×

කන්දහාර් අල්ලාගත් තලෙයිබාන් සටන්කාමීන් කාබුල් අගනුවර වෙත

ඇෆ්ගනිස්ථානය නැවතත් තලෙයිබානය බවට පත්වීම නොවැළැක්විය හැකි දෙයක් බව පෙනේ.


ඊයේ දිනයේ ඇෆ්ගනිස්ථානයේ දෙවැනි විශාලතම නගරය වන, අතීතයේ තලෙයිබාන් බලකොටුවක් ව පැවති ‘කන්දහාර්‘ නැවත අල්ලා ගැනීමට තලෙයිබාන් සටන්කාමීන් සමත් වූ අතර, මේ වන විට ඔවුහු කාබුල් අගනුවර බලය අල්ලා ගැනීම සඳහා සටන් කරමින් සිටිති.

පවතින තත්වය තුළ වහාම ඉවත් වන ලෙසට කාබුල් නුවර සිටි ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරීන් වෙත දැනුම් දී තිබේ.

තවද, එසේ ඉවත්වීමට පෙර සංවේදී තොරතුරු සහිත සියලු ලිපිගොනු හා තාක්ෂණික මෙවලම් විනාශ කර දමන ලෙස ද ඔවුන්ට උපදෙස් දෙනු ලැබීය.

මේ වන විට ඇෆ්ගනිස්ථානයේ පළාත්බද අගනුවරවලින් හරි අඩක් පමණ ඇෆ්ගන් ග්‍රහණයට නැවත නතු වී තිබේ.

ඉදිරි පැය 72 ඇතුළත හෝ උපරිම වශයෙන් සතියක් ඇතුළත කාබුල් අගනුවර බලය ඔවුන් විසින් අල්ලා ගනු ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

ඇමරිකානු ජනපති ජෝ බයිඩන්, ඇෆ්ගනිස්ථානයේ සිවිල් ජන ජීවිත ආරක්ෂා කිරීම සඳහා කළ යුතු දේ ගැන රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්, ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සහ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් සමග හදිසි සාකච්ඡා පවත්වා ඇත. තවද බ්ලින්කන් සහ ඔස්ටින්, ඇෆ්ගන් ජනපති අෂ්රෆ් ගානි සමග උද්ගත ව ඇති තත්වය පිළිබඳ සාකච්ඡා පවත්වා තිබේ.

ගතවූ පැය 72 ඇතුළත තලෙයිබාන් සටන්කාමීන් 1,000 ක් පමණ මරා දැමුණු බව ඇෆ්ගන් ආරක්ෂක අමාත්‍යාංශයේ නිල ට්විටර් සටහනක දැක්වේ. එහි තවදුරටත් සඳහන් වන්නේ තලෙයිබාන් සංවිධානයේ ගුවන් හමුදා බලය, ඇෆ්ගන් හමුදා බලය පරදවා ඇති බවයි.

ඇෆ්ගනිස්ථානයේ සිට විශේෂ සංක්‍රමණික අවසරය යටතේ ඇමරිකාව බලා පළා යාම සඳහා මේ වන විට 20,000 දෙනෙකු පමණ වීසා අයදුම් කර තිබේ.

එසේ කිරීමට හැකියාවක් නැති තවත් සිය දහස් ගණන් දෙනා තලෙයිබාන් සංහාරයෙන් මිදීමට පළා යමින් සිටිති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි