×

ට්‍රිපිලියා ; නැඟෙනහිර යුරෝපයේ නැතිවූ ශිෂ්ටාචාරය

ට්‍රිපිලියා හි ජනතාව ඔවුන්ගේ කාලයේ සියලුම තාක්‍ෂණික නවෝත්පාදනයන් පාහේ ක්‍රියාත්මක කිරීමට සමත්ව ඇති බව කැණීම් මඟින් අනාවරණය වන අතර ඔවුන් උසස් උඳුන් රටා සහ වර්ණවලින් සරසා ඇති නවීන පිඟන් භාණ්ඩ භාවිත කර ඇත.


මෝල්ඩෝවා, රුමේනියාව සහ යුක්රේනයේ කරන ලද කැණීම්වලින් දියුණු ඉදිකිරීම් ශිල්පීය ක්‍රම සහ විශාල ජනගහණයෙන් හැඩගස්වා ඇති පුරාණ නගර අනාවරණය වේ. කැණීම් කරන ලද ජනාවාස නවීන පුරාවිද්‍යාඥයින්ට නාගරීකරණය පිළිබඳ පැරණිතම උදාහරණවලින් එකක් ලබා දෙන අතර මිලියනයක් ඉක්මවූ ජනගහනයක් විසූ බවට අපේක්ෂා කරයි.


ට්‍රිපිලියා හි ජනතාව ඔවුන්ගේ කාලයේ සියලුම තාක්‍ෂණික නවෝත්පාදනයන් පාහේ ක්‍රියාත්මක කිරීමට සමත්ව ඇති බව කැණීම් මඟින් අනාවරණය වන අතර ඔවුන් උසස් උඳුන් රටා සහ වර්ණවලින් සරසා ඇති නවීන පිඟන් භාණ්ඩ භාවිත කර ඇත. එමෙන්ම වර්ග මීටර් 700ක් තරම් විශාල ගොඩනැගිලි සඳහා ඉදිකිරීම් ශිල්පීය ක්‍රම භාවිත කළ බවට සාක්ෂි ඇත. සොයාගත් වස්තූන්ට අනුව දේවතාවියන් වන්දනාමාන කළ සංස්කෘතියක් පෙන්නුම් කරයි.

ජූල්ස් වර්න් විසින් රචිත අද්භූත දූපත නම් පොතක් ඇති අතර එහිදී මිනිසුන් දූපතක සොයාගෙන ශිෂ්ටාචාරයක් ගොඩනැගීමට පටන් ගනියි. වසර 7,000 කට පෙර, වර්තමාන නැගෙනහිර යුරෝපයේ, මූලික වශයෙන් මෝල්ඩෝවා, පාදකව ගොඩ නැගි එම ශිෂ්ටාචාරය මෙය බව විශිවාස කෙරේ.

පුරාවිද්‍යා ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයූ සෝවියට් සංගමය විසින් ට්‍රිපිලියා පර්යේෂණය මුලින් වැළඳගනු ලැබුවේ මෙම ශිෂ්ටාචාරයෙන් පෞද්ගලික අයිතියක් නොමැතිව පන්ති විරහිත සමාජයක් ප්‍රවර්ධනය කළ ආකර්ෂණීය පුරාණ ශිෂ්ටාචාරය අනාවරණය වූ හෙයිනි. “ට්‍රිපිලියා යනු පූර්ව-පන්ති, පන්ති විරහිත සමාජයක හෝ ප්‍රාථමික කොමියුනිස්ට්වාදයේ අපූරු නිදර්ශනයක්” යැයි කැණීම්හි විද්‍යාඥ විඩෙයිකෝ පවසා තිබේ.

යුක්රේනියානු නිර්මාණකරුවෙකු වන ස්විට්ලානා බෙව්සා පුරාණ ශිෂ්ටාචාරයේ ස්ත්‍රී කේන්ද්‍රීය කලාවේ ආභාසය ලබාගෙන ඇති අතර, සංස්කෘතිය, කාන්තාවන් කෙරෙහි එහි ගෞරවය සහ ස්වභාවධර්මයට ඇති සම්බන්ධය සැමරීමේ මාර්ගයක් ලෙස ට්‍රිපිලියා ආභාසය සහිත ඇඳුම් සහ ස්වර්ණාභරණ හුවා දක්වනු ලැබේ.

මෙම මහා සංස්කෘතිය ලෝකයේ එතරම් ප්‍රසිද්ධ නොවීම හා එම සංස්කෘතිය ගැන කතා කිරීමට ලෝකයට තිබූ හඬ ට්‍රිපිලියා ළඟ යටපත්වීම සැබැවින්ම කණගාටුවට කරුණකි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි