×

ඇවෙන්ජර්ස් 4 චිත්‍රපටයේ නම කරළියට-හල්ක් එලියට:

රූසෝ සහෝදරයන්ගේ ඇවෙන්ජර්ස් 3(Avengers 3) හෙවත් ඉන්ෆිනිටි වෝ(Infinity War) චිත්‍රපටයේ වූ අදහාගත නොහැකි අවසානයත සමග Marvel රසිකයන් සියලු දෙන බලා සිටියේ අලුත්ම මෙන්ම ශක්තිමත්ම MCU වීරයා (කැප්ටන් මාර්වෙල් ) චිත්‍රපටය හා ඇවෙන්ජර්ස් 4 චිත්‍රපටය වෙනුවෙනි. කැප්ටන් මාර්වෙල් චිත්‍රපටය Anna Boden, Ryan Fleck ගේ අධ්‍යක්ෂණයෙන් 2019.03.08 වන දින සිට තිරගත කිරීමට නියමිතය. එමෙන්ම ඇවෙන්ජර්ස් 4 චිත්‍රපටය […]


රූසෝ සහෝදරයන්ගේ ඇවෙන්ජර්ස් 3(Avengers 3) හෙවත් ඉන්ෆිනිටි වෝ(Infinity War) චිත්‍රපටයේ වූ අදහාගත නොහැකි අවසානයත සමග Marvel රසිකයන් සියලු දෙන බලා සිටියේ අලුත්ම මෙන්ම ශක්තිමත්ම MCU වීරයා (කැප්ටන් මාර්වෙල් ) චිත්‍රපටය හා ඇවෙන්ජර්ස් 4 චිත්‍රපටය වෙනුවෙනි.

කැප්ටන් මාර්වෙල් චිත්‍රපටය Anna Boden, Ryan Fleck ගේ අධ්‍යක්ෂණයෙන් 2019.03.08 වන දින සිට තිරගත කිරීමට නියමිතය. එමෙන්ම ඇවෙන්ජර්ස් 4 චිත්‍රපටය 2019.05.03 දින සිට තිරගතවනු ඇත. එසේ මංගල ප්‍රදර්ශනය වෙනුවෙන් දිනයක් නිවේදනය කර තිබුණද ඇවෙන්ජර්ස් 4 චිත්‍රපටයේ නම නිවේදනය කොට නොතිබුණි. නමුත් ඊයේ දිනයේ පටිගත කෙරුණු The Tonight Show වැඩසටහනට ආරාධිත රංගන ශිල්පියා ලෙස පැමිණි ඇවෙන්ජර්ශී හල්ක් චරිතයට පණ පොවන මයික් රෆෙලෝ ඒ සියල්ල අවුල් කර උඩු යටිකුරු කළේය. ඒ The Tonight Show හී නිවේදකයා අසන ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් චිත්‍රපටයේ නම හෙළි කරමිනි.

මයික් අතින් සිදුවුණු  වරද පිලිබදව සටහන් කරමින් ඔහු රූසෝ සහොයුරන්ට ට්විටර් පණිවුඩයක් යවා තිබුණු අතර ඔවුන් ඔහුට ප්‍රතිචාර දක්වා තිබුණේ “මයික් ඔබව ඉවත් කළා” යනුවෙනි.

ඊයේ දින උදෑසන ක්‍රිස් එවන්ස් හෙවත් කැප්ටන් ඇමරිකා, එය තමා මාර්වෙල් හී කැප්ටන් ඇමරිකා චරිතයට පණ පොවන අවසන් දිනය බව දන්වමින් ප්‍රකාශයට පත්කළ ට්වීටර් පණිවුඩයෙන් පසු කනස්සල්ලට පත්ව සිටි මාවෙල් රසිකයන්ට මයික්ගේ මේ හෙලිකිරීම සැබෑ ආශ්වාදයක් ඇතිකරන්නට සමත් විය.

එමෙන්ම මයික් රෆෙලෝගේ ඉල්ලීම මත The Tonight Show හී සංස්කාරක වරුන් එම ප්‍රකාශය සංස්කරණය කොට ප්‍රකාශයට පත් කොට ඇත. කෙසේවෙතත් නිල නොවන පුවත් පවසන්නේ ඇවෙන්ජර්ස් 4 චිත්‍රපටයේ නම ඇවෙන්ජර්ස්-ඇනයිලේශන් (Avengers Annihilation) බවයි. ඒ කෙසේ වෙතත් ඇවෙන්ජර්ස් 4 චිත්‍රපටයේ නම අද දින රාත්‍රියෙ නිල වශයෙන් නිවේදනය කරන බව රූසෝ සහෝදරයන් ප්‍රකාශයට පත්කොට ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි