×

“එලන් ඩිජෙනරස් ගේ වෙස්මුහුණු ගැලවෙයි – මරායා කේරි ඇගේ අඳුරු මතකය හෙලිකරයි! (වීඩියෝ සහිතයි)”

ගර්භනී කාන්තාවන් දෙවන ත්‍රෛමාසිකය දක්වා ගෙන යන තෙක් ඔවුන්ගේ ගැබ් ගැනීම රහසක් ලෙස තබා ගැනීම සාමාන්‍ය දෙයකි. එලන් ඩිජෙනරෙස් මරායා කේරිගෙන් ඇසුවේ ඇය ගැබ්ගෙන ඇත්ද යන්නයි. මරියා පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළ විට ඇය ෂැම්පේන් ගෙනැවිත් එය හෙළි කිරීමට බල කර ඇත.


ගර්භනී කාන්තාවන් දෙවන ත්‍රෛමාසිකය දක්වා ගෙන යන තෙක් ඔවුන්ගේ ගැබ් ගැනීම රහසක් ලෙස තබා ගැනීම සාමාන්‍ය දෙයකි. එලන් ඩිජෙනරෙස් මරායා කේරිගෙන් ඇසුවේ ඇය ගැබ්ගෙන ඇත්ද යන්නයි. මරියා පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළ විට ඇය ෂැම්පේන් ගෙනැවිත් එය හෙළි කිරීමට බල කර ඇත.

එලන් ඩිජෙනරස් ට පසුගිය කාලය පුරාම ගතකිරීමට සිදුවූයේ අතිශය වෙහෙසකර හා චෝදනා බරිත කාලවකවානුවකි. ඊට හේතුව වූයේ ඇගේ සම්මානලාභී ද එලන් ඩිජෙනරස් ශෝ නම් වැඩසටහනේ කාර්ය මණ්ඩලයට අමානුශික අන්දමින් සලකා තිබේ ය යන්න චෝදනා ගොනුවීමත් සමඟයි. මේ පිළිබඳ කතා බහ දැඩි ලෙස උණුසුම් වී තිබූ අයුරු පසුගිය කාලය තුළ දක්නට ලැබිණි.

කරුණාවේ උල්පත බඳුවූ එලන් ට, එකිනෙකා ට කරුණාව දක්වන්න (Be kind to one another) යැයි නිතර පැවසූ එලන්ට එල්ල වූ මෙම චෝදනා හමුවේ විවිධ පාර්ශවයන් ඈට සහයෝගය දක්වන පාර්ශවය හා ඈට විරෝධය දක්වන පාර්ශවයන් නියෝජනය කිරීම පටන් ගෙන තිබිණි. ඈට ගොනුවූ චෝදනා තහුවුරු කිරීම සඳහා ඈගේ කාර්යමණ්ඩලයේ හිටපු සාමාජිකයින් පමණක් නොව, හොලිවුඩයේ විවිධ තරු පවා දොඩමළු වී තිබූ අයුරු දක්නට ලැබිණි.

මෙම පුවතට යාවත්කාලීනයක් එක්කරමින් සුපිරි ගායිකා මරායා කේරි නෙත් කිලිපොලා යන සාක්ෂියක් දැන් ඉදිරිපත් කොට තිබේ. ඈ ආවර්ජනය කළ ඒ අඳුරු මතකය ඉන් මත්තට ද බොහෝ කලක් යන තුරු සිතින් විඳවූ බව මරයා කේරි පවසා තිබේ.

ඒ 2008 වර්ෂයයි. මරායා කේරි 2008 දී ද එලන් ගේ වැඩසටහනට සහභාගී වූ අතර, එහිදී තමා ගර්භණීභාවයේ පසුවන්නේ ද නැද්ද යන්න වැඩසටහන අතරතුර හෙළි කිරීමට එලන් බල කළ බව මාධ්‍යයට පවසා ඇත.

ඇතැම් හිටපු කාර්ය මණ්ඩල සේවකයින් කියා සිටියේ ඔවුන් වෛද්‍ය නිවාඩු හෝ වෙනත් අත්‍යාවශ්‍ය නිවාඩු ගත් පසු සේවයෙන් පහ කර දැමීමට එලන් කටයුතු කළ බවයි. තවත් සමහරු කියා සිටියේ එලන් කාර්යාලය අවට සිටී නම් ඇය සමඟ කතා නොකරන ලෙස ඔවුන්ට පවසා ඇති බව​යි.

මේ දිනවල එලන්ගේ හැසිරීම උකුසු ඇසට තුඩුදී තිබේ. ට්විටර් ජාලය මෙම සිදුවීම සම්බන්ධයෙන් ගිණි ඇවිලුණු කලාපයක් බවට පත්ව තිබේ. ඒ අනුව ට්විටර් ගිණුම් හිමියන් එලන්ගේ අමුතු තාලයේ හැසිරීම් හා ආකල්ප වලට උදාහරණ සෙවීමේ උත්සාහයක් ලෙස එලන් ෂෝ හි පැරණි ක්ලිප් නැවතත් කරළියට ගෙන එමින් සිටියි.

කෙසේ වෙතත්, එලන් 2008 දී මරායා කේරිට ෂැම්පේන් පිරිනැමූ අවස්ථාවේ ඇය ගැබ්ගෙන ඇත්ද නැද්ද යන්න තහවුරු කරන ලෙස ඉල්ලා සිටීමේ දර්ශනය තුළ මතභේදාත්මක මොහොතක් ඇති බව ප්‍රතික්ෂේප කළ නොහැකිය.

ෂැම්පේන් පානය කොට තමා ගර්භණී ද නැත් ද යන්න තහවුරු කර සිටින ලෙස ජාතික නාලිකාවක් ඉදිරිපිට කාන්තාවකට බල කර සිටීම කෙතරම් සදාචාර සම්පන්න ද? අතිශය පෞද්ගලික කරුණක් මෙසේ හෙලිදරව් කිරීමට බල කරමින් එලන් දැක්වූ හැසිරීම අතිශයින් ම පිළිකුල් සහගත බව විවේචකයින් ගේ මතයයි.

එලන් ඩිජෙනරස් ගේ රූපවාහිනී වැඩසටහනට සහභාගී වන්නේ ලොව සිටින ‘මෝඩම ප්‍රේක්ෂකාගාරය’ බවට ඇතැම් විචාරකයන් ගේ මතයයි. මීට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ එලන් කරනා කියනා සෑම දෙයකට ම අත්පුඩි ගසමින් සහ සිනා සෙමින් ඔවුන් කාලය ගත කිරීමයි.

 

කනගාටුවට කරුණ නම්, සම්මුඛ පරීක්ෂණයෙන් ටික කලකට පසු මරියාට ගබ්සාවකට ගොදුරු වීමට සිදුවූ ඇති අතර එලන් ඇයගේ ගර්භනී බව පිළිබද ප්‍රවෘත්තිය හෙළි කිරීමට බල කිරීම නිසා ගබ්සාව පිළිබද පුවතද ප්‍රසිද්ධියේ ආමන්ත්‍රණය කිරීමට මරායාට සිදුවිය.

සබැඳි පුවත්

කරුණාවේ උල්පත එලන් ඩිජෙනරස් කාර්‍යමණ්ඩලයට වෙනස්කම් කරාද?

එලන් ඩිජෙනරස්ට එරෙහි චෝදනා උත්සන්න වෙයි! කට ගඳ සේවකයින් මැදිරියෙන් එලවලා!!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි