×

ට්‍රම්ප් අන්තිමට අත්සන් කරයි!

ඉරිදා රාත්‍රියේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එතෙක් වේලා නොයෙක් කරුණු කියමින් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ විරැකියාවෙන් පෙළෙන ඇමරිකානුවන්ට මූල්‍ය සහන ලබාදීමේ පනතට අත්සන් කළේය.


ඒ අනුව අති දැවැන්ත ඇ.ඩො. ට්‍රිලියන 2.3 ක කොරෝනාවෛරස් සහන පැකේජයක් විරැකියා දීමනාවක් වශයෙන් ඇමරිකානුවන්ට ලැබේ.

ඇමරිකානුවන් මිලියන 12 ක් මෙයින් සෘජු මූල්‍ය සහන ලැබීමට නියමිත ය. දැනට ඔවුන් හට ලැබෙන ඩොලර් 600 ක දීමනාව, මෙමගින් ඩොලර් 2000 දක්වා ඉහළ නැංවෙනු ඇති.

දීර්ඝ කාලයක් විරැකියාවෙන් පෙළෙනවුන් මෙන්ම, ස්වයං රැකියා කරන අය ද මෙම ඇමරිකානු සහන පැකේජවලින් ආවරණය වී තිබීම විශේෂ ලක්ෂණයකි.

ට්‍රම්ප්ගේ පලක් නැති කොන්දේසි

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙයට ඉරිදා දිනයේ අත්සන් තැබුවේ කොන්දේසි දමමිනි. ඒ අනු, කොවිඩ් සහන වැඩපිළිවෙළේ ඇති නාස්තිකාර අයිතමයන් කපා හැරිය යුතු යැයි ඉල්ලා සිටියේය. ට්‍රම්ප්ගේ අදහස වුණේ කොංග්‍රසය මෙය නැවත වරක් සමාලෝචනය කළ යුතු බවයි.

කෙසේ නමුත් ‍මේ ඉල්ලීම් හෝ කොන්දේසි, ට්‍රම්ප්ගේ පුරාජේරු බවට තවදුරටත් පත්වන්නේ, කොංග්‍රසය විසින් එය සලකා බැලීමක් කරන්නේ නම්, ඊට පෙර ට්‍රම්ප් ගෙදර යා යුතුව ඇති නිසා ය.

ඔහුගේ ධුර කාලය ජනවාරි 20 වැනිදායින් අවසන් වේ.

තවද ට්‍රම්ප් මෙය අත්සන් නොකළා නම්, හෙට (අඟහරුවාදා) සිට ඇමරිකානු ෆෙඩරල් ආණ්ඩුව ෂට්ඩවුන් කිරීමේ තත්වයට පත් වීමට නියමිත ව තිබුණේය.

පෙර ලිපිය

මිලියන ගණනක රැකියා විරහිත ඇමරිකානුවන්ගේ දීමනාවට ට්‍රම්ප් අත්සන් කරන්න බෑ කියයි!

මිලියන ගණනක රැකියා විරහිත ඇමරිකානුවන්ගේ දීමනාවට ට්‍රම්ප් අත්සන් කරන්න බෑ කියයි!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි