×

නිව්යෝක් හා ලන්ඩන්හි පෝලියෝ පැතිරීමේ අවධානමක්

පෝලියෝ ආසාදනය වූ බොහෝ පුද්ගලයින්ට රෝග ලක්ෂණ නොමැති නමුත් දින හෝ සති ගණනක් තවමත් වෛරසය අන් අයට ලබා දිය හැකිය. අතීත පැතිරීම් මත පදනම්ව, ප්‍රාන්තයේ පුද්ගලයින් සිය ගණනක් පෝලියෝ වැළඳී ඇති මුත් එය නොදැන සිටිය හැකි බව නිලධාරීහු පවසති.


පෝලියෝ වයිරසය නිව්යෝර්ක් නගරයේ අපජලයෙන් සොයාගෙන තිබේ. අපජලයේ පෝලියෝ වයිරසය තිබීමෙන් වෛරසයේ දේශීය සංසරණය විය හැකි අවධානමක් පවතින බව නිව්යෝර්ක් ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තු පවසයි. ප්‍රාන්ත සෞඛ්‍ය කොමසාරිස් වෛද්‍ය මේරි ටී බැසෙට් පැවසුවේ නිව් යෝර්ක් නගරයේ අපජල සාම්පලවල පෝලියෝ වයිරසය හඳුනා ගැනීම භයානක නමුත් පුදුමයට කරුණක් නොවන බවයි.

වසර 10 කට පසු පළමු වරට එක්සත් ජනපදයේ රොක්ලන්ඩ් ප්‍රාන්තයේ එන්නත් නොකළ තරුණයෙකු මෙම වෛරසය ආසාදනය වී හඳුනා ගැනීමත් සමඟ මේ හා සම්බන්ධ පර්යේෂණ කටයුතු සිදු විය. ඒ අනුව ජුනි මාසයේදී රොක්ලන්ඩ් සහ යාබද ඔරේන්ජ් ප්‍රාන්තයේ එකතු කරන ලද අපජල සාම්පලවල වෛරසය අඩංගු බව සොයා ගන්නා ලදී.

පෝලියෝ වරක් ජාතියේ වඩාත්ම භයානක රෝගවලින් එකක් වූ අතර, වාර්ෂිකව පැතිරීම දහස් ගණනක් අංශභාගය ඇති කරයි. මෙම රෝගය බොහෝ විට දරුවන්ට බලපාන ලබන අතර පෝලියෝ රෝගය වැළඳෙන සුළු ප්‍රතිශතයක් අංශභාග රෝගයට ගොදුරු වේ. අංශභාග රෝගීන්ගෙන් සියයට 5-10 කට මෙම රෝගය මාරාන්තික වේ.

මේ වන විට නිව්යොක් නඟරය වඳුරු උවදුරට එරෙහිව අවදානමට ලක්විය හැකි ජනගහනයට එන්නත් කිරීමට පොරබදමින් සිටින අතර සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කර තිබුණේ පොලියෝ සම්පූර්ණයෙන්ම වැළැක්විය හැකි අතර නොපමාව එන්නත්කරණයට යොමු වීම අත්‍යාවශය බවයි.

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් ද මෑතකදී වාර්තා කළේ වෛරසය ලන්ඩනයේ පැතිරී ඇති බවට සාක්ෂි සොයා ගත් නමුත් මිනිසුන් තුළ කිසිදු රෝගියෙකු හමු නොවූ බවයි. ලන්ඩනයේ වයස අවුරුදු එක සිට නවය දක්වා ළමුන් වෙනුවෙන් පොලියෝ බූස්ටර් මාත්‍රාව මේ වන විට සූදානම් කර ඇත.

පෝලියෝ ආසාදනය වූ බොහෝ පුද්ගලයින්ට රෝග ලක්ෂණ නොමැති නමුත් දින හෝ සති ගණනක් තවමත් වෛරසය අන් අයට ලබා දිය හැකිය. අතීත පැතිරීම් මත පදනම්ව, ප්‍රාන්තයේ පුද්ගලයින් සිය ගණනක් පෝලියෝ වැළඳී ඇති මුත් එය නොදැන සිටිය හැකි බව නිලධාරීහු පවසති.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි