×

ඊයේ අත්සන් කළ ධාන්‍ය අපනයන ගිවිසුම රුසියාව අද කඩ කරයි.

මෙහිදී යුද්ධය හේතුවෙන් යුක්රේනයේ කළු මුහුදේ වරායන්හි අවම වශයෙන් ධාන්‍ය ටොන් මිලියන 22ක් පමණ සිරවී ඇති හෙයින් ඒවා සුරක්ෂිතව අපනයනය කිරීම මෙම ගිවිසුමෙන් බලාපොරොත්තු වූ අතර එය ලෝකයටම සුභාරංචියක් විය.


ගෝලීය ආහාර සුරක්‍ෂිතතාව සඳහා තීරණාත්මක වැදගත්කමක් ඇති ධාන්‍ය අපනයන ගිවිසුම තුර්කි ජනාධිපති එර්ඩොකාන් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ගුටරෙස්ගේ ප්‍රධානත්වයෙන් යුක්‍රේනයේ පාර්ශවය භාරව කටයුතු කළ එක්සත් ජාතීන්ගේ මානුෂීය ප්‍රධානී මාර්ටින් ග්‍රිෆිත්ස් සහ ගනුදෙනුවේ රුසියානු පාර්ශවය භාරව සිටින එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධන සමුළුවේ ප්‍රධානී රෙබෙකා ග්‍රින්ස්පන්ගේ මැදිහත් වීමෙන් ඊයේ දිනයේදී (22) ඉස්තාන්බුල්හිදී අත්සන් කරන ලදි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ගිවිසුම හඳුන්වා තිබුණේ බලාපොරොත්තුවේ ආලෝකයක් වශයෙනි.

මෙහිදී යුද්ධය හේතුවෙන් යුක්රේනයේ කළු මුහුදේ වරායන්හි අවම වශයෙන් ධාන්‍ය ටොන් මිලියන 22ක් පමණ සිරවී ඇති හෙයින් ඒවා සුරක්ෂිතව අපනයනය කිරීම මෙම ගිවිසුමෙන් බලාපොරොත්තු වූ අතර එය ලෝකයටම සුභාරංචියක් විය.


නමුත් අද වන විට තත්වය වෙනස් ය.
අද උදෑසන වන විට ධාන්‍ය අපනයනය කිරීමට නැව්ගත කරන වරාය නගරය ආශ්‍රිතව පිපිරීම් කිහිපයක් වාර්තා වී තිබේ. ගිවිසුම කඩකරමින් මොස්කවුහි ගුවන් ප්‍රහාර නැවත යුක්රේනයට එල්ල වෙමින් ඇත. මේත් සමඟ නැවත වරක් ලෝකයේම විවේචන රුසියාවට එල්ල වෙමින් ඇත.

පසුගිය දා එළිදක්වන ලද එක්සත් ජාතීන්ගේ ආහාර සුරක්ෂිතතා සහ පෝෂණ වාර්තාවේ 2022 සංස්කරණයට අනුව පසුගිය වසරේ මිලියන 828ක් හෙවත් ලෝක ජනගහනයෙන් සියයට 10ක් පමණ සාගින්නෙන් පීඩාවට පත්ව තිබේ. මෙම සංඛ්‍යාව යුක්රේන යුද්ධය හේතුවෙන්  මෙම වසර දෙගුණ තෙගුණ වවනු ඇති බව ලෝක ආහාර වැඩසටහන (WFP) අනතුරු අඟවා තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි