×

නිවැරදි කිරීමයි:

------


අප පසුගියදා www. outboundtoday.com හී  ” සියලු ආගම් විශාල ගණයේ ජන සංහාරක අවි ලෙස අයිස්ලන්තය විසින් නීති ගත කරයි” යන ශීර්ෂය යටතේ පල කළ ලිපිය උපුටා ගත් ”Iceland Declares All Religions Are Weapons Of Mass Destruction” නැමති ජාත්‍යන්තර වෙබ් ලිපිය තුළ තහවුරු නොවූ කරුණු අඩංගු වන බව මේ වන විට අනාවරණය වී ඇත. ඒ අනුව අප විසින් පල කළ ලිපියට අදාලව නිශ්චිත කරුණු පල කිරීම සදහා අප අවධානයෙන් සිටින අතර එම ලිපියේ සදහන් පරිදි අයිස්ලන්තය තවමත් එවැනි නීතියක් හදුන්වා දී නොමැති බවට නිවැරදි කර සිටිමු. විවිධ ඇදහිලි හා විශ්වාසයන් හේතුවෙන් අද වන විට සාමකාමී ලෝකයක් බිහි කිරීම අභියෝගයට ලක්ව ඇති තරුණක් බව අප ඉදිරියේ සාක්ෂි පවතී, එවැනි පසුබිමක් මත සියලු ආගම් ජන සංහාරක අවි ලෙස නම් කිරීම මිනිසුන් වෙනුවෙන් මිනිසුන් තබන ශ්‍රේෂ්ඨ පියවරක් බව අපි තවමත් විශ්වාස කරන්නෙමු.

නිවැරදි කිරීමට අදාල ලිපිය



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි