×

කාබුල්හි සික් කෝවිලකට එල්ල වූ ප්‍රහාරයකින් දෙදෙනෙකු මරුට.

ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සික් කෝවිලකට අද (18) තුවක්කුකරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගිය බව කාබුල් පොලිසිය විසින් නිවේදනයක් නිකුත්කර තිබේ. තුවක්කුකරුවන් හත් දෙනෙකු අද අලුයම සික් විහාරයට කඩා වැදීමට උත්සහ කර ඇත. ඔවුන් විසින් දොරටුවේ සිටි ආරක්ෂක නිලධාරියා වෙත අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, විහාරය පරිශ්‍රය තුළ පැය කිහිපයක් […]


ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සික් කෝවිලකට අද (18) තුවක්කුකරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගිය බව කාබුල් පොලිසිය විසින් නිවේදනයක් නිකුත්කර තිබේ.
තුවක්කුකරුවන් හත් දෙනෙකු අද අලුයම සික් විහාරයට කඩා වැදීමට උත්සහ කර ඇත. ඔවුන් විසින් දොරටුවේ සිටි ආරක්ෂක නිලධාරියා වෙත අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, විහාරය පරිශ්‍රය තුළ පැය කිහිපයක් පැවති ගැටුමකින් පසු තුවක්කුකරුවන් හත් දෙනාම මරා දැමූ බව සඳහන් වේ. ප්‍රහාරයේ වගකීම මේ වන තෙක් කිසිවෙකු භාරගෙන නොමැති අතර, රාජ්‍ය පුවත් ඒජන්සිය මේ පිළිබඳ වාර්තා කරමින් ප්‍රකාශ කර ඇත්තේ මෙමගින් ආරක්ෂක හමුදා සාමාජිකයෙකු සහ සීක් බැතිමතෙකු මිය ගිය බවයි.
මෙම ප්‍රහාරය එල්ලවන මොහොතේ විහාරස්ථානය තුළ බැතිමතුන් 30 පමණ සිටි බවත් ඔවුන්ගෙන් කී දෙනෙකු ජීවත් වනවාද මිය ගියාද අප නොදන්නා බව විහාරස්ථාන නිලධාරී විසින් රොයිටර් පුවත් සේවය වෙත ප්‍රකාශ කර ඇත. ප්‍රහාරකයන් විසින් මෙම ප්‍රදේශයේම කාර් බෝම්බයක් ද පුපුරවා හැර ඇති අතර ඉන් ජීවිත හානි කිසිවක් මේ වන තෙක් වාර්තා වී නොමැත. ඇෆ්ගනිස්ථානය තුළ සික් ජාතිකයන් සංඛ්‍යාත්මකව සුළු අගයක් වාර්තා කරයි. එම ප්‍රජාවට තලෙයිබාන් පාලනයෙන් ඇතිවන ගැහැට සුළුපටු නොවේ.
එක්සත් ජාතීන්ගේ සහය දූත මණ්ඩලය විසින් මෙම ප්‍රහාරය හෙළා දකිමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ සාමාන්‍ය ජනතාවට පහර දීම වහාම නවතා දැමිය යුතු බවත් සීක්, හසාරා සහ සුෆි ඇතුළු සියලුම සුළු ජාතීන් ආරක්ෂා කළ යුතු බවත්ය. ඇෆ්ගනිස්ථානයේ යුරෝපීය සංගමයේ තානාපතිවරයා විසින් මෙම ප්‍රහාරය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ ආගමික (සහ වාර්ගික) බහුත්වවාදය පූර්ණ බලයෙන් ආරක්ෂා කළ යුතු බවයි. ඉන්දීය විදේශ අමාත්‍යංශය විසින් කාබුල් නගරයේ සික් විහාරයට එල්ල වූ මෙම ප්‍රහාරය පිළිබඳ රජය කරන ලද මෙම නිවේදනය පිළිබඳ කනස්සල්ලට පත්ව සිටින බව ප්‍රකාශ කොට තිබේ.

සශිකලා මධුෂාණී_

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි