×

අගමැති ඉවත් කිරීමට මේ කාලය නොවේ-ජේම්ස් හීපී

රිතාන්‍යයන් 10 දෙනෙකුගෙන් එක් අයකුට පමණක් අගමැති පිළිබඳ හිතකර මතයක් ඇති බව අනාවරණය වේ.


බ්‍රිතාන්‍යයේ නව මැදල් ඇමති චාන්සලර් ජෙරමි හන්ට් විසින් හිටපු චාන්සලර් ක්වාසි ක්වාටෙන්ග් විසින් පසුගිය මාසයේ ඉදිරිපත් කරන ලද බදු කප්පාදු කිරීමේ යෝජනා සියල්ලම පාහේ ආපසු හැරවීමත් සමඟ මාධ්‍ය වෙත අදහස් දක්වන ලද ට්‍රස් මහත්මිය අවාසනාවන්ත කුඩා අයවැය සම්බන්ධයෙන් කළ වැරදි සම්බන්ධයෙන් සමාව අයැද ඇත.


මේ වන විට ග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්වී මහ මැතිවරණයක් කැඳවීමෙන් තමන් සහ අප සියලු දෙනාම මේ දුක්ඛිත තත්ත්වයෙන් මුදාගත හැකි බවට කැබිනට් මන්ත්‍රිවරුන් අතර රාවයක් පවතින අතර කොන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ඇයට ඉල්ලා අස්විය යුතු බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර ඇත.

YouGov විසින් කරන ලද මත විමසුමකට අනුව බ්‍රිතාන්‍යයන් 10 දෙනෙකුගෙන් එක් අයකුට පමණක් අගමැති පිළිබඳ හිතකර මතයක් ඇති බව අනාවරණය වේ. ට්‍රස් මහත්මිය ඉවත් කළහොත් ඇයගෙන් භාර ගත යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව එතරම් එකඟතාවයක් නොමැති හෙයින් අගමැති වෙනස් කිරීමට කාලය මෙය නොවන බව සන්නද්ධ හමුදා අමාත්‍ය ජේම්ස් හීපී තර්ක කර ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි