×

ගින්ස්බර්ග් විනිසුරුවරියගේ අවමංගල්‍යයට ගිය ට්‍රම්ප්ට ‘හූ‘ සංග්‍රහයක්

අභාවප්‍රාප්ත රූත් බේඩර් ගින්ස්බර්ග් විනිසුරුවරිය ගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයට යන අවස්ථාවේ දැඩි ‘හූ’ හඬකට මැදි වන්නට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිදු විය.


ජනාධිපතිවරයා සහ එම ආර්‍යාව ගින්ස්බර්ග් විනිසුරුවරිය ගේ දේහය අසල තම ගෞරව දක්වන අවස්ථාවේ ඔහුට විරුද්ධව තම ඡන්දය භාවිත කරන්නැයි (vote him out) රැස්ව සිටි ජනකාය ඝෝෂා නැගූහ.

අභාවප්‍රාප්ත විනිසුරුවරිය ලිබරල් සංකේතයක් ලෙස සැලකෙන අතර ගබ්සාව, සමරිසි විවාහ, ඡන්ද අයිතිය, සංක්‍රමණික අයිතිවාසිකම් යනාදිය ගැන ඇය විසින් සුවිශේෂී සහ නිර්භය තීන්දු ගණනාවක් ලබා දී තිබේ.

මේ අතර ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු දේශපාලනය තුළ ලකුණු කරන්නේ ලිබරල් අයිතිවාසිකම් නොව එහි විරුද්ධාර්ථයයි.

අභාවප්‍රාප්ත ගින්ස්බර්ග් විනිසුරුවරිය ට්‍රම්ප් පිළිබඳ දැරූ මතය පසුගියදා හෙළිදරව් වූයේ තමන්ගේ අනුප්‍රාප්තිකයා පත් කළ යුත්තේ ට්‍රම්ප් විසින් නොවන බවට ඇය සිදුකළ ඉඟියක් මාධ්‍ය විසින් වාර්තා කිරීමත් සමග ය.

එහිදී ඇය සිය මිනිබිරිය සමග, මරණයට දින කිහිපයකට පෙර ලියා යවා තිබුණේ ‘‘මා මහත් උනන්දුවෙන් පවතන්නේ මා වෙනුවට පත් කරන තැනැත්තා මීළඟ ජනාධිපතිවරයාගේ පත්වීමෙන් පසුව සිදුවන බව දැකීමයි‘‘ යනුවෙනි.

කෙසේ නමුත් රූත් ගින්ස්බර්ග් විනිසුරුවරියගේ අභාවය ද ඡන්ද පදනම වැඩි කර ගැනීමට අවස්ථාවක් ලෙස සැලකූ ට්‍රම්ප්, ඇගේ අභාවය සැළ වූ වහාම පවසා තිබුණේ, ‘‘මම ඇය වෙනුවට අනිවාර්යයෙන්ම කාන්තාවක් පත් කරනවා. මොකද මම පිරිමින්ට වඩා කාන්තාවන්ට කැමතියි‘‘ යනුවෙනි.

මේ තත්වය තුළ ගින්ස්බර්ග්ගේ අවමංගල්‍යයට ගිය ට්‍රම්ප්ට හූ සංග්‍රහයක් ලැබීම පුදුමයට කාරණයක් නොවේ.

පෙර ලිපි

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙන්ම ජීවිත රඟ මඬලෙන් ද සමුගත් ‘නොටෝරියස්‘ විනිසුරුවරිය – රූත් ගින්ස්බර්ග්

‘‘ශ්‍රේෂ්ඨාධිකරණයට කාන්තාවක් පත් කරනවා..-මොකද මම කාන්තාවන්ට ගොඩක් කැමතියි!‘‘ – ට්‍රම්ප් කිරි කළයට ගොම මුසු කරයි!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි