×

පැට්‍රිස් ලුමුම්බා: බෙල්ජියමේ කොංගෝ වීරයාගේ රන් ඔටුණු දත නැවත මව් රටට

"ඉතිරිව ඇති දේ ඇත්ත වශයෙන්ම ප්‍රමාණවත් නොවේ. නමුත් ඔහු ඔහුගේ ලේ වැගිරුණු රටට ආපසු පැමිණිය යුතුය."


කොංගෝ නිදහස් ව්‍යාපාරයේ නායක පැට්‍රිස් ලුමුම්බාගේ රන් ආලේපිත දතක් ආපසු ඔහුගේ පවුලට භාරදෙන ලෙස බෙල්ජියමේ උසාවිය විසින් තීන්දු කරනු ලැබ ඇත.
බෙල්ජියම් යටත්විජිත පාලනයෙන් සිය රට නිදහස්කර ගැනීම සඳහා ලුමුම්බා 1958 දී ‘කොංගෝ ජාතික ව්‍යාපාරය’ (Congolese National Movement-MNC) පිහිටුවන ලද අතර, ඝාතනය කරදමනු ලබන තෙක්ම ඔහු එම සංවිධානයට නායකත්වය දුන්නේය. පැට්‍රිස් ලුමුම්බා කොංගෝවේ මහජන ඡන්දයෙන් තේරී පත්වූ පළමු රාජ්‍ය පාලකයා වූ අතර, නිදහස් සටනේ නිරතවීම මගින් ඔහු සියරට තුළ පමණක් නොව, එවකට ජාතික නිදහස් ව්‍යාපාර පෙරට යමින් තිබුණ මහාද්වීපය පුරා සියලු අප්‍රිකානු යටත්විජිත රටවල බලවත් ආකර්ෂණයක් සහිත නායකයකු බවට පත්ව සිටියේය. පැට්‍රිස් ලුමුම්බා 1960 දී බෙල්ජියමෙන් නිදහස ලද කොංගෝවේ පළමු අගමැතිවරයා විය.

බෙදුම්වාදී කැරලිකරුවන් විසින් අල්ලාගන්නා ලද ලුමුම්බා 1961 දී මරා දමන ලදි. මෙහිදී ඔහුගේ සිරුර තැන්පත් කිරීමෙන් පසුව නැවත ගොඩගොඩ ගෙන කෑලි කපා විනාශ කළ බව කියැවේ. එහිදි බෙල්ජියම් පොලිස් කොමසාරිස් ජෙරාඩ් සූටේ විසින් ඔහුගේ දතක් ගත් බව ඔහු විසින් පිළිගෙන ඇත. මේ පිළිබඳව ලුමුම්බාගේ දියණිය වන ජුලියානා BBC වෙත ප්‍රකාශ කර තිබුණේ “මෙය නාසීන් සමඟ සිදු වූ දේ මතක් කිරීමක් බවයි, මිනිසුන් කෑලි ගැනීම එය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක්,” බවයි. තම පියාගේ මළ සිරුරින් උගුලාගන්නා ලද එම දත තමාට භාරදෙන ලෙස ඉල්ලා සිටිමින් ජුලියානා ලුමුම්බා(Juliana Lumumba) බෙල්ජියමේ රජතුමා වෙත ලිපියක් යොමුකර තිබුණි.

එහි ප්‍රතිඵලයක් වශයෙන් බෙල්ජියමේ දී දත භාරදීම සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයට ගෙන ඒම සංකේතාත්මක ජුලියානා ලබා ගෙන ඇත. “ඉතිරිව ඇති දේ ඇත්ත වශයෙන්ම ප්‍රමාණවත් නොවේ. නමුත් ඔහු ඔහුගේ ලේ වැගිරුණු රටට ආපසු පැමිණිය යුතුය.” යන ලෙසයි ඇය BBC වෙත ප්‍රකාශ කර තිබුණේ. ඔහු කිසිදා මිහිදන් නොවූ අප්‍රිකාවේ සදාකාලික ගිණි සිළුව ලෙස හැඳින්වේ.

සශිකලා මධුෂාණී_

 

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි