×

ඔලිම්පික් උළෙලත් කල් දැමෙන ලකුණු

අද දින කැනඩාව 2020 තෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සිය මළල ක්‍රීඩකයන් නොයැවීමට තීරණය කළේය.


මේ තීරණය නිවේදනය කිරීමත් සමග ඔලිම්පික් උළෙල කල් දැමීමේ හැකියාව ගැන සලකා බැලීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ.

මේ අනුව ස්ථිර තීරණයක් ගැනීම සඳහා ඔවුන් විසින් සති 4 ක කාලයක් ප්‍රකාශයට පත් කරගෙන තිබේ.

2020 ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිත ව තිබුණේ ජපානයේ තෝකියෝ අගනුවර ය.

ඊයේ දිනයේ, කොරෝනා අවදානම ද නොතකා මියාගායි නගරයට ජපන් ක්‍රීඩා රසිකයන් රැස්ව සිටියේ ග්‍රීසියේ සිට ගෙන එනු ලැබූ ඔලිම්පික් ගිනිසිළුව දැක බලා ගන්නට ය. එහිදී සෙන්දායි වෙත 50,000 කට අධික පිරිසක් රැස්ව සිටියහ. කිලෝමීටර භාගය බැගින් වූ පෝලිම්වල පැය ගණන් මිනිසුන් රැඳී සිටින ආකාරය ද එහිදී නිරීක්ෂණය විය.

මෙම ඔලිම්පික් උළෙළ ජපානයට අති විශේෂ වූයේ 2011 භූමි කම්පාවෙන් පසු රටක් වශයෙන් ජපානය නැවතතත් නැගී සිටින බව පෙන්වාලීමේ අවස්ථාවක් ද ලෙස ය. ඒ නිසාම මෙය ජපාන මාධ්‍ය විසින් හඳුන්වා දී තිබුණේ ‘රිකවරි ඔලිම්පික්‘ යනුවෙනි.

මාර්තු 26 වැනිදා සිට ඔලිම්පික් ගිනි සිළුව ජපානය පුරා සංචාරය කිරීමට ද නියමිත ව තිබිණි.

නමුත් මෙයට දින 3කට පමණ පෙර ද වාර්තා වූයේ ජපානය ‘‘කොරෝනා රෝගයේ හදිසි පිපිරීමක්‘ බලාපොරොත්තු විය යුතු බව ය. ඩයමන්ඩ් ප්‍රින්සන් නෞකාවේ සිට පැමිණි පුද්ගලයන් පස්දෙනෙකුගෙන් එක් අයෙක් බැගින් යොකොහොමා පළාතේ නිරෝධානයට ලක් කළ ද ජපානයට වසංගතයෙන් බේරීමට ඉඩක් ලැබුණේ නැත. ඇතැමුන් ප්‍රකාශ කළේ ජපානය නිරෝධානය හෝ නිවෙස්වලට වී සිටීම සම්බන්ධයෙන් දැඩි රීති අනුගමනය නොකළ බවයි. චීනයේ සිට පැමිණෙන අයට පවා ජපානයට නිදහසේ ඇතුළු විය හැකි වූ අතර, මේ නිසා ජපානය ‘දෙවැනි වුහාන් පළාත‘ විය හැකි බවට ද විවේචනයක් එල්ල වී තිබිණි.

මාර්තු 18 වනදා වන විට ජපානය තුළ කොරෝනා බවට තහවුරු කර ගත් 800 දෙනෙකු වූහ.

කෙසේ නමුත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව උළෙල කල්දැමීමට තීරණය කළහොත් එය සිදුවනු ඇත්තේ ජපානය ගැන පමණක් නොව මුළු ලෝකයම ගැන සලකා බලමිනි.

ලෝකය දැන් මුහුණ දී තිබෙන දැඩි වසංගත තර්ජනය හමුවේ කැනඩාව, සිය ක්‍රීඩකයන් ඔලිම්පික් නොයවන බව පැවසූ පළමු රට බවට පත් වෙයි. ඉදිරි දිනවලදී තවත් රටවල් කැනඩාව අනුගමනය කරනු ඇත. ඒ අනුව දැන් වැඩි ඉඩක් පවතින්නේ 2020 තෝකියෝ ඔලිම්පික් උළෙල කල්දැමීම දෙසට ය.

Cover Photo: People take pictures in front of the Olympic flame, which is displayed outside Sendai station in Miyagi on March 21, 2020, after arriving from Greece for the Tokyo 2020 Olympics. PHOTO: AFP



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි