×

නිදන් ඉන්න යක්කු කූද්දන සෙලෙන්ස්කි G7 නායකයන්ගෙන් ගුවන් ආධාර ඉල්ලයි.

පවතින තත්වය සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පැවසුවේ යුක්රේනය සම්බන්ධයෙන් බටහිර ජාතීන් සමඟ සංවාදයට මොස්කව් විවෘතව සිටින නමුත් තවමත් රැස්වීමක් සඳහා කිසිදු යෝජනාවක් ලැබී නොමැති බවයි.


G7 හෙවත් ලෝකයේ ධනවත්ම ප්‍රජාතන්ත්‍රවාදීම රටවල් වන එක්සත් ජනපදය, ජර්මනිය, ප්‍රංශය, ජපානය, එක්සත් රාජධානිය, ඉතාලිය සහ කැනඩාව යන රටවල් හා යුක්රේන ජනාධිපති අතර ඊයේ(11) දින පැවැති රැස්වීමේදී, යුක්රේනය වෙනුවෙන් ගුවන් පලිහක් නිර්මාණය කිරීම සඳහා මූල්‍යමය වශයෙන් උපකාර කරන ලෙස හා අඛණ්ඩව මූල්‍ය, මානුෂීය, මිලිටරි, රාජ්‍යතාන්ත්‍රික සහ නීතිමය සහය ලබා දෙන ලෙස යුක්රේන ජනාධිපතිවරයා ඉල්ලා තිබේ.

මේ සම්බන්ධයෙන් G7 නායකයන් විසින් යුක්රේනයට සිය සහය ලබා දෙන බවට ප්‍රතිඥා දුන් අතර රුසියාව විසින් ඈඳාගත් ප්‍රදේශ යලි අත්පත් කර ගැනීමේ යුක්‍රේනයේ ව්‍යාපාරයට ඔවුන්ගේ පූර්ණ සහය දෙන බවට පොරොන්දු වී ඇත.

G7 නායකයන් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ රුසියානු ගුවන් ප්‍රහාර යුද නීති උල්ලංඝනය කර ඇති අතර සිවිල් වැසියන් හිතාමතා ඉලක්ක කළහොත් එය යුද අපරාධවලට සමාන වනු ඇති බවයි.

2014 දී යුක්රේනයෙන් ඈඳාගත් මොස්කව් අර්ධද්වීපයක් වන ක්‍රිමියාවට රුසියාව සම්බන්ධ කරන කර්ච් පාලමට පසුගිය සෙනසුරාදා බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමත් සමඟ රුසියාව සඳුදා යුක්‍රේන නගර කිහිපයකට මිසයිල 80 කට වැඩි ප්‍රමාණයක් දියත් කරන්නට විය. මෙමඟින් අවම වශයෙන් පුද්ගලයන් 19 දෙනෙකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව යුක්රේන බලධාරීන් මාධ්‍ය වෙත පුකාශ කර තිබේ.

පවතින තත්වය සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පැවසුවේ යුක්රේනය සම්බන්ධයෙන් බටහිර ජාතීන් සමඟ සංවාදයට මොස්කව් විවෘතව සිටින නමුත් තවමත් රැස්වීමක් සඳහා කිසිදු යෝජනාවක් ලැබී නොමැති බවයි.

පසුගිය දා ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි ඇතුළු නිලධාරීන් එක්සත් ජනපදය සාකච්ඡා සඳහා විවෘත බව පැවසූ නමුත් රුසියාව එය ප්‍රතික්ෂේප කළ බව මාධ්‍ය සාකච්ඡාවකදී පැවසූ නමුත් රුසියාව එය සත්‍යයෙන් තොර බව දිගින් දිගටම ප්‍රකාශ කරනු ලබයි. කෙසේ නමුත් නොවැම්බරයේ පැවැත්වෙන G20 සමුළුවේදී මොස්කව් පුටින් සහ බිඩෙන් අතර හමුවක් අපේක්ෂා කරන බවත්, යෝජනාවක් ලැබුණහොත් එය සලකා බලන බවත් රුසියානු විදේශ ඇමතිවරයා මෙහිදී මාධ්‍ය වෙත වාර්තා කර ඇත.

සශිකලා මධුෂෘණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි