×

කංගනාගේ ට්විටර් ගිණුම අත් හිටුවයි

බොලිවුඩ් සිනමාවේ මතබේදකාරි අදහස් පළකරන, සම්මානනීය නිළියක වන කංගනා රනාවුත්ගේ ට්විටර් ගිණුම අත්හිටුවීමට ට්විටර් සමාගම කටයුතු කර තිබේ.


ප්‍රචණ්ඩකාරී මත සිය ට්විටර් ගිණුමේ සදහන් කිරීම මීට හේතු වී ඇත. මෑතකදී බටහිර බෙංගාලයේ බලය මමතා බැනර්ජි විසින් දිනාගැනීමත්, මැතිවරණයෙන් පසුව ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියාත්, රජයට සම්බන්ධ විවිධ බලවතුන්ගේ නාම සදහන් කරමින් ඇය විවේචනය කර තිබිණි.

ගිණුම අත් හිටුවීම පිළිබදව, එම සමාගම ප්‍රකාශයක් නිකුත් කර නැතත්, එහි නියෝජිතයෙකු සදහන් කළේ, කංගනා දිගින් දිගටම වයිරී සහගත ප්‍රකාශ නිකුත් කරමින්, සහ හැසිරීම් දක්වමින් එම මාධ්‍ය ජාලවලට අයත් නීති කඩමින් සිටි බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය ද මෙසේ පවසා තිබිණි.

“මගේ හඩ නංවන්න තවත් වේදිකා තිබෙනවා. එය මම භාවිතයේ යෙදෙන සිනමාවේදී වුණත් කරන්න පුලුවන්. ට්විටර් සමාගම මෙයින් කළේ, මම කී දේ සනාථ කිරීමයි. ඔවුන් ඇමරිකානුවන්, උපතින්ම සුදු ජාතික මිනිසුන් හිතනවා, ඔවුන්ට අයිතිය තිබෙනවා කියල, දුබුරු සමක් ඇති මිනිසුන්ට කියදෙන්න, ඔවුන් කියන්න කරන්න ඕනෙ මොනවද කියලා. නමුත් මගෙ හදවත දුවයන්නෙ මේ රටේ මිනිසුන් එක්ක. ඔවුන් අවුරුදු දහස් ගණනක් පීඩාවිදිමින්, දුක් විදිමින්. ඒ දුක් විදීමට අවසානයක් නැහැ.”

මීට ඉහතදීත්, බොලිවුඩ් නළුවකු වූ සුශාන්ත් සිංගේ දිවිනසාගැනීම සම්බන්ධයෙන් කංගනා ට්විටර් ගිණුම් ඔස්සේ යම් මතවාදයක් සමාජගත කිරීමට උත්සාහ කළාය. ඔහු දිවිනසාගැනීමට හේතුව, ඔහු වැනි නවක දක්ෂයන් නොතකා බොලිවුඩ් සිනමාවේ අධ්‍යක්ෂවරුන් සිය සමීපතම යහලු නළු නිළියන්ට පමණක් රංගන අවස්ථා දීම බව ඇය කීවාය. මේ හේතුවෙන් ඒ සම්බන්ධව වෙනම විමර්ශන ද ඇරඹුණි.

බොහෝ නළු නිළියන් සම්බන්ධයෙන් ද ඇය සෘජුව සිය මතබේදාත්මක අදහස් ට්විටර් ගිණුමෙහි මින් පෙරද සදහන් කර තිබේ.

ඩිල්ෂානි චතුරිකා දාබරේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි