×

දිනෙන් දින බිඳ වැටෙන චීනයේ ප්‍රාදේශීය බැංකු පද්ධතිය.

චීනය පුරා බැංකු ගනුදෙනුකරුවන් 400,000 කට පමණ ඔවුන්ගේ ඉතුරුම් වෙත ප්‍රවේශ වීමට නොහැකිව ඇත. ඉතිරිකරන්නන් හට සියල්ල අහිමිව යන තත්වයක් උද්ගතව තිබේ.


චීනයේ ප්‍රාදේශීය බැංකු පද්ධතිය විසින් නීති විරෝධී මූළ්‍ය ක්‍රියාකාරකම්වල නිරත වීම හේතුවෙන්, ඉතිරිකරන්නන් හට සියල්ල අහිමිව යන තත්වයක් උද්ගතව තිබේ. තැන්පත් කරුවන් හට අන්තර්ජාලය හරහා සිය ගිණුම් වෙත ප්‍රවේශ වීමට නොහැකිව ඇති අතර අන්තර්ජාලය හරහා ඔහුගේ ගිණුම් වෙත ප්‍රවේශ වීමට උත්සාහ කළ විට, වෙබ් අඩවිය නඩත්තු වෙමින් පවතින බවත්, සේවා ටික කාලයකට ලබා ගත නොහැකි බවත් දැක්වේ. මේ පිළිබඳව තැන්පත්කරුවන් පවසන්නේ මාස දෙකක් ගතව ඇති මුත් සේවාවන් තවම යථා තත්වයට පත්ව නොමැති බවයි.

ඒ අනුව චීනය පුරා බැංකු ගනුදෙනුකරුවන් 400,000 කට පමණ ඔවුන්ගේ ඉතුරුම් වෙත ප්‍රවේශ වීමට නොහැකිව ඇත. එය චීනයේ බැංකු පද්ධතියේ දැවැන්ත කඩා වැටීමකි. රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව, 2008 සිට චීනයේ බැංකු අංශය ප්‍රමාණයෙන් හය ගුණයකින් වැඩි වී ඇති අතර, මුළු වත්කම් ඩොලර් ට්‍රිලියන 50 ඉක්මවයි.

මෙම තත්වය පැන නැගුණේ Henanවල බැංකු හතරක් මුදල් ආපසු ගැනීම අත්හිටුවීමත් සමඟ ය.

නීති විරෝධී ලෙස ඉතිරිකරන්නන්ගෙන් මුදල් ලබාගෙන, තැරැව්කරුවන් හරහා මහජන මුදල් නීති විරෝධී ලෙස අවශෝෂණය කර ඇති බව ජාතික බැංකු නියාමකවරයා විසින් මෙම බැංකු හතරේ ප්‍රධාන කොටස් හිමියෙකුට චෝදනා කර තිබෙනු Xinhua පුවත් ඒජන්සිය වාර්තා කොට තිබේ. මේ පිළිබඳව චීන බැංකු සහ රක්ෂණ නියාමන කොමිෂන් සභාව රජයට අනාවරණය කර ඇත.

පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා නඩුවක් විවෘත කර ඇත. මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් මේ පිළිබඳ කනස්සල්ලට පත්ව සිටින්නේ දේපළ වෙළඳාම් කඩාවැටීම හා C ovid-19 වසංගතයට අදාළ බොල් ණය ඉහළ යාම නිසා ඇති වන විශාල මූල්‍ය ගැටලුවක් මතු විය හැකි ඉඩකඩ පිළිබඳවයි. තැන්පත් කරුවන් සිය දහස් ගණනත් සිය මුදල් ඉල්ලා බැංකු නියාමක කාර්යාලය ඉදිරිපිට විරෝධතා දැක්වූ නමුත් එයින් ඵලක් වී නොමැත.

කෙසේ වෙතත් බැංකු තැන්පත්කරුවන්ට ආපසු ගැනීමට නොහැකි වූ මුළු අරමුදල් ප්‍රමාණය පිළිබඳ නිල ඇස්තමේන්තු තවමත් අනාවරණයව නොමැත.
“බැංකු නිලධාරීන් තැන්පත්කරුවන්ගෙන් මුදල් ගසා කන සහ සොරකම් කරන බැංකු අපචාර වල විෂය පථය තැතිගන්වනසුලුයි, හෙළිදරව් වන්නේ අයිස් කුට්ටියේ කෙළවර පමණක් විය හැකිය” යනුවෙන් චීන ව්‍යාපාර සහ දකුණු කැරොලිනා අයිකන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ෆ්‍රෑන්ක් ෂී පවසා ඇත. විනිවිද නොපෙනෙන හිමිකාරීත්වය හා පාලන ව්‍යුහය මෙහි බරපතල ගැටලුවක් බවට පත්ව ඇත.

 

සශිකලා මධුෂාණී_

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි