×

පිළිකාවට සිනහවෙන් පිළිකාවක් වූ සොඳුරු කන්ට්‍රි ගීත කිරිල්ලිය ඔලිවියා!

“ලෙඩ රෝග තිබ්බා කියලා ජීවිතේ ගැන මම පසු තැවෙන්නේ නැහැ ; මම ගත කරන්නේ පසු නොතැවෙන ජීවිතයක්....”


“ජීවිතයේ දී අප හැමෝටම කුමක් හරි දුක්ඛාන්තයකට මුහුණ දීමට සිදු වෙනවා. ඒ වගේම ඒ දෙයින් ගොඩ ඒමටත් අපට සිදු වෙනවා. ජීවිතය කියන්නේ අන්න ඒ වගේ දෙයක්….”

යනුවෙන් පැවසූ ඒ අසමසම ගීත කෝකිලාවිය නමින් ඔලිවියා නිව්ටන් ජෝන් ය. කන්ට්‍රි ගීත පාරාදීසියේ සොඳුරු කිරිල්ලිය වූ ඔලිවියා ඉකුත් අගෝස්තු 08 වන දින අප අතරින් සමුගත්තේ සමාජයේ පවතින දහසක් නිහඬ අරගල අතර කාන්තාවන්ගේ නියෝජනයේ සුවිශේෂී සංදිස්ථානයක් සනිටුහන් කරමිනි.



ඔලිවියා යනු කවුද?

1948 සැප්තැම්බර් 26 දින බ්‍රිතාන්‍යයේ ක්‍රේම්බ්‍රිජ්හී දී උපත ලද ඇය ජනප්‍රිය ගායන ශිල්පිනියක් පමණක් නොව ගීත නිර්මාණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් මෙන්ම සමාජ ක්‍රියාකාරිනියකි. ප්‍රේමනීය හදවත් සුවපත් කරමින් ප්‍රේම ගීත රාශියක් 70 දශකයට දායාද කිරීමට ඇය සමත් වී ඇත. ABBA සමකාලීනයෙක් ලෙස 1974 වසරේදී යුරෝවිශන් සෝන්ග් කොන්ටෙස්ට් තරඟාවලියට තරඟ වදින ඈ, ග්‍රැමී සම්මානලාභිනියක් ලෙස සිව් වතාවක් නිර්දේශ වී ඇති අතර, ඔලිවියා ගේ සංගීත දිවිය පිළිබඳ කතා කිරීමේදී ලොව දැවැන්තම ගීත දර්ශකය වන Billboard හි හොඳම ගීත සියය ඇතුළත් Hot 100 දර්ශකයේ ඈ ගැයූ ගීත පහක් සහ හොඳම ගීත දහය ඇතුළත් Top 10 දර්ශකයේ ඈ ගැයූ ගීත දහයක් ඇතුළත් විය. If You Love Me (Let Me Know) (1974) සහ Have You Never Been Mellow (1975) Billboard 200 හි ඇල්බමයන් දෙකකි.

ඈ ගැයූ ගීත අතර, If Not for You (ඔලිවියාගේ කුළුඳුල් නිර්මාණය), I Need Love, Deeper Than a River, Not Gonna Be the One, I Want to Be Wanted, Banks of the Ohio, Let Me Be There, I Honestly Love You, If You Love Me (Let Me Know), Please Mister Please, Have You Never Been Mellow, Sam, A Little More Love, Physical, Make a Move on Me, Hopelessly Devoted To You, Xanadu, Twist of Fate, Soul Kiss අතිශයින්ම ජනප්‍රිය ය.

1978 දී මැය “ග්‍රීස්” (Grease) නම් සංගීතමය ප්‍රේමාන්විත ප්‍රහසන (Musical Romantic Comedy) චිත්‍රපටයට සුපිරි හොලිවුඩ් රංගන ශිල්පී ජෝන් ට්‍රැවොල්ටා සමඟ රංගනයෙන් දායක විය. එහි නිල සංගීත එකතුව (Soundtrack) ලොව වැඩි ම ලෙස අලෙවි වූ ඇල්බමයකි. 1984 දී ඇය රංගන ශිල්පී මැට් ලැටන්සි සමග පෙමින් බැඳී විවාහ ගිවිස ගැනීමත් සමග 1986 වන විට ‘ක්ලෝයි රෝස්’ නම් සිඟිති රෝස කැකුලක් මෙලොවට බිහි කරන ලදී. පසු කලෙක යම් යම් පෞද්ගලික හේතූන් මත මොවුන් 1995 දී දික්කසාද වීමට තීරණය කර ඇත. පසුව ඇය 2008 දී ඇමසන් ඔසු සමාගමේ නිර්මාතෘ ජෝන් ඊස්ටලින් සමග විවාහ වූ බව කරුණු වාර්තා වී තිබේ. මෙය ඇගේ ජීවිත කතාවෙන් එක් බිඳකි.

ඔලිවියාගේ සොඳුරු සිනහව පිටුපස තිබූ නිහඬ අරගලය

1992 දී ඔලිවියා තමාට පියයුරු පිළිකාවක් ඇති බව දැන ගෙන ඇති අතර 2013 දී එය ඇගේ උරහිස ප්‍රදේශයට පැමිණ ඇත. 2017 වන විට ඇයගේ පියයුරු පිළිකාව තම යටි පතුලට පැමිණ ඇති බව ඇයට දැන ගැනීමට ලැබීමත් සමඟ ඇය නොයෙකුත් වේදනාවන්ට මුහුණ පාමින් සිටි බව සඳහන් වේ. ජීවිතයේ අවධි තුනක මෙසේ තම පිළිකාවේ ලක්ෂණ හඳුනා ගන්නා ඔලිවියා, වරක ගංජා තෙල් භාවිතයට ද නැඹුරු වී සිට ඇති බව සඳහන්. ඊට හේතුව නම් ඇගේ පිළිකා තත්ත්වය මත ඇගේ අස්ථි වල ඇති වූ විපර්යාස සහ තුවාලයි. ඇය ආන්තික ප්‍රජාවන් අතර ගංජා භාවිතය වෙනුවෙන් පෙනී සිටින්නියක්ද විය. 2018 දී ඔලිවියා තමන්ගේ ප්‍රතිකාර වලට ද යොමු විය.

ඔලිවියා නිව්ටන් ජෝන්, නැතිනම් ඕඑන්ජේ (ONJ) පියයුරු පිළිකාවෙන් දිවි ගලවාගත් අය වෙනුවෙන් පෙනී සිට ඇති අතර, 2019 වර්ෂයේ දී වෘත්තීමය වශයෙන් පිළිකා පර්යේෂණ සඳහා තම සහයෝගය ලබා දීමත් සමග ඇයට Women With the Rank of Knight Commander යන විරුදාවලිය ලැබීය.

ලෝකය පුරාම ඉතාමත් ශිඝ්‍ර වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින පිළිකා රෝගය දැනටමත් බොහෝ දෙනෙකුට මරණයේ දොරටු විවර කිරීමට සමත්ව ඇත. එයින් කාන්තාවන්ගේ පියයුරු පිළිකා සුලභ දෙයක් වී හමාරය. ශ්‍රී ලංකාවේ බහුලතම පිළිකා වර්ගය පියයුරු පිළිකාවයි. එක්සත් රාජධානියේ සංඛ්‍යා ලේඛන වලට අනුව එරට කාන්තාවන් 9 දෙනෙකුගෙන් එක් අයෙකුට ජීවිත කාලය තුළ එක් වරක් හෝ පියයුරු පිළිකා වැළඳී ඇති බව අනාවරණය වී තිබේ. පියයුරු පිළිකාවක් ඇතිවීමට ප්‍රධාන වශයෙන් දරුවන්ට කිරි නොදීම හා කිරි දීම අඩු කිරීම, හෝමෝන ආශ්‍රිත උපන් පාලන ක්‍රම වැඩි වශයෙන් භාවිතය, හෝමෝන ප්‍රතිකාර ගැනීම, ජාන හා එක් වරක් පිළිකා වැළඳී තිබීම සහ හඳුනා නොගත් සාධක ආදී හේතූන් රාශියක් බලපානු ලබයි. පියයුරු පිළිකා පමණක් නොව අනෙකුත් පිළිකාවන් හේතුවෙන් වර්ෂයකට මිලියන 10ක් පමණ නව රෝගකාරකයන් බවට පත්වන නිසාත් ඉන් මිලියන 06කට වැඩි ප්‍රමාණයක් මිය යන නිසාත් පිළිකා කළින් හඳුනා ගැනීම බෙහෙවින් වැදගත්ය. මෙයට නිශ්චිත ප්‍රතිකාරයක් වෛද්‍ය විද්‍යාවටද පැණයකි. නමුත් ප්‍රතිකාර වශයෙන් Radiation therapy, surgery, chemotherapy, and targeted therapy ආදිය සිදු කරනු ලබයි.


එහෙත් ඔලිවියා නම් සඳහන් කළේ, “ලෙඩ රෝග තිබ්බා කියලා ජීවිතේ ගැන මම පසු තැවෙන්නේ නැහැ ; මම ගත කරන්නේ පසු නොතැවෙන ජීවිතයක්” යනුවෙනි.



පිළිකාවට සිනහවෙන් පිළිකාවක් වූ ඔලිවියා..

73 වන වියෙහි පසු වූ ඔලිවියා 2022 අගෝස්තු 08 වන දින මෙලොවින් සමුගත්තේ මතක ගොඩක් අප අතරට ලබා දීමෙන් පසුවය.

ඔලිවියා තම පිළිකා තත්ත්වය පිළිබඳව කිසිදිනක දොස් පැවරුවේ නැත, ඒ ගැන මැසිවිලි නැඟුවේ නැත, කිසිවකුට ඇඟිලි දිගුකරේ නැත. ඒ වෙනුවට තිස් වසරක් පුරා දිගටම පිළිකාවට සිනහවෙන් පිළිකාවක් වූවා ය; ඊට එරෙහිව අරගල කළාය.

70 දශකයේ මතුවූ දිදුලන තාරකාවන් අතර පිළිකාව සමඟ පොර බැදූ ඔලීවියා ලා, ෆේරා ෆෝව්සෙට් ලා අද නැතත් කාන්තාවන්ගේ අභිවෘද්ධිය සහ විමුක්තිය උදෙසා ඔවුන් කළ කී දෑ අපමණ ය. ‘ලොවම හඩයි නමුත් ඔබ නිහඬයි’ යන පද පේලියට අරුතක් ලබා දෙමින් ඔලිවියා ගේ ස්වාමියා සිනාමුසු මුහුණින් ඇයගේ අවසන් සුසුම ගැන මෙසේ සටහන් කරයි.

(Our love for each other transcends our understanding. Every day we expressed our gratitude for this love that could be so deep, so real, so natural. We never had to ‘work’ on it. We were in awe of this great mystery and accepted the experience of our love as past, present and forever.

At Olivia’s deepest essence she was a healer using her mediums of song, of words, of touch. She was the most courageous woman I’ve ever known. Her bandwidth for genuinely caring for people, for nature and all creatures almost eclipses what is humanely possible. It is only the grace of God that has allowed me to share the depth and passion of her being for so long. In her most difficult times she always had the spirit, the humor, and the will power to move things into the light.

Even now as her soul soars, the pain and holes in my heart are healed with the joy of her love and the light that shines forward.

Our family deeply appreciates the vast ocean of love and support that has come our way.

Onward Ho
John Easterling
)

https://www.instagram.com/p/ChFqQeQvBVd/?utm_source=ig_web_copy_link

ඒ අනුව ඔලිවියා ගේ ජීවිත කතාව අවසාන වන්නේ ඇගේ අරගලයේ ජයග්‍රහණයකින් මිස පිළිකාවේ ජයග්‍රහණයකින් නොවේ.

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි