×

ඉරානයේ න්‍යෂ්ටික ගිවිසුම නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමේ සුදානමක ?

න්‍යෂ්ටික ගිවිසුම ප්‍රතිෂ්ඨාපනය වන්නේ නම් මෙතෙක් ඉරාන මූල්‍ය ආයතන 150 ක් සහ බැංකු 17 ක් වෙනුවෙන් පනවා ඇති සම්බාධක ලැයිස්තුවෙන් ඉවත් වන අතර දකුණු කොරියාව විසින් අත්හිටුවන ලද ඩොලර් බිලියන 7 ක් වටිනා ඉරාන වත්කම් නැවත නිදහස් කරනු ඇත. එමෙන් එක්සත් ජනපදය පනවන ලද සම්බාධක වෙනුවෙන් වසර දෙකහමාරක සහන කාලයක් ද ලැබෙන බව අනාවරණය වේ.


ඉරානය සහ බටහිර රටවල් අතර 2015 න්‍යෂ්ටික ගිවිසුම නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමේ යුරෝපීය යෝජනාවක් වෙනුවෙන් දෙපාර්ශවයම කැමැත්තෙන් පසුවන බව වාර්තා වේ.

ඉරානය හා චීනය, රුසියාව, ප්‍රංශය, ජර්මනිය සහ එක්සත් රාජධානිය යන රටවල් (JCPOA) ඒකාබද්ධව ඇතිකරගත් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ ගිවිසුම නැවත ප්‍රතිස්ථාපනය වුවහොත් JCPOA රටවල් දින 60ක් ඇතුලත කාල පරිච්ඡේද දෙකක් තුළ අදියර හතරකින් පුනර්ජීවනය වනු ඇති බව වාර්තා වේ.

තහවුරු නොකළ වාර්තාවලට අනුව, න්‍යෂ්ටික ගිවිසුම ප්‍රතිෂ්ඨාපනය වන්නේ නම් මෙතෙක් ඉරාන මූල්‍ය ආයතන 150 ක් සහ බැංකු 17 ක් වෙනුවෙන් පනවා ඇති සම්බාධක ලැයිස්තුවෙන් ඉවත් වන අතර දකුණු කොරියාව විසින් අත්හිටුවන ලද ඩොලර් බිලියන 7 ක් වටිනා ඉරාන වත්කම් නැවත නිදහස් කරනු ඇත. එමෙන් එක්සත් ජනපදය පනවන ලද සම්බාධක වෙනුවෙන් වසර දෙකහමාරක සහන කාලයක් ද ලැබෙන බව අනාවරණය වේ. මීට අමතරව ඉරානය න්‍යෂ්ටික අවියක් භාවිතා කර නොගන්නා බවට ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) විසින් සම්පූර්ණයෙන් ප්‍රතිස්ථාපනය කරන ලද නිරීක්ෂණ හරහා සහතික කළ යුතු බව එක්සත් ජනපදය මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

මේ සම්බන්ධයෙන් ඉරානය සිය පාර්ශවයෙන්රො ඉල්ලා ඇත්තේ පොරොන්දු වූ සම්පූර්ණ ආර්ථික ප්‍රතිලාභ භුක්ති විඳීම සහතික කළ යුතු අතර, එක්සත් ජනපද සම්බාධක ඵලදායී ලෙස ඉවත් කරන බවට සහතික විය යුතුය.

කෙසේ නමුත් ඊශ්‍රායලය ගිවිසුමේ විශාලතම විරුද්ධවාදියා ලෙස පවතී, අගමැති යායර් ලපිඩ් බ්‍රහස්පතින්දා ධවල මන්දිරයට පවසා තිබුණේ මෙම සාකච්ඡාවලින් ඉවත් වන ලෙසයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි