×

ඊශ්‍රායල් ”පොප් රජු” ස්විකා පික් මිය යයි.

ඊශ්‍රායල කලාකරුවන් සහ ප්‍රේක්ෂකයින් වඩාත් ගතානුගතිකව සිටි කාලයක ඔහුගේ විචිත්‍රවත් සහ ඇන්ඩ්‍රොජිනස් ඇඳුම්, දිගු කොණ්ඩය හේතුවෙන් පික්  80 සහ 90 ගණන්වල අනෙකුත් කලාකරුවන් අතර කැපී පෙණින. 2018 වසරේදී ඔහු පික් ආඝාතයකට ගොදුරු වූ අතර, එය ඔහුගේ කතාවට සහ චලනයට බාධාවක් විය.


ඊශ්‍රායලයේ “පොප් රජු” මෙන්ම මාස්ට්‍රෝ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ දක්ෂ ගීත රචකයෙකු සහ සංගීත සංයෝජකවරයෙකු වූ ස්විකා පික් මියගොස් තිබේ. මිය යන විට 72වන වියේ පසු වූ පික් සිය නිවසේදී මිය ගොස් ඇති අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණයව නොමැත.

1949 දී පෝලන්තයේ උපත ලැබූ පික් තරුණ වියේදී තම දෙමාපියන් සමඟ ඊශ්‍රායලයට සංක්‍රමණය වූ අතර වයස අවුරුදු පහේදී ශාස්ත්‍රීය සංගීතය හැදෑරීමට පටන් ගනු ලැබීය. නව යොවුන් වියේදී සංගීත කණ්ඩායම් කිහිපයක ගායන ශිල්පියා බවට පත් වූ ඔහු  1970 ගණන්වල පමණක් සංගීත ඇල්බම් නවයක් පමණ නිකුත් කළේය.

ඊශ්‍රායල කලාකරුවන් සහ ප්‍රේක්ෂකයින් වඩාත් ගතානුගතිකව සිටි කාලයක ඔහුගේ විචිත්‍රවත් සහ ඇන්ඩ්‍රොජිනස් ඇඳුම්, දිගු කොණ්ඩය හේතුවෙන් පික්  80 සහ 90 ගණන්වල අනෙකුත් කලාකරුවන් අතර කැපී පෙණින. 2018 වසරේදී ඔහු පික් ආඝාතයකට ගොදුරු වූ අතර, එය ඔහුගේ කතාවට සහ චලනයට බාධාවක් විය.

ඔහුගේ මරණය වාර්තා වීමත් සමඟ ඊශ්‍රායල් අගමැති යායර් ලපිඩ් ප්‍රකාශ කර තිබුණේ ඔහු අතහැර දැමූ ගීත සහ තනු ඉදිරි වසර ගණනාවක් දිගටම වාදනය වනු ඇති බවයි. එමෙන් ම ජනාධිපති අයිසැක් හර්සොග් ශෝක පණ්වුඩයක් නිකුත් කරමින් කියා තිබුණේ පික් ඊශ්‍රායලයේ සංස්කෘතික භූ දර්ශනයට නව ජීවයක් ලබා දුන් බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි