක් ඇසුරිනි.)