×

මිලියන ගණනක රැකියා විරහිත ඇමරිකානුවන්ගේ දීමනාවට ට්‍රම්ප් අත්සන් කරන්න බෑ කියයි!

රැකියා විරහිත ඇමරිකානුවන්ට ලබාදීම සඳහා සම්මත කර තිබූ ඇමරිකානු ඩොලර් බිලියන 900 ක සහන පැකේජයට අත්සන් යෙදීම ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළේය.


මෙම සහන පැකේජය ඇමරිකානු කොංග්‍රසය විසින් සම්මත කරනු ලැබුවේ පසුගිය සතියේ ය.

එයින් දැනට ඇමරිකානුවන්ට ලබාදෙන විරැකියා දීමනාව, මාර්තු මැද සතිය දක්වාම, සතියට ඩොලර් 300 බැගින් වැඩි කිරීමට හැකිව තිබිණි.

මෙය අත්සන් කිරීමට අදි මදි කරමින් ට්‍රම්ප් එකොළොස් වැනි පැයේදී පැමිණිලි කළේ මෙය කළ නොහැකි බව පවසමිනි.

කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් විපතට පත් ව සිටින මිලියන 12 ක ඇමරිකානුවන්ට ලබාදීමට නියමිතව තිබූ සහනයක් මේ නිසා අහිමි වීම හෝ ප්‍රමාද වීම සිදුවනු ඇත. ඔවුන්ට ලැබීමට නියමිතව තිබුණේ ඇමරිකානු රජය විසින් ලබාදී තිබූ විරැකියා ගෙවීමේ අවසන් කොටසයි.

ස්වයං රැකියාවල නිරත වූවන්ටත් ලබා දී තිබූ සහනයක්

මෙම Pandemic Unemployment Assistance program යටතේ ස්වාධීන කොන්ත්‍රාත්කරුවන්ට, ස්වයංරැකියාවල නිරතවූවන්ට සහ gig workers ශ්‍රමිකයන් හට ද විරැකියා දීමනාවක් ලබාදීමට ඇමරිකාව කටයුතු කර තිබිණි. Pandemic Emergency Unemployment Compensation program සහ CARES නීති ප්‍රතිපාදන යටතේ ද ඇමරිකානුවෝ වසංගත සමයේදී විරැකියා දීමනාව ලබති. තුන්වැනි අදියර මගින් සිදුකරන්නට නියමිත ව තිබුණේ වසංගත සහන වැඩසටහන් දෙකක් යටතේ ලබාදුන් සහනය, තවත් සති 11 ක් දක්වා දීර්ඝ කිරීමයි.

ඊයේ දිනයේ (සෙනසුරාදා) ට්‍රම්ප් මෙයට අත්සන් තැබුවේ නම් ඔවුන්ට මෙය හිමිවනු ඇත. නමුත් දෙසැම්බර් අග වන විට මෙම ප්‍රතිලාභ ලබාදීමට ඇමරිකානු නීතියෙන් ඉඩක් නැත.

මේ වන විට ඇමරිකාවේ කුලීනිවාස වල ජීවත් වන්නන්ගෙන් මිලියන 9.2 ක් පසුවන්නේ ගෙවල් කුලී ගෙවා නැති තත්වයක ය. ඔවුන්ට මෙම නවමත සහනය අහිමි වීමත් සමග ජනවාරි 31 න් පසුව උන් හිටි තැන් නැතිවන තත්වයක් පවා ඇති වන්නට ඉඩ තිබේ.

ට්‍රම්ප් මේ කරන්නේ තමන්ගේ දෙවැනි වාරය අහිමි කළ ඇමරිකානුවන්ගෙන් පලි ගැනීමක්ද? ට්‍රම්ප් නිත්‍ය වශයෙන්ම ප්‍රකට කරන අමනෝඥ සහ අමානුෂික හැසිරීම හමුවේ බයිඩන් පරිපාලනයට මුහුණ දෙන්නට සිදුව තිබෙන්නේ සුළුපටු අභියෝගයකට නොවේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි