×

නේටෝව ස්වීඩනයේ සහ ෆින්ලන්තයේ සාමාජිකත්වය නිල වශයෙන් අනුමත කරයි.

අපගේ හවුල් ආරක්‍ෂාවට දායක වීමට සුදානම් සහ කැමැත්තෙන් සිටින යුරෝපීය ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සඳහා නේටෝවේ දොර විවෘත වේ.


ස්වීඩනය හා පින්ලන්තය නේටෝ සංවිධානයට එක්වීමේ ක්‍රියාවලිය විධිමත් ලෙස ආරම්භ කළ බව එහි මහලේකම්වරයා නිවේදනය කර තිබේ. ඔවුන් අඟහරුවාදා (05) දින ප්‍රවේශවීමේ ලිපි ලේඛණ වලටඅත්සන් තැබීය.
පසුගිය සතියේ මැඩ්රිඩ් හි පැවති නේටෝ සමුළුවෙන් පසුව මිත්‍ර පාක්ෂික නායකයින් ෆින්ලන්තයට සහ ස්වීඩනයට සන්ධානයට එක්වන ලෙස ආරාධනා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම රටවල් දෙක නේටෝවේ නව සාමාජිකත්වය ලබා ගනු ලැබීය.

මෙහිදී නේටෝ සංවිධානයේ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් මෙම අවස්ථාව හැඳින්වූයේ ‌ඓතිහාසික මොහොතක් වශයෙනි. “මෙය ෆින්ලන්තයට සහ ස්වීඩනයට හොඳ දවසක්. නේටෝවට හොඳ දවසක්. රටවල් 32 ක් මේසය වටා සිටින විට, අපි දශක ගණනාවක විශාලතම ආරක්ෂක අර්බුදයට මුහුණ දෙන බැවින්, අපි වඩාත් ශක්තිමත් වන අතර අපගේ ජනතාව වඩාත් ආරක්ෂිත වනු ඇත,” ලෙස මහලේකම් වරයා විසින් ප්‍රකාශ කරන ලදි.
මෙහිදී මහලේකම්වරයා තවදුරටත් සඳහන් කර තිබුණේ අපගේ හවුල් ආරක්‍ෂාවට දායක වීමට සුදානම් සහ කැමැත්තෙන් සිටින යුරෝපීය ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සඳහා නේටෝවේ දොර විවෘත බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි