×

දකුණු අප්‍රිකාවේ ලැව් ගින්න නිසා ප්‍රදේශ රැසකට පීඩා!

දකුණු අප්‍රිකානු ගිනි නිවන භටයන් පසුගිය සඳුදා කේප් ටවුන්හි Table Mountain කඳුවැටිය හා ඒ ආසන්න ඇති වූ ලැව් ගින්න නිවා දැමිමට තවමත් මහත් වෙහෙසක් ගනිමින් සිටිති.


එය ආරම්භ වී පැය 24 කට වඩා වැඩි කාලයක් ගත වී ඇති අතර මෙමගින් ඓතිහාසික ස්ථාන කිහිපයකට හානි සිදු වූ අතර නිවාස හා පාසල් වසා දැමීමට බලධාරින් කටයුතු කර තිබේ.

50000ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.

පැයට කිලෝමීටර් 45 ක් දක්වා වේගයෙන් හමන සුළං මගින් මේ තත්වය පාලනය කිරිම අභියෝගයක්ව ඇත.

ගිනි නිවන භටයින් 250 කට වැඩි පිරිසක් වේගයෙන් පැතිරෙන ගිනි ජාලාවන්ට එරෙහිව තවමත් කටයුතු යොදමින් සිටී.

කේප් ටවුන් විශ්වවිදයාලයකටද මෙයින් දැඩි හානි සිදු ව ඇති අර, එහි ඓතිහාසික ලිපි ලෙඛණ රැසක් මෙම ගිනි ගැනීමට ලක් වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කේප් ටවුන් නගරයේ නගරාධිපති ඩෑන් ප්ලේටෝ විස්තර කළේ මේ වන විට ටේබල් මවුන්ටන් ජාතික වනෝද්‍යානයේ හෙක්ටයාර් 400 කට අධික වෘක්ෂලතාදිය විනාශ වී ඇති අතර එය නගරයේ මෑත ඉතිහාසයේ සිදු වූ විශාලතම හානිය බවයි.

හානියට පත් අනෙකුත් දේපල අතර කඳු නගින්නන්ගේ ජනප්‍රිය අවන්හලක් වන 1796 දී පමණ ඉදිකරන ලද තට්ටු සහිත Rhodes අනුස්මරණීය අවන් හල සහ දකුණු අප්‍රිකාවේ පැරණිතම වැඩකරන කම්හලක්ද ඇතුලත්ය. (රොයිටර් ඇසුරින්)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි