×

ගහකොලට ආදරය කිරීමට කියාදුන් ඉන්දියාවේ බාහුගුනා සීයා දැයෙන් සමුගනී

සුන්දර්ලාල් බාහුගුනා හෙවත් ඉන්දියාවේ වයස්ගත පරිසර ක්‍රියාකාරියෙකු වන “ගස් වැලඳ ගැනිමේ මිනිසා“ පසුගියදා කොවිඩ් ආසාදනය වීමෙන් දැයෙන් සමුගත්තේය.


වයස අවුරුදු 94 වන මියගිය බාහුගුනා, පරිසරය ආරක්ෂා කිරීම සඳහා ගස් වැළඳ ගැනීමට ඉන්දියානුවන්ට ඉගැන්වූ පුද්ගලයා ලෙස ලොව පුරා ප්‍රසිද්ධ විය.

ඔහු 1970 දශකයේ උතුරු ඉන්දියාවේ චිප්කෝ ව්‍යාපාරයේ ප්‍රධාන නායකයෙකි.

හින්දි බසින් චිප්කෝ යන්නෙහි තේරුම “වැළඳ ගැනීම” යන්නයි.

එවකට බාහුගුන සහ සෙසු ක්‍රියාකාරිකයෙකු වන චන්දි ප්‍රසාද් භට්ගේ දේශනවලට සවන් දීමෙන් පසුව ඉන්දියානු හිමාලයෙහි දිවි ගෙවු තරුණ පිරිස් වැලඳගෙන ගස් වැල් බැඳගෙන එම ගස් කපා දැමීමට විරුද්ධව හඬ නැගීය.

ඉන් ගම්‍ය වූයේ ‘අපේ ගස් ඉදිරිපිට අපගේ සිරුරු’ යන ප්‍රබල සංකේතයකි යන්නයි.

එය එදවස ලෝකයේ උසම කඳුකරයේ පාරිසරික අර්බුදය නිසා ඇති වූ විනාශය ලෝකයේ අවධානයට යොමු කළ ව්‍යාපාරයක් බවට පත්විය.

ඉන් වසර කිහිපයකට පසු බාහුගුන සහ සෙසු ක්‍රියාකාරීන් ගස් වැලඳ ගැනීමට පටන් ගත්හ.

එය සමාජ ව්‍යාපාරයක් විය. සොබාදහම ආරක්ෂා කිරීම සඳහා තරුණයින් රුධිරයෙන් දිවුරුම් දුන්නා.

කෙටි කලකින් කාන්තාවන් අතර අතිශය ජනප්‍රිය සමාජ ව්‍යාපාරයක් බවට මෙය පත් විය.

විද්‍යාලයේ සිසුන් සහ කාන්තාවන් වැඩි වශයෙන් ඔවුන් හා එක් විය.

ඔවුන් සාමකාමී ලෙස උද්ඝෝෂණ පැවැත්වූ අතර, ගස් වැළඳගෙන නිරාහාරව සිටියහ.

1981 දී ඔවුන් නිරාහාරව සිටීමෙන් උත්තරකහන්ද් හි ගස් කැපීම වසර 15 ක තහනමක් පැනවිය.

වසර දෙකකට පසු ඔහු හිමාලයේ කිලෝමීටර් 4,000 ක් (සැතපුම් 2,500 ක්) ගමන් කළේ පාරිසරික හායනය කෙරෙහි අවධානය යොමු කරමිනි.

බාහුගුනා කුඩා ආරාමායක ජිවිත් විය. ඔහු භෞතිකවාදය හෙළා දුටුවේය. (බීබීසී වෙතින්)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි