×

බ්‍රික්ස් සමුළුව: යුක්රේන යුද්ධය මධ්‍යයේ සාමාජිකයින් ගෝලීය බලය සඳහා තල්ලු කරයිද ?

සමුළුව පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වුයේ ගොලීය ආර්ථිකය නැවත හැඩගස්වා සංවර්ධනය වෙමින් පවතින රටවලට උපකාර කිරීම සඳහා නව මූල්‍ය අනුපිළිවෙලක් නිර්මාණය කිරීමයි.


2009 වසරේදී පිහිටුවන ලද බ්‍රික්ස් සමුළුව(BRICS) බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන සාමාජික රටවල් පහක එකතුවකින් සැදුම්ලද්දකි. මෙම සමුළුව පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වුයේ ගොලීය ආර්ථිකය නැවත හැඩගස්වා සංවර්ධනය වෙමින් පවතින රටවලට උපකාර කිරීම සඳහා නව මූල්‍ය අනුපිළිවෙලක් නිර්මාණය කිරීමයි.

එහි සාර්ථකත්වය ගමන් කරන්නේ මධ්‍යස්ථවය. බ්‍රික්ස් ජාතීන්ට බිලියන 3.23 ක ඒකාබද්ධ ජනගහනයක් ඇති අතර, ඔවුන්ගේ ඒකාබද්ධ දළ දේශීය නිෂ්පාදිතය ඉහළ අගයක් දරයි.
අද දින (23) රැස්වීමට සළසුම්කර ඇති සමුළුව වීඩියෝ  සබැඳියකින් අරඹන අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, චීන ජනාධිපති ෂී ජින්පින්, දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා සහ බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ විසින් යුක්රේන යුද්ධය පිළිබඳ මොවුන් සාකච්ඡා කරතැයි දේශපාලනික විශ්ලේෂකයන් පෙන්වා දේ. ජාතීන් යුද්ධය ගැන ප්‍රසිද්ධියේ සඳහන් නොකරමුත් ඉන් පැන යා නොහැක.

බොහෝ අය සමුළුව කෙරෙහි අවධානයෙන් සිටිනු ඇත, විශේෂයෙන් යුක්රේනය සම්බන්ධයෙන් රුසියාව සහ චීනය අතර ගතිකත්වයන් පිළිබඳව,” පාලන අවදානම් උපදේශන ආයතනයේ දකුණු ආසියාවේ අධ්‍යක්ෂ ප්‍රත්‍යුෂ් රාඕ BBC වෙත අදහස් දක්වා තිබුණේ.

රුසියානු යුද්ධය හේතුවෙන් වන ආර්ථික උද්ධමනයේ බලපෑම සියලුම රටවලට මේ වන විට දැනෙමින් ඇත. බටහිර ප්‍රමුඛ සම්බාධක ලොව පුරා පෙන්නුම් කරයි. ගෝලීය සැපයුම් දාම කඩාකප්පල් වී ඇති අතර ආහාර හිඟයක් පිළිබඳ බියක් පවතී. එමෙන්ම මුත් ගෝලීය ආර්ථික ප්‍රකෘතිය සඳහා බහුපාර්ශ්විකත්වය අලුත් කිරීම, දේශගුණික ක්‍රියාකාරකම් පිළිබඳ ගැඹුරු සම්බන්ධීකරණය සහ වසංගත සහ මහජන සෞඛ්‍ය පිළිබඳ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම යනාදී කරුණු පිළිබඳ විශේෂ අවධානයක් සමුළුව තුළ යොමු වෙතැයි ප්‍රකාශ වේ.

රුසියන් විචාරකයන් විසින් මේ වන විටත් සම්බාධකවල බලපෑම මොට කිරීමේදී බ්‍රික්ස් ජාතීන්ගේ වැදගත්කම පිළිබඳව කරුණු ඉදිරිපත් කරමින් ඇත.

ලෝකයේ පවතින ආර්ථික රටාවට අනුව කටයුතු කිරීමට දිළිඳු සහ මධ්‍යම ආදායම් ලබන රටවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමට බ්‍රික්ස් උපකාර වෙතැයි බොහෝ විචාරකයන් අපේක්ෂා කරයි. ඒ අනුව ලෝකයේම අවධානය මේ වන විට බ්‍රික්ස් සමුළුව වෙත යොමුව ඇති බව BBC වාර්තා කෙරේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි