×

උතුරු ඇල්ජීරියාහි ලැව් ගිනි හේතුවෙන් 26 දෙනෙකු මරුට

2021 වසරේ මෙවැනිම වූ ලැව් ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 90 පමණ මිය ගොස් වනාන්තර හෙක්ටයාර 100,000 වඩා දැවී විනාශව ගිය බව රාජ්‍ය ආරංචි මාර්ග පවසයි.


උතුරු ඇල්ජීරියාහි ලැව් ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 26 දෙනෙකු මිය ගොස් විශාල ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව උතුරු ඇල්ජීරියාහි අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් නිවේදනය කර තිබේ.

ටියුනීසියාවේ දේශසීමා ආසන්නයේ එල් ටාර්ෆ් හි 24 දෙනෙකු සහ සෙටිෆ් හි මවක් සහ දියණියක් මෙලෙස මිය ගොස් ඇත.

උතුරු ඇල්ජීරියාවෙහි සිවිල් ආරක්ෂක ඒජන්සියට අනුව ලැව් ගින්න හේතුවෙන් එල් ටාර්ෆ් ප්‍රදේශය දරුණුතම බලපෑමට ලක් ව ඇති අතර ප්‍රදේශය පුරා ලැව්ගිනි 16 ක් පමණ ක්‍රියාත්මක වෙමින් පවතින බව අනාවරණය වේ. මේ හේතුවෙන් පදිංචිකරුවන් 350ක් පමණ ඉවත් කර ඇති අතර ගිනි නිවන භටයින්, හෙලිකොප්ටර් ආධාරයෙන්  ලැව්ගිනි කිහිපයක් පාලනය කිරීමට උත්සහ දරන බව වාර්තා වේ.

උතුරු ඇල්ජීරියාව ලැව් ගිනි හේතුවෙන් නිරන්තර පීඩාවට පත් වන අතර 2021 වසරේ මෙවැනිම වූ ලැව් ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 90 පමණ මිය ගොස් වනාන්තර හෙක්ටයාර 100,000 වඩා දැවී විනාශව ගිය බව රාජ්‍ය ආරංචි මාර්ග පවසයි. පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙන් මධ්‍යධරණී කලාපයේ රටවල් ගනනාවක් ලැව් ගිනි හේතුවෙන් විනාශ ව ගිය අතර යුරෝපයේ, ප්‍රංශය, ග්‍රීසිය, පෘතුගාලය, ස්පාඤ්ඤය සහ ඉතාලිය යන සියල්ලටම බලපෑම් එල්ල විය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි