×

අධික උෂ්ණත්වය හේතුවෙන් චීනයේ විදුලි පරිභෝජනය වාර්ථාගත ලෙස ඉහළ යයි.

ආන්තික උෂ්ණත්වය හේතුවෙන් විදුලි පරිභෝජනය ඉහළ යාම සහ ගල් අඟුරු හිඟය, චීනයට බරපතල තර්ජනයක්ව ඇත. ඉල්ලුමට සාපේක්ෂන ප්‍රමාණවත් ලෙස විදුලිය ජනනය කිරීම මේ වන විට අභියෝගයක්ව ඇති අතර මේ හේතුව නිසා චීනයේ විදුලිය නිරන්තරයෙන් බිඳ වැටෙන තත්වයකට පත්ව තිබේ.


මේ වන විට චීනයේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ප්‍රදේශවල විදුලි පරිභෝජනය වාර්තාගත මට්ටමකින් ඉහළ ගොස් ඇති බව චීනයේ විදුලි කවුන්සිලය වාර්තා කර තිබේ.

ඉරිදා සහ සඳුදා දිනවල සෙල්සියස් අංශක 40 ක උපරිම උෂ්ණත්වය ද ඇතුළුව, 37C ට වැඩි උපරිම උෂ්ණත්වයක් සතියක් මුළුල්ලේම චීනයෙන් වාර්තා වූ අතර නිවාස සිසිල් කිරීම වෙනුවෙන් විදුලිය අධික වශයෙන් මෙම දින කිහිපය පුරා වැය වී ඇත.

සඳුදා (25) දිනයේදී , ඉහළ උෂ්ණත්වයන් සඳහා රතු අනතුරු ඇඟවීම් 21 ක් සහ තැඹිලි අනතුරු ඇඟවීම් 140 ක් නිකුත් කරන ලදී, ප්‍රධාන වශයෙන් ගිනිකොන දෙසින් සහ ෂින්ජියැන්ග් ඇතුළු බටහිර දෙසින්. Zhejiang, Fujian, Jiangxi සහ Hunan සඳහා 40C ට වැඩි උෂ්ණත්වයක් පුරෝකථනය කර ඇති අතර, ගිනිකොන දෙසින් වැඩි වශයෙන් දින 10 ක් පමණ ඉහළ උෂ්ණත්වයක් පවතිනු ඇතැයි ජාතික කාලගුණ විද්‍යා ඒජන්සිය අඟහරුවාදා අනතුරු ඇඟවීය. ඒ අනුව මෙම සතිය අවසාන වන විට පැවතියාටත් වඩා ඉහළ විදුලි පරිභෝජනයක් සිදුවෙතැයි චීනයේ විදුලි කවුන්සිලය අපේක්ෂා කරයි.

යුක්රේන ගැටුම විසින් උග්‍ර කරන ලද ගෝලීය අර්බුදයක් මධ්‍යයේ,ගල් අඟුරු කේන්ද්‍ර කරගත් බලශක්ති සැපයුමක් කරා ආපසු ගිය රටවල් කිහිපයක් අතර චීනය ද වේ. ආන්තික උෂ්ණත්වය හේතුවෙන් විදුලි පරිභෝජනය ඉහළ යාම සහ ගල් අඟුරු හිඟය, චීනයට බරපතල තර්ජනයක්ව ඇත.

ඉල්ලුමට සාපේක්ෂන ප්‍රමාණවත් ලෙස විදුලිය ජනනය කිරීම මේ වන විට අභියෝගයක්ව ඇති අතර මේ හේතුව නිසා චීනයේ විදුලිය නිරන්තරයෙන් බිඳ වැටෙන තත්වයකට පත්ව තිබේ. පසුගිය සතියේ චීනයේ විදුලි කවුන්සිලය වාර්තා කළේ 2022 පළමු භාගයේදී ජාතික බලශක්ති පරිභෝජනය වසරින් වසර 2.9% කින් ඉහළ ගොස් ඇති බවයි. ජුනි මාසයේදී පමණක් එය 4.7% ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කර ඇති බවත්ය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි