×

අහස තැඹිලි පැහැ කළ චීනයේ වැලි කුණාටු

මීට දින කිහිපයක සිට චීනයේ ඇති තිබෙන දැවැන්ත වැලි කුණාටුව තවම නිමා වී නොමැත.


බීජිං අහස මේ වන විට ඉතා තැඹිලි පැහැයක් ගෙන ඇති අතර වාතයේ ගුණාත්මක මිනුම් ප්‍රස්ථාර වල සටහන් වන්නේ මෙම තත්ත්වය අනතුරු දායක වූවක් බවයි.

එරට බටහිර කාන්තාර ප්‍රදේශවලින් වැලි සහ දූවිලි ගලා යාම පිළිබඳ පුළුල් අනතුරු ඇඟවීමක් පසුගිය අඟහරුවාදා උදෑසන වන තෙක් ක්‍රියාත්මක විය.

මොන්ගෝලියාවෙන් මෙම තත්ත්වය පළමුව වාර්තා වී අති අතර, දූවිල්-කුණාටුව හේතුවෙන් මේ වන විට එරට 341 දෙනෙකු අතුරුදන්ව ඇති බවට වාර්තා වේ.

චීනයේ බටහිරින් පිහිටි නිංෂියා හි සමහර පදිංචිකරුවන් කියා සිටියේ තමන් මධ්‍යම රාත්‍රියේ අවදි වන විට හුස්ම ගැනීමට නොහැකි බවක් දැනුන බවයි.

මොන්ගෝලියාවෙන් හමා ගිය වැලි කුණාටුවෙන් විශාල පීඑම් අංශුවල සාන්ද්‍රණය මයික්‍රො ග්‍රෑම් 8,000 ඉක්මවා ඇති බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වූවත්, වායුගෝලීය දුෂණය අතින් ද බීජිනය ප්‍රමුඛ නගරයක් බවට පත්ව ඇත.

පසුගියදා එලි දක්වන ලද වාර්තාවක සඳහන් වන්නේ ඉන්දියාවේ නව දිල්ලියද මෙම දුෂණය අතින් ඉහල අගයක් ගන්නා බවයිග

සහන් හේවාගමගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි