×

දරුවන් තිදෙනෙකුගේ හා මවකගේ සිරුරු මිනසෝටා විලෙන් ගොඩ ගැනේ.

වයස අවුරුදු 06ට අඩු පිරිමි දරුවන් දෙදෙනකු හා එක් ගැහැණු දරුවකු මෙහිදී හඳුනාගෙන ඇති බව රැම්සි ප්‍රාන්ත ෂෙරිෆ් කාර්යාලය විසින් මාධ්‍ය වෙත නිවේදනය කර තිබේ. මෙය  ත්‍රිත්ව මිනීමැරුමක් හා සියදිවි නසාගැනීමක් ලෙස විමර්ශනයට ලක් කරන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.


එක්සත් ජනපදයෙහි රැම්සි ප්‍රාන්තයේ මිනසෝටා විලෙන් දරුවන් තිදෙනෙකුගේ හා මවකගේ සිරුරු ගොඩ ගෙන තිබේ. වයස අවුරුදු 06ට අඩු පිරිමි දරුවන් දෙදෙනකු හා එක් ගැහැණු දරුවකු මෙහිදී හඳුනාගෙන ඇති බව රැම්සි ප්‍රාන්ත ෂෙරිෆ් කාර්යාලය විසින් මාධ්‍ය වෙත නිවේදනය කර තිබේ. මෙය  ත්‍රිත්ව මිනීමැරුමක් හා සියදිවි නසාගැනීමක් ලෙස විමර්ශනයට ලක් කරන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

මෙම පර්යේෂණය ඇරඹෙන්නේ මේපල්වුඩ්හි නිවසක සිදු වූ සියදිවි නසා ගැනීමක් වෙනුවෙන් පොලීසිය කැඳවීමත් සමඟය. එහිදී නිලධාරීන්ට පිරිමි මළසිරුරක් හමු වී ඇත. එහි සඳහන් දුරකතන ඇමතුමක් ලුහුබැඳ යාමේ ප්‍රතිඵලයක් ලෙස මෙම දරුවන් තිදෙනා හා මව සොයාගෙන තිබේ. මවගේ දුරකථනය වඩ්නායිස්කර් ලේක් ප්‍රාදේශීය උද්‍යානය වෙතින් හමු වූ අතර විල අසල ඇගේ මෝටර් රථය සහ දරුවන්ගේ සපත්තු සොයා ගැනීමෙන් අනතුරුව ජලයේ සොදිසි කිරීම් අරඹා ඇත.

රාත්‍රී 7.30 ට පමණ නිලධාරීන් එක් දරුවෙකු වැවෙන් ගොඩගෙන ජීවිතාරක්ෂක පියවර ගැනීමට උත්සාහ කළ නමුත් දරුවා එම ස්ථානයේදීම මියගොස් ඇති බව ප්‍රකාශ විය. දෙවන දරුවාගේ සිරුර සොයා ගැණුනේ මධ්‍යම රාත්‍රියද පසු වීමෙන් අනතුරුවය. පසුදින අලුයම 3ට පමණ අඩි 10 ක් තරම් ගැඹුරු ජලයේ තිබී මවගේ හා අනෙක් දරුවාගේ සිරුරු ගොඩ ගෙන තිබේ.

සිරුරු මරණ පරීක්ෂණය වෙනුවෙන් ගෙන ගොස් ඇති අතර සියදිවි නසාගැනීම හා දරුවන්ගේ හා මවගේ මරණ අතර සම්බන්ධයක් ඇතිදැයි සැක සහිත බව මේපල්වුඩ් පොලිස් දෙපාර්තමේන්තුව අදහස් දක්වා තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි