×

චීනය විසින් බැලස්ටික් මිසයිල දියත් කිරීම අරඹයි. (video)

චීනය ශීඝ්‍රයෙන් සිය සන්නද්ධ හමුදාවන් ගොඩනගමින් සිටියි. ඔවුන් මෑතක දී නව ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ද දියත් කරනු ලැබීය. චීන ජනාධිපති 2035 වන විට චීනයේ සන්නද්ධ හමුදාවන් නවීකරණය කළ යුතු බවට නියෝග කර ඇති අතර ඔවුන් 2049 වන විට ඔවුන් යුද්ධ සටන් කර ජයග්‍රහණය කිරීමට සමත් ලෝක මට්ටමේ මිලිටරි බලයක් බවට පත්විය යුතු බව ඔහු පවසයි.


චීනය විසින් තායිවානයේ ඊසානදිග සහ නිරිතදිග වෙරළ තීරය ආසන්නයේ දියත් කර ඇති ආක්‍රමණශීලී යුද අභ්‍යාස අතර ජලයට Dongfeng බැලස්ටික් මිසයිල කිහිපයක් දියත්කර ඇත.

මෙම මිසයිල චීනයේ මහජන විමුක්ති හමුදාව විසින් මෙහෙයවනු ලබන ඒවා වේ. මෙම මිසයිල දියත් කිරීමට ප්‍රතිචාර වශයෙන් තායිවානයේ ආරක්ෂක පද්ධති සක්‍රීය කර ඇති බව තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළ අතර කලාපීය සාමය විනාශ කිරීම හෙළා දකින බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ USS Ronald Reagan ගුවන් යානා වාහක නෞකාව තායිවානයට ගිනිකොන දෙසින් ජලය ඇතුළු සාගර කලාපය වෙත ගමන් කරන බවයි.

පවතින තත්වය කලාපීය ආරක්ෂාවට තර්ජනයක් හෙයින් එය සාමකාමීව විසඳා ගන්නා ලෙස ජපානය ඇතුළු G7 රටවල විදේශ අමාත්‍යවරු බදාදා චීනයෙන් ඉල්ලා සිටියහ. මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු වන Hua Chuning කියා සිටියේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් බීජිං දැඩි අප්‍රසාදය පළ කරන බවයි.

මේ වන විට තායිවානයට සහ ඉන් පිටවන ගුවන් ගමන් අවලංගු කර ඇති අතර තායිවානයේ Taoyuan ජාත්‍යන්තර ගුවන්තොටුපළ බදාදා ප්‍රකාශ කළේ චීනයේ සජීවී ගිනි අභ්‍යාස හේතුවෙන් බ්‍රහස්පතින්දා ජාත්‍යන්තර ගුවන් ගමන් 50 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර ඇති බවයි. මේවාට තායිවානයට පැමිණෙන ගුවන් ගමන් 26ක් සහ Taoyuan ගුවන් තොටුපළෙන් පිටත් වන ගුවන් ගමන් 25ක් ඇතුළත් විය.

චීනය ශීඝ්‍රයෙන් සිය සන්නද්ධ හමුදාවන් ගොඩනගමින් සිටියි. ඔවුන් මෑතක දී නව ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ද දියත් කරනු ලැබීය. චීන ජනාධිපති 2035 වන විට චීනයේ සන්නද්ධ හමුදාවන් නවීකරණය කළ යුතු බවට නියෝග කර ඇති අතර ඔවුන් 2049 වන විට ඔවුන් යුද්ධ සටන් කර ජයග්‍රහණය කිරීමට සමත් ලෝක මට්ටමේ මිලිටරි බලයක් බවට පත්විය යුතු බව ඔහු පවසයි. බොහෝ බටහිර නිරීක්ෂකයින් විසින් විශ්වාස කරනුයේ මිලිටරි බලයෙන් ගෝලීය තුලනයෙහි ගැඹුරු වෙනසක් සිදුවෙමින් පවතින බවයි.

සශිකලා මධුෂාණී_

https://www.bbc.com/news/live/world-asia-62404233?ns_mchannel=social&ns_source=twitter&ns_campaign=bbc_live&ns_linkname=62ebaa0e2ea3472fbde82725%26WATCH%3A%20Missile%20launch%20shown%20on%20Chinese%20state%20TV%262022-08-04T11%3A24%3A52.674Z&ns_fee=0&pinned_post_locator=urn:asset:a7acf2e8-f347-4ba5-a84d-d36f2689a35c&pinned_post_asset_id=62ebaa0e2ea3472fbde82725&pinned_post_type=share



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි