×

ඉහළ යන ඉන්ධන මිලට සාපේක්ෂව වට්ටම් කාඩ්පතක් පිළිබඳ සැළැස්මක්.

ඉහළ යන ඉන්ධන මිලට සාපේක්ෂව ඇමරිකානුවන්ට ඉන්ධන වට්ටම් කාඩ්පත් යැවීමේ සැලැස්මක් පිළිබඳ ජෝ බයිඩන් සලකා බලා තිබේ.


ඉහළ යන ඉන්ධන මිලට සාපේක්ෂව ඇමරිකානුවන්ට ඉන්ධන වට්ටම් කාඩ්පත් යැවීමේ සැලැස්මක් පිළිබඳ ජෝ බයිඩන් සලකා බලා තිබේ. එය තවමත් නීතිගත කර නොමැති අතර ඒ පිළිබඳව සලකා බැලෙන බව බයිඩන් වාර්තා කරුවන්ට ප්‍රකාශ කර තිබේ. මීට පෙර එවැනි යෝජනාවක් ධවල මන්දිරය විසින් ප්‍රතික්ෂප කර ඇති අතර මෙවර සැලැස්ම බැහැර කර නොමැත.

මීට අමතරව ෆෙඩරල් පෙට්‍රල් බද්ද තාවකාලිකව අත්හිටුවීමට සහාය දෙනවාද යන්න තීරණය කිරීමට සැලසුම් කරන බවද කියැවේ.

ඉන්ධන මිල ඉහළ යාම බරපතල ගැටලුවක්ව පැවතුනද, මෝටර් රථ සංගමය ප්‍රකාශ කර තිබුණේ එළැඹෙන සති අන්තයේ සැතපුම් 50 ක් හෝ ඊට වැඩි දුරක් මාර්ග චාරිකාවක් යාමට අපේක්ෂා කරන බවයි. මේ වෙනුවෙන් දළ වශයෙන් ඇමරිකානුවන් මිලියන 42 පමණ සහභාගි වෙතැයි, අපේක්ෂා කොරේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි