×

රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චොදනා මත ජර්මනියේ 25 දෙනෙකු අත්අඩංගුවට

මෙම වැටලීම නූතන ජර්මානු ඉතිහාසයේ විශාලතම අන්තවාදී විරෝධී මෙහෙයුමක් ලෙස විස්තර කෙරේ.


අන්ත දක්ෂිණාංශික සහ හිටපු හමුදා නායකයින් කණ්ඩායම රීච්ස්ටැග් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී බලය අල්ලා ගැනීම සඳහා කුමන්ත්‍රණය කළ බවට සැකපිට ජර්මනිය පුරා සිදුකළ වැටලීම්වලින් පුද්ගලයන් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම වැටලීම නූතන ජර්මානු ඉතිහාසයේ විශාලතම අන්තවාදී විරෝධී මෙහෙයුමක් ලෙස විස්තර කෙරෙන අතර ජර්මනියේ ප්‍රාන්ත 16 න් 11 ක නිලධාරීන් 3000කට අධික සංඛ්‍යාවක් මෙහෙයුම් 150ක් දියත්කර මෙම අත්අඩංගුවට ගැනීම් කර තිබිණ.

නූතන ජර්මානු රාජ්‍යය පිළිගැනීම ප්‍රතික්ෂේප කරන පැරණි වංශාධිපති පවුලක හෙන්රිච් XIII නම් අයෙක් විසින් මෙම කුමන්ත්‍රණයන් සැළසුම් කළ බවට තොරතුරු වාර්තා වන අතර ප්‍රචණ්ඩ ප්‍රහාර සහ ජාතිවාදී සහ යුදෙව් විරෝධී කුමන්ත්‍රණ න්‍යායන් සම්බන්ධයෙන් දිගු කලක් තිස්සේ ජර්මානු පොලිසියේ අවධානයට ලක්ව ඇති අන්තවාදී රීච්ස්බර්ගර් ව්‍යාපාරයේ සාමාජිකයින් හා QAnon ව්‍යාපාරයේ සාමාජිකයන් මෙම කුමන්ත්‍රණයට ඇතුලත් බව අනාවරණය වේ.

ඔවුන් හමුදාවේ ක්‍රියාකාරී සහ හිටපු සාමාජිකයින්යන්, විශේෂ ඒකකවල හිටපු ප්‍රභූ සොල්දාදුවන්ගෙන් සමන්විත වූ බව නිලධාරීන් විශ්වාස කරනු ලැබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් අභ්‍යන්තර කටයුතු ඇමති නැන්සි ෆයිසර් ප්‍රකාශ කර තිබුණේ, ප්‍රජාතන්ත්‍රවාදයේ සතුරන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි