×

පුද්ගලයන් 18 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති ලොව විශාලතම තඹ නිෂ්පාදකවරුන්ගේ වර්ජනය.

වර්ජනය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 18 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබේ. ඉදිරියේදී කොන්ත්‍රාත්කරුවන් ද ඇතුළුව කම්කරුවන් 50,000 වැඩ වර්ජනයට සම්බන්ධව වෙතැයි අපේක්ෂා කෙරේ.


සමස්ත ලෝකයේ තඹ අවශ්‍යතාවයෙන් 8% සැපයුම්කරුවා වන චිලිය, ලොව විශාලතම තඹ නිෂ්පාදනකරුවා වේ.

මේ වන විට රාජ්‍ය පතල් සමාගමක් වන කෝඩෙල්කෝ හි කම්කරුවන් විසින් විවෘත වැඩ වර්ජනයක් දියත් කර තිබේ. බදාදා ආරම්භ කරන ලද මෙම වර්ජනය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 18 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබේ. ඉදිරියේදී කොන්ත්‍රාත්කරුවන් ද ඇතුළුව කම්කරුවන් 50,000 වැඩ වර්ජනයට සම්බන්ධව වෙතැයි අපේක්ෂා කෙරේ.

රජය විසින් පසුගිය දිනක දැනුම් දී තිබුණේ ප්‍රදේශයේ සල්ෆර් ඩයොක්සයිඩ් විෂවීම් මාලාවක් වාර්තා වීමෙන් පසු වෙන්ටනාස් වාත්තු පොළක් වසා දමනු ඇති බවයි. මෙලෙස පාසල් සිසුන් 115 දෙනෙකුට සල්ෆර් ඩයොක්සයිඩ් විෂ ශරීරගතවීම වාර්තා විය. වෙන්ටනාස් වාත්තු පොළවසා දැමීමට එරෙහිව මෙලෙස වැඩ වර්ජනය ආරම්භ වූ අතර රට පුරා පතල් කැණීම් මධ්‍යස්ථාන හයකට එක්රැස් වූ කම්කරුවන් ඇතුල්වීම් අවහිර කරමින් සහ ටයර් ගිනි තැබා සිය විරෝධය ප්‍රකාශ කර තිබිණි. මෙහිදී වෘත්තීය සමිති නායකයන් විසින් ප්‍රකාශ කර තිබුණේ මෙම වසා දමන ලද වාත්තුපොළ ඉහළම පාරිසරික ප්‍රමිතීනට අනුව සකස් කිරීමට රජය විසින් ඩොලර් මිලියන 54 ආයෝජනයක් කළ යුතු බවයි. එමෙන්ම වැඩ වර්ජනය පැවතියද පතල් කැණීම තවදුරටත් සිදුවන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි