BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

විම්බල්ඩන් කාන්තා කේවල ශූරතාව එලේනා රයිබකිනා දිනා ගනියි.

මෙම ජයග්‍රහණයෙන් පසු එලේනා 2011 වසරෙන් පසු ලාබාලතම විම්බල්ඩන් ශූරිය බවටද පත් වූවාය.

සෙනසුරාදා(09) පැවති කාන්තා කේවල අවසන් විම්බල්ඩන් තරගයේ ශූරතාව දිනාගැනීමට එලේනා රයිබකිනා සමත් වී තිබේ. මෙය ඇයගේ ප්‍රථම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව වන අතර කසකස්තානය වෙත කුසලානය ගිය ප්‍රථම අවස්ථාව මෙය වේ. එලීනා රුසියාවේ උපත ලැබුවද ඇය  කසකස්තානය නියෝජනය කරනු ලැබීය.
ඇය විසින් නිම කරන ලද තරඟාවලිය තුළ ඇගේ ක්‍රීඩා කිරීමේ විලාශය අතිශය ජව සම්පන්න විය. තාක්ෂණය අතින් පිරිපුන් විය. මෙම තරඟාවලිය තුළ ටියුනීසියානු වෘත්තීය ටෙනිස් ක්‍රීඩිකාවක් වන ජබියුර් බිඳ දැමීම මෙහිදී කාගේත් කතා බහට ලක් වූ තරඟාවලියක් විය. ඇය ලොව ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල ඉහලින්ම සිටි ක්‍රීඩිකාවකි. මෙම ජයග්‍රහණයෙන් පසු එලේනා 2011 වසරෙන් පසු ලාබාලතම විම්බල්ඩන් ශූරිය බවටද පත් වූවාය.
“ඒක ඇත්ත, මම විම්බල්ඩන් ග්‍රෑන්ඩ් ස්ලෑම් තරඟයක දෙවන සතියට එන්න බලාපොරොත්තු වුණේ නැහැ. ජයග්‍රාහකයෙක් වීම පුදුම සහගතයි. මම කොච්චර සතුටු වෙනවාද කියලා කියන්න මට වචන නැහැ.” ලෙසයි එලේනා රයිබකිනා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ.

 

සශිකලා මධුෂාණී_


130 කට ආසන්න පිරිසකට මරු කැඳවූ ඉන්දුනීසියාවේ පාපන්දු වියරුව!

කියුබාවටත් අභිමානයේ දේදුනු පෑයූ වගයි!

කාබුල් අගනුවර අධ්‍යාපන මධ්‍යස්ථානයක පිපිරීමක්

දකුණු කැරොලිනාවට සුළි කුණාටු , ෆ්ලොරිඩාවට ගංවතුර; ආපදාවට පත් ඇමරිකාව

ඉන්දියාවේ ගබ්සා කිරීමේ අයිතිය නීතිගත කෙරේ.

රැප් ලොව නම ගිය “ගැන්ග්ස්ටාස් පැරඩයිස්” හි Coolio ලෝකයාට සමුදෙයි!

එක්සත් රාජධානියේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) අනතුරු අඟවයි.

වඩා කැත ගා ගැනීම

error: Content is protected !!
error: Content is protected !!