×

“ඔබ තනිව ඇවිද නොයනු ඇත” – මෙතූ මෙනුවර ටොම් සීයා වෙනුවෙන් ගයයි

එංගලන්තයේ ලන්ඩන් නුවර වාසය කරන නව හැවිරිදි මෙතූ මෙනුවර විසින් පසුගිය පෙබරවාරි මස 2 වන දින මෙලොවින් සමුගත්, අද දින (27) නික්ම යන ටොම් මුවර් සීයා වෙනුවෙන් උපහාරයක් ලෙස "You will never walk alone" ගීතය ගායනා කර ඇත.


එංගලන්තයේ ලන්ඩන් නුවර වාසය කරන නව හැවිරිදි මෙතූ මෙනුවර විසින් පසුගිය පෙබරවාරි මස 2 වන දින මෙලොවින් සමුගත්, අද දින (27) නික්ම යන ටොම් මුවර් සීයා වෙනුවෙන් උපහාරයක් ලෙස “You will never walk alone” ගීතය ගායනා කර ඇත.

ඔහු තෝරාගෙන ඇති “You will never walk alone” ගීතය 1945දී රොඩ්ජර්ස් සහ හැමර්ස්ටයින්ගේ බ්‍රෝඩ්වේ නිර්මාණයක් වන කැරොසල් හි අන්තර්ගත ගීතයකි. මෙම නිර්මාණයේ දෙවන භාගයේදී මිය යමින් සිටින ප්‍රධාන චරිතය වන බිලී බිගෙලෝ සනසවමින් හා ධෛර්යමත් කරමින් ඔහුගේ බිරිඳවන නෙටී ෆවුලර් මෙම ගීය ගායනා කරයි. නමුත් 1963 වසරේදී ගෙරී ඇන්ඩ් ද පේස්මේකර්ස් සංගීත කණ්ඩායම විසින් මෙම ගීතය නව මුහුණුවරකින් ලොවට ඉදිරිපත් කරන අතර එතැන් පටන් You will never walk alone ගීතය ලිවර්පූල් පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩා තේමා ගීය බවට පත් වුණි.

නමුත් මෙම ගීය ටොම් සීයාට සම්බන්ධ වන්නේ 2020 වසරේදීයි. පසුගිය වසරේ අප්‍රේල් 30 වැනිදා කපිතාන් ටොම් මුවර් තමාගේ 100 වැනි උපන් දිනය සැමරූ අතර එම උපන් දිනය වෙනුවෙන් සිය ගෙවත්තේ සක්මන් වාර 100 ක් සම්පූර්ණ කිරීමට තීරණය කළ අතර ඒ සෑම ගමන් වාරයක් වෙනුවෙන්ම යම් මුදලක් පරිත්‍යාග කරන්නැයි ඔහු සමස්ත ලෝකයෙන්ම ඉල්ලා සිටියේය. පාදයේ ආබාධයකින්ද පෙළෙමින් සිටි ටොම් මුවර් සීයාගේ මෙම තීරණය ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙන්ම හිතවතුන්ද මවිතයට පත් කිරීමට හේතුවක් විය. මෙම උතුම් අවස්ථාව වෙනුවෙන් උපහාර පුදමින් ඉංග්‍රීසි ජාතික නළුවෙකු, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු හා ගායකයකු වන මයිකල් බෝල් විසින් You will never walk alone ගීතය BBC Breakfast වැඩසටහන ඔස්සේ සජීවීව ගායනා කළේය. එසේ ගයමින් ඔහු කියා සිටියේ “ඔබ වැනි සුවිශේෂි විරුවෙකු වෙනුවෙන් ගැයීමට මට මතක් වන හොඳම ගීය මෙයයි” යන්නයි.

මෙම ගීය වසර 100ක් නත්තල් ගීත දර්ශක වල ප්‍රථම ස්ථානය රැකගත් ප්‍රථම ගීය වන අතර 100ක් පුරා ලෝවැසියන්ගේ ආදරයට හා ගොරවයට පාත්‍ර වූ අයෙකු ලෙස කපිතාන් ටොම් මුවර් හැදින්විය හැක.

ටොම් මුවර් සීයාගේ ඉලක්කය වී තිබුණේ පවුම් දහසක මුදලක් එක්රැස් කර එම මුදල එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවයේ වෙනුවෙන්(NHS) පරිත්‍යාග කිරීමයි. ඔහුගේ මෙම උත්සාහය ලොවපුරා ඉතා උණුසුම් අන්දමින් පැතිර ගිය අතර අවසානයේදී පවුම් දහසක අරමුදල පවුම් මිලියන 32 ඉක්මවා ගොස් තිබිණි.

එපමණක් නොව ඔහුගේ මෙම උත්සාහය වෙනුවෙන් ඔහුට උපන් දින සුබපැතුම් පත් ලක්ෂ ගණනක් ලැබී තිබිණි.

ටොම් මුවර් සීයාගේ මෙම උත්සාහය ලොව තනි පුද්ගල විශාලතම ආධාර වැඩසටහන ලෙස වාර්තාවක් තැබීමට සමත් වූ අතර ඒ සඳහා වන ගිනස් වාර්තාවද ඔහුට හිමි විය. ඉනුදු නොනැවතී මෙම වීරයාගේ ධෛර්යය වෙනුවෙන් නයිට් නාමය පුද කිරීමටද එංගලන්ත මහ රැජිණ තීරණය කර තිබිණි.

මෙතූ සිය ගායනය අවසන් කරමින් මෙසේ පවසා සිටියි; “වීරයෙක් වීමට වයස බාධාවක් නොවන බව ඔබ අපට පෙන්වා දුන්නා, ඔබ සදහටම මගේ හදවතේ රැදෙනු ඇත; ස්තූතියි, සුබ ගමන්!”

ලෝකයටම විරුවෙක් වූ ටොම් මුවර් සීයාගේ ගුණ අනුස්මරණය කරමින් ඔහුට උපහාර දක්වමින් “You will never walk alone” ගීය ගායනය කරන පුංචි මෙතූව සැබැවින්ම අගය කළ යුතුය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි