×

ඔස්ට්‍රේලියාව වෙව්ලයි!

ඇන්ටාක්ටිකා මහාද්වීපය පිස හමාඑන අසාමාන්‍ය හිම සුළඟක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පළාත් රැසක් දැඩි ශීතලකින් සහ අනපේක්ෂිත හිම පතනයකින් වෙව්ලුම් කමින් තිබේ.


මේ අනුව ගිනිකොණදිග ඔස්ට්‍රේලියාව එනම්, නිව්සවුත් වේල්ස්, වික්ටෝරියා සහ ටස්මේනියානු දූපත මෙම ශීතලට හසු ව ඇත.

මෙම ප්‍රාන්තවල නගර සම්පූර්ණයෙන්ම පාහේ හිමවලින් වැසී ගොස් තිබෙන්නේ නගරවාසීන් උද්දාමයට ද පත් කරමිනි.

#snow make it to #Canberra today වැනි හෑෂ්ටැග් යොදාගෙන ඔවුහු සමාජ මාධ්‍ය ඔස්සේ ඒවායේ ඡායාරූප පළ කරමින් සිටිති. මෙම හෑෂ්ටැග් යොදාගනිමින් ඔස්ට්‍රේලියානු කාලගුණික දෙපාර්තමේන්තුව ට්වීට් කර තිබුණේ විශාල හිම පියළි පාර්ලිමේන්තු මන්දිරය මතට ද පතිතව තිබූ බවයි.

පළාත් කිහිපයකටම මීටරයකටත් වඩා උස හිම කඳු අත්දැකීමට හැකි විය. එනම් ඇතැම් ස්ථානවලට ඇතිවූ හිම පතනය අඩි 3.3 ද ඉක්මවීය.

දරුණු හිම පතනය සහ වේගවත් සුළං හේතුවෙන් ඇතැම් මාර්ග වසා දැමීමට ද සිදුව තිබේ.

නිව් සවුත් වේල්ස් ජනපදයේ පසුගිය වසරේ දරුණු ලැව්ගිනි වලට හසුවු පළාත් ද දැන් වැසී ගොස් තිබෙන්නේ සුදු-නිල්පාට හිම තට්ටුවලිනි.

හිම වැස්ම මත ඇවිද යන වොලබි සතෙක් | Sky News

මෙම කාලගුණික තත්වය ඉදිරි දින කිහිපය පුරාම පවතිනු ඇති බව ද වාර්තා වේ.

ඡායාරූප – Sky News



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි