×

දිය තුළ මුහුණ හොවා සමුගන්නා දැවැන්තයෝ – 300 ක් අප්‍රිකානු අලි ඇතුන් අබිරහස් ලෙස බොට්ස්වානාවේදී මිය ගිහින්!

බොට්ස්වානා හි අලි ඇතුන් 300 කට වඩා වතුර වලවල්වල විෂ නිපදවන සයානෝබැක්ටීරියා හේතුවෙන් මිය ගොස් ඇති බව එරට ජාතික වනසම්පත් නිලධාරීන් කියා තිබේ.


මේ අතර සංරක්ෂණවාදීන් කියා සිටින්නේ එය නිදහසට කරුණක් ලෙස පිළිගත නො හැකි බවයි.

මේ අලි මරණ, පසුගිය මැයි මස සිට ජූලි දක්වා මාස තුනක කාලයක් තුළ විටින් විට වාර්තා වී ඇත. මුල දී ඊට හේතුව මහත් අභිරහස් විය; මරණවලට හේතුව සම්බන්ධයෙන් විවිධ අනුමාන ඉදිරිපත් වන අතරතුර, මළ කඳන්, ජලය සහ පස් සාම්පල විද්‍යාගාර පර්‍යේෂණවලට බඳුන් කෙරිණ.

ජලයේ දී හමුවන සයානෝබැක්ටීරියා හැමවිට ම විෂ නිපදවන්නේ නැත. දේශගුණ වෙනසත් සමග සිදුවන ජලයේ උෂ්ණත්වය වැඩි වීමත් සමග, බැක්ටීරියාවලට වර්ධනයට වඩාත් සුදුසු තත්ත්වයක් ඇති වේ. මේ හේතුවෙන් තවදුරටත් බැක්ටීරියා හරහා විෂ නිපදවෙනු ඇතැයි විද්‍යාඥයෝ තම චකිතය පළ කරති.

සයනොබැක්ටීරියා වලින් නිපදවන විෂ, අලි ඇතුන් සම්බන්ධයෙන් ‘ස්නායු විෂක්‘ ලෙස ක්‍රියාකරන බව මේ වන විට විශ්වාස කෙරේ.

අප්‍රිකානු අලි ඇතුන් 130,000 ක් බොට්ස්වානාවේ

බොට්ස්වානාව අප්‍රිකානු අලින් 130, 000කට නිවහන වේ. ඒ අප්‍රිකානු මහද්වීපයේ අලි-ගහණය අතින් ඉහළ ම අගය යි. ජාත්‍යන්තරයේ විරෝධයට තුඩු දෙමින්, පසුගිය වසරේ එහි වූ අලි දඩයම් කිරීම තහනම් කරන නීතියක් ද කටුගා දැමිණ.

ඇතැම් සං‍රක්ෂණවාදීහු ත්‍රෝපි හන්ටර්ස් හෙවත් කුසලානය ලෙස අලි ඇතුන් දඩයමේ යෙදෙන්න් ඇතුළු ජාවාරම්කරුවන්ගේ බලපෑම මත මෙය ආණ්ඩුව සමග එක්ව සිදුකරන්නට ඇතැයි ද මතයක් තිබේ.

බොට්ස්වානාහි වනසම්පත් සහ ජාතික උද්‍යාන සම්බන්ධ නියෝජ්‍ය අධ්‍යක්ෂ සිරිල් ටඔලෝ පැවසුවේ එහි රජය මරණ සම්බන්ධයෙන් මිනිසුන් ගේ සම්බන්ධය මුළුමනින් ම බැහැර කරන බව යි.

“සියලු ම සාක්ෂි පෙන්වා දෙන්නේ, මෙය ස්වභාවික සංසිද්ධියක් බව යි” ඔහු මාධ්‍යයට කීවේ ය. හමුවූ සියලු මළකඳන් ඒවායේ දළ ද සමග හමුවූ බව ඔහු තවදුරටත් පෙන්වා දෙයි.

මේ පිළිබද සැක පළ කරන සං‍රක්ෂණවාදීහු රජයේ පරීක්ෂණයේ සම්පූර්ණ වාර්තාව ඉල්ලා බල කරති.

විෂ ද්‍රව්‍ය වලවල්වල තිබුණේ නම් අලින් පමණක් මිය යන්නට හේතුව කුමක්දැයි පරිසරයට ආදරය කරන්නෝ අසති.

ලැබී ඇති සාක්ෂි මිනිසුන් ගේ සම්බන්ධය මුළුමනින් ම බැහැර කරන්නට ප්‍රමාණවත් නොවන බව ඔහු තවදුටත් කියා සිටියි.

මළකඳන් හමුවූ ඔකවන්ගෝ ඩෙල්ටා බොට්ස්වානා හි අලින් ගෙන් 10%ක ගේ නිවහන යි. අලින් අනතුරට භාජනය වියහැකි සත්ත්ව විශේෂයක් ලෙස සොබාදහම් සං‍රක්ෂණය සදහා වූ ජාත්‍යන්තර එකමුතුවේ (IUCN) රතු ලැයිස්තුවේ ද දක්වා ඇත.

Images obtained by CNN show many of the elephants lying "flat on their faces."

Images: CNN


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි