×

ආහාර නිශ්පාදන නිසා ලෝකයේ නිවර්තන කලාපයන් වල වන විනාශය ඉහළ ගිහින් ද?

කෝපි සිට සෝයා බෝංචි  වැනි ආහාර නිශ්පාදනය නිසාවෙන් සහ ඒ සඳහා දක්වන යුරෝපීය වෙළඳපොල නිසා නිවර්තන කලාපයේ වන විනාශයේ වේගය වේගවත් කර ඇති බව පර්යේෂකයහු පිරිසක් පසුගිය සඳුදා ප්‍රකාශ කරන්නට වූහ.


ධනවත් රටවල එක් එක් පුද්ගලයින්ට සාපෙක්ෂව වාර්ෂිකව ගස් 04ක් අහිමිවන බවත්, විශේෂයෙන්ම ජී7 රටවල් ඒ අතර කැපී පෙනේ.

උතුරු ඇමරිකාව සහ යුරෝපය තමන්ගේ දේශසීමා තුළ වනාන්තර ආවරණය පුළුල් කරන වැඩසටහනත්, ගෝලීය දකුණේ වන විනාශය මන්දගාමී කිරීමට දරන උත්සාහයත් මෙනිසා මන්දගාමී වන බව the journal Nature Ecology & Evolution වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

2015 දී, පරීක්‍ෂා කරන ලද සියලුම දත්ත මගින් කපා ඉවත් කල ගස් බිලියන තුනකට වඩා වැඩි බව පර්යේෂකයෝ සොයා ගෙන තිබේ.

ජපානය, ජර්මනිය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ ඉතාලිය යන ජී 7 රටවල් පහෙන් ඔවුන්ගේ වන විනාශ සටහනේ සියයට 91 ත් 99 ත් අතර ප්‍රමාණයක් ගෙන ඇති අතර, අනිත් රටවල් නිවර්තන කලාපයේ වෙයි.

සැබවින්ම චීනය හා ඉන්දියාව ඉතා වේගයෙන් වර්ධනය වී ඇති නමුත් ඒක පුද්ගල ගස් අහිමි වීම තවමත් ධනවත් රටවලට වඩා වඩා බෙහෙවින් අඩු බවත් එම සඟරාව පෙන්වා දෙයි.

එමෙන්ම ජී 7 එටවල් මහපරිමාණ වාණිජ බෝග නිවර්තන අඩු ආදායම් සහති රටවල පිහිටා ඇති නිසා, ශාඛ කපා ඉවත් කිරිම බහුලව දැකිය හැකිය.

ඉන්දුනිසියාව, ටැන්සානියාව සහ වියට්නාමය වැනි රටවල මෙවැනි මහ පරිමාණ වාණිජ ව්‍යාපාර ස්ථාපිතය.2019 දී නිවර්තන කලාපයේ සෑම තත්පර හයකට වරක් පැරණි-වැඩුණු ගස් ඇති කාලෑ පාපන්දු තණතීරුවක් තරමට විනාශ වෙයි. (barrons.com වෙතින්)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි