×

ඉන්දීය ප්‍රාන්ත මැතිවරණයේ දී මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට ගුජරාටිහි විශිෂ්ට ජයක්

මෙම ජයග්‍රහණයත් සමඟ 2024 සිය අගමැති සිහිනය සුභ සිහිනයක් බවට පත්වනු ඇති බව විශ්ලේෂකයන් තොරතුරු දක්වයි.


ඉන්දීය ප්‍රාන්ත මැතිවරණයේදී අගමැති නරේන්ද්‍රසිං මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට ගුජරාට්හි දී විශිෂ්ට ජයක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම විසින් නිවේදනය කර තිබේ. එනම් ඔවුන් විසින් සමස්ත ආසන 182න් 157ක ප්‍රමාණයක් දිනා ගැනීමට මෙහිදී සමත් වී තිබේ.

මෝදි මහතා ගුජරාට් මැතිවරණය තමා පිළිබඳ ජනමත විචාරණයක් බවට පත් කර ගෙන ඇති අතර, මෙම ජයග්‍රහණයත් සමඟ 2024 සිය අගමැති සිහිනය සුභ සිහිනයක් බවට පත්වනු ඇති බව විශ්ලේෂකයන් තොරතුරු දක්වයි.

ප්‍රාන්ත මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා මැතිවරණ ප්‍රචාරක රැස්වීම් 30කට ආසන්න සංඛ්‍යාවකට සම්බන්ධ වූ මෝදී ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා තිබුණේ තමා හා භාරතීය ජනතා පක්ෂ රජය විශ්වාස කරන ලෙසයි.

ගුජරාටයේ මහාරාජා සයාජිරාඕ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය අමිත් ධොලකියා පවසන්නේ, මෝදිගේ දැඩි හින්දු ජාතිකවාදයේ දෘෂ්ටිය, ආර්ථික සංවර්ධනය පිළිබඳ පොරොන්දු වෙනුවෙන් ඡන්දදායකයින් අතර විශාල ආකර්ෂණයක් පවතින බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි