×

අයිස්ලන්තයේ වාණිජ තල්මසුන් දඩයම් කිරීම වසර දෙකක් ඇතුළත තහනම් කිරිමේ සූදානමක්

අයිස්ලන්තයේ වාණිජ තල්මසුන් දඩයම් කිරීම වසර දෙකක් ඇතුළත තහනම් කිරිමේ සුදානමක් පවතී.


උතුරු අත්ලාන්තික් සාගරයේ දූපතක් වන උතුරු යුරෝපීය අයිස් ලන්තය, තල්මසුන් දඩයම් කිරීමට ඉඩ දෙන ස්ථාන කිහිපයෙන් එකකි.

ජපානයද තල්මස් දඩයමෙන් ඉහල ආදායමක් උත්පාදනය කරයි. නමුත් තල්මසුන් ඇල්ලීම තවදුරටත් ලාභදායී නොවන බව අයිස්ලන්තයේ ධීවර ඇමති පවසයි.

අයිස්ලන්තයේ මෑත කාලීන වාර්ෂික වාර්තාවන් අනුව වඳවීමේ තර්ජනයට ලක්ව ඇතැයි සැලකෙන වරල් තල්මසුන් 209 ක් දඩයම් කිරීමට ඉඩ ලබා දෙන අතර මින්කේ තල්මසුන් 217 ක් ඉන් කැපි පෙනේ. එය කුඩාම විශේෂ වලින් එකකි.

දත්ත වාර්තා අනුව පසුගිය වසර තුන තුළ තල්මසුන් මරා දැමීමෙන් පෙන්නුම් කළේ එම ක්‍රියාවෙන් රටට ආර්ථික ප්‍රතිලාභයක් නැති බවයි.

තල්මසුන් දඩයම 2023 වසරෙන් ඔබ්බට දීර්ඝ කරනවාද නැද්ද යන්න තීරණය කිරීමේදී මෙය ප්‍රධාන සාධකයක් වනු ඇතැයි එරට වාමාංශික හරිත පක්ෂයේ සාමාජික ස්වවාර්ස්ඩොටිර් පෙන්වා දෙයි.

දශක තුනක විරාමයකින් පසු ජපානය 2019 දී වාණිජ තල්මසුන් දඩයම් කිරීම නැවත ආරම්භ කළ විට, එය අයිස්ලන්තයේ තල්මසුන් අපනයනය සඳහා ඉල්ලුමේ සැලකිය යුතු පහත වැටීමක් ඇති කළ අතර දඩයම් කිරීම අඩු ලාභයක් බවට පත් කළේය.

එමෙන්ම කොවිඩ් සමාජ දුරස්ථ නීති මගින් අයිස්ලන්ත තල්මසුන් මස් සැකසුම් කම්හල් කාර්යක්‍ෂමතාවය අඩු කළ අතර, මසුන් ඇල්ලීම තහනම් වෙරළබඩ කලාපයන් දීර්ඝ කිරීම තල්මසුන් දඩයම් කිරීමේ පිරිවැය ඉහල දැමිනි.

අයිස්ලන්තයේ තල්මසුන් දඩයම් කිරීමේ ක්‍රියාකාරකම් එරට ආර්ථිකයට ඍණාත්මක බලපෑමක් ඇති කළ හැකි බව ද ස්වවාර්ස්ඩොටිර් මහත්මිය පැවසුවාය.

නිදසුනක් වශයෙන්, 2006 දී අයිස්ලන්තය වාණිජ තල්මසුන් දඩයම් කිරීම නැවත ආරම්භ වූ විට, එක්සත් ජනපදය පදනම් කරගත් හෝල් ෆුඩ්ස් සමාගම අයිස්ලන්ත නිෂ්පාදන අලෙවි කිරීම නැවැත්වීය.

තල්මසුන් ආශ්‍රිත සංචාරක කර්මාන්ත දැන් අයිස්ලන්තයේ වඩාත් සාර්ථක වී ඇති අතර, සාගර ක්ෂීරපායීන් දැකබලා ගැනීමේ අපේක්ෂාවෙන් තල්මස් නිරීක්ෂකයින් සිය දහස් ගණනක් 2019 දී දිවයිනට පැමිණ තිබේ.

දැනට වාණිජ තල්මසුන් දඩයම් කිරීමට නීතිමය ළුහෙය්න අවසර දී ඇති රටවල් වන්නේ අයිස්ලන්තය, නෝර්වේ සහ ජපානයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි