×

බයිඩන් ජාතිය අමතයි!

‘‘අප තවත් බොහෝ දුර යා යුතුයි.. ඒ දුර යන විට බොහෝ දේවල් වැරදෙන්නටත් පුළුවන්..‘‘


ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්, ඊයේ ජාතිය අමතමින් එසේ කීවේය.

ඇෆ්ගනිස්ථානයේදී අවදානම් සහගත තත්වයට පත්ව සිටින පිරිස් ගළවා ගැනීමේ කටයුතු මේ සති අන්තයේදී වඩා වේගවත් කරන බව ද ඔහු පැවසුවේය. අගෝස්තු 31 ඉලක්කයක් ලෙස පමණක් තබාගන්නා බවත් ඔහු කියා සිටියේය.

තලෙයිබානය කාබුල් නගරයට ඇතුල් වීමට පෙර දිනයේ ද , ඇමරිකාව විසින් 28,000 ක් දෙනා මුදා ගත් බව බයිඩන් එහිදී සිහිපත් කර දුන්නේය. කාබුල් ගුවන්තොටුපොළ ආශ්‍රිතව ඇති කර තිබෙන ‘සුරක්ෂිත කලාපය‘ ව්‍යාප්ත කරන බව ද ඔහු පැවසුවේය. මේ සම්බන්ධයෙන් ඇමරිකාව දීර්ඝ වශයෙන් තලෙයිබාන් සංවිධානය සමග සාකච්ඡා කර ඇති බව ද ප්‍රථම වතාවට බයිඩන් හෙළි කළේය.

තලෙයිබානය විසින් ඇෆග්නිස්ථානයේ බලය අල්ලා හරියටම සතියකට පසු බයිඩන් විසින් මෙම ජාතිය ඇමතීම කළේ, ඔහුගේ ජනප්‍රියත්වය ඉතිහාසයේ පහළම මට්ටමට වැටී තිබියදීය. මේ වන විට සෑම ඇමරිකානුවන් තිදෙනෙකුගෙන් දෙදෙනක්ම පවසන්නේ බයිඩන් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීම කළමනාකරණය කළ අන්දම වැරදි බවයි.

කියවන්න-

ඇෆ්ගනිස්ථාන ගැටළුව නිසා බයිඩන්ගේ ජනප්‍රියත්වය 2/3 කින් අඩු වෙලා : ජාතිය ඇමතීමට සූදානම්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි