×

බර්ලිනයේ යෝධ AquaDom මින්මැදුර පුපුරා යයි

මෙය ලොව විශාලතම නිදහස් සිලින්ඩරාකාර මින්මැදුර ලෙස ගිනස් ලෝක වාර්තාව ද ලබා ගෙන ඇත.


බර්ලිනයේ Radisson Blu හෝටලයෙහි ආලින්දයේ ජලය ලීටර් මිලියනයක් අඩංගු නිවර්තන මසුන් 1,500 කට නිවහනව තිබූ AquaDom යෝධ මින්මැදුර පුපුරා ගොස් හෝටලය සහ ඒ අවට වීදි ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.


AquaDom 2003 දෙසැම්බර් මාසයේදී විවෘත කරන ලද අතර එය මීටර් 14 (අඩි 46) උසින් යුතු වේ. එය ලොව විශාලතම නිදහස් සිලින්ඩරාකාර මින්මැදුර ලෙස ගිනස් ලෝක වාර්තාව ද ලබා ගෙන ඇත. මෙහි මාළුන්1500 කට වඩා සිට ඇති අතර මෙම මින් මැදුර ඉදිකිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 11.2ක් පමණ වැය කර තිබේ. අද දිනයේ එහි වෙබ් අඩවියේ සඳහන් කර තිබුණේ මින් මැදුර නැරඹීම තාවකාලිකව වසා දමා ඇති බවයි.

මින් මැඳුර පුපුරා යාමට හේතුව මෙතෙක් අනාවරණය නොවන අතර මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ පොලීසිය වාර්තා කර තිබුණේ වීදුරු කැබලිවලින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි. මින් මැදුර පුපුරා යාමත් සමඟ මාර්ගවල අධික වශයෙන් ජලය ගලා යාම හේතුවෙන් ට්‍රෑම් රථ සේවාවද මේ වන විට නවතා දමා ඇති බව බර්ලිනයේ පොදු ප්‍රවාහන අධිකාරිය නිවේදනය කර ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි