×

බෙයිජිං ඔලිම්පික් උළෙළ සමග චීනයේ සූදුව -”මානව සංහාර ඔලිම්පික්”

වසංගතයේ අන්ධකාරය මැද බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙල ඇරඹේ


ලෝකයේ ගිම්හාන සහ ශීත සෘතු යන ඔලිම්පික් උලෙළ දෙකම පැවැත්වීමේ ගෞරවය‌ මෙවර හිමි කර ගනිමින් චීනය ඊයේ දිනයේ ශීත සෘතු ඔලිම්පික් උළෙල ආරම්භ කළේ වසංගතයේ අන්ධකාරය මැද ය.

නමුත් බෙයිජිං හි ‘ඔලිම්පික් බුබුළ’ ”වෛරස් බුබුළක්’ බවට පත්ව ඇති බවට ආන්දෝලනාත්මක වාර්තා ලැබෙමින් තිබේ. බෙයිජි විසින් මෙවර ඔලිම්පික් වීරත්වය සහ උද්‍යෝගය නැති කරමින් සිටින්නේද..? ඔවුන් සැබවින්ම මේ පවත්වන්නේ අවදානම් සහගත උළෙලයි. ‘මිහිමත විශාලතම ක්‍රීඩා සැණකෙළිය’ යනාදී අන්වර්ථ නාමයන් රැසකින් අතීතයේ හැඳින්වූ ඔලිම්පික් උළෙල ඇතැම් විදෙස් මාධ්‍යයන් විසින් මේ වන විටත් හඳුන්වා දෙමින් තිබෙන්නේ ‘ජෙනොසයිඩ් ගේම්ස්’ හෙවත් ‘මානව සංහාර ක්‍රීඩා උළෙල’ යනුවෙනි. සිය ඔලිම්පික් උළෙල “zero Covid” යැයි බෙයිජිං පුන පුනා කීවත්, එය මෙවර මානව සංහාරයක් සිදුවීමට තරම් අවදානමක් ද සහිත ඔලිම්පික් උළෙලකි.

මේ වන විටත් බෙයිජිං ඔලිම්පික් උළෙලට සම්බන්ධව වැඩ කටයුතු කළ පුද්ගලයන් 200 දෙනෙකුට වඩා කෝවිඩ්-19 වලින් ආසාදනය වී තිබෙන්නේ දින 10 ක් ඇතුළත ය. ඔවුන් අතර සිටින්නේ ක්‍රීඩකයන්, පුහුණුකරුවන්, ක්‍රීඩා සංවිධායකයන් ඇතුළු සෘජුවම ඔලිම්පික් උළෙල සමග සම්බන්ධ අය ය. ලෝකයේ නන් දෙසින් පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ අනුව ඔලිම්පික් උළෙලෙන් පසුව සිය රට බලා යනු ඇත්තේ, තම තමන්ගේ රටවල් ද දැවැන්ත අවදානමක හසු කරමිනි.

REUTERS/Pawel Kopczynski

 

බෙයිජිං ඔලිම්පික් ගම්මානයේ ‘ක්ලෝස්ඩ් ලූප්’ – closed loop යනුවෙන් හඳුන්වන සංවෘත කලාපයක් බිහි කර තිබේ. එහි අර්ථය එය සාපේක්ෂව පිටත ලෝකයට වඩා ආරක්ෂිත බව ය. නමුත් අවම වශයෙන් දිනකට රෝගීන් 30 දෙනෙකුට වඩා වාර්තා වෙමින් තිබෙන්නේ මෙම සංවෘත කලාපය තුළිනි. අනෙක් අතට මේ ලූපය කොතරම් විශාල එකක්ද? වාර්තාවලට අනුව 60,000 ක් දෙනා මේ ලූපය තුළ වෙති. ඔවුන් මේ තුළ සිටින තාක්කල් ආරක්ෂිත බව ඔලිම්පික් සම්මේලනයේ සභාපති තෝමස් බාක් කීවත්, දිනපතා එතුළින් ද ආසාදිතයන් වාර්තා වේ!

 

නමුත් පුහුණුකරුවන් සහ තමන්ගේ සගයන් දිනෙන් දින පොසිටිව් වෙමින් යන වාතාවරණයක් තුළ මෙම පීඩනය, වෘත්තීය ක්‍රීඩකයන්ට පවා දරා ගැනීමට අපහසු විය හැකිය.

මේ, මාධ්‍ය හමුවකදී සංවෘත ලූපය තුළ සිටින ඇමරිකානු මළල ක්‍රීඩක ක්‍රිස් මැස්ඩසර් විසින් පළ කළ අදහස් ය. මෙය ලූගර් හිම ක්‍රීඩාවේ නිරත වන ඔහුගේ සිව්වැනි ඔලිම්පික් උළෙල වේ.

”අපි හරිම ආතතියකින් ඉන්නෙ. ලූපය ආරක්ෂිතයි කියල කියනවා. නමුත් ඒ අතරෙම එය 100%ක් ආරක්ෂිත නැති බව අපි දන්නවා.. දැනටමත් පොසිටිව් වූ අය ගොඩක් ඉන්නවා. මේක බය හිතෙන දෙයක්.”

 

ඇමරිකානු ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා සංචිතයෙන් 80%ක්ම බෙයිජිං ඔලිම්පික් උළෙල සඳහා ද පැමිණ ඇත. අවදානමේ තරම ඔබ මෙයින් සිතාගත යුතුය.

චීන රහස් ඔත්තු සේවයත් ඒ අතර වැඩ අල්ලයි

(Photo by Carl Court/Getty Images)

විදේශ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,000 ක් දෙනා ඇතුළුව ලොව නන් දෙසින් පැමිණි 60,000 කට අධික පිරිසක් එකම නගරයක එකම තැනක ගාල් වී සිටීම චීන රහස් ඔත්තු සේවයට ද පහසුවකි. ඇමරිකානු ෆෙඩරල් රහස් ඔත්තු සේවය හෙවත් එෆ්බීඅයි විසින් සිය ක්‍රීඩකයන්ට දැනටමත් අනතුරු ඇඟවීමක් කර ඇත. ඒ මෙසේ ය.

‘ඔබේ සියලු පුද්ගලික ජංගම දුරකථන ගෙදර තබා යන්න. තාවකාලික ජංගම දුරකථනයක් බෙයිජිංහිදී පාවිව්චි කරන්න!”

මේ අතර ජාතික ඔලිම්පික් කමිටු 7 ක් සිය රටවල ක්‍රීඩකයන්ට බර්නර් ෆෝන්ස් පාවිච්චි කරන ලෙස නියම කර තිබේ. බර්නර් දුරකථනවලින් බොහෝ විට ලබාගත හැක්කේ කෙටි පණිවුඩ පමණි. මේ අනුව දැනටමත් 1000 කට ආසන්න මළල ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් පිරිසක් බර්නර් උපාංග වෙත මාරු වී තිබේ. බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් සහ පැරාලිම්පික් තරගාවලියේ කටයුතුවලට සයිබර් ප්‍රහාරවල අවදානමක් එල්ල විය හැකි බවට තහවුරු කළ හැකි සාධක ලැබී තිබීම මෙයට හේතුවයි. අප මෙයට පෙර ඔලිම්පික් ගම්මානයක බර්නර් ෆෝන් භාවිතයක් ගැන අසා තිබුණේ කවදාද? මීට පෙර 2018 ඔලිම්පික් උළෙල ජපානයේ පැවතෙද්දී කිසිවෙකු බර්නර් ෆෝන් පාවිව්චි කළේ නැත. සැකකටයුතු ඔත්තුකරුවන් ගැන බියක් එහි තිබුණේ නැත.

නමුත් බෙයිජිං වෙත පැමිණෙන සෑම අයෙකුම My2022 යනුවෙන් හැඳින්වෙන සුවසේවා යෙදවුමක් (health app) භාවිතා කළ යුතු බවට නියම කර තිබේ. පරිගණක විශේෂඥයන් පවසන්නේ මෙවැනි යෙදවුමක් ‘හැකර්ලාගේ සිහිනයක්’ බඳු බවයි. Dormant Censoring System නමැති සැක කටයුතු ආරක්ෂක උපක්‍රමයක් ද මෙයට අනුබද්ධ කර තිබේ.

ලෝකයම වසංගත බියෙන් ඇළලී තිබියදී චීනය ‘කෙසේ හෝ ඔලිම්පික් පවත්වමු’ යන මතයට එළඹෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මිතුරු ටෙඩ්‍රෝස්ගේ ආශිර්වාදය ද ඇතිව ය. ඔවුන්ට එය වසංගත සමයේ ‘මහා වෙළඳ දැන්වීමක්’ බවට පත් කර ගැනීමට උවමනා වී තිබේ. නමුත් ප්‍රේක්ෂකාගාර හිස් ය. ඒවා විදෙස් නරඹන්නන්ගෙන් තොර ය. කාච ඇසට ඔලිම්පික් ජවය හසු කරගනිමින් ඔබ මොබ ඇවිද යන මාධ්‍යවේදීන් මෙවර දක්නට ඇත්තේ ඉතා අඩුවෙනි. කෙටියෙන් කියන්නේ නම් මෙවර ශීත සෘතු ඔලිම්පික් උළෙල කිසිසේත්ම වර්ණවත් නැත. බාගවිට, ක්‍රීඩකයන්ට වඩා වෛද්‍ය කණ්ඩායම් සීරුවෙන් තබාගෙන පවත්වන කම ඔලිම්පික් උළෙල ද මෙය වීමට පුළුවන.

ඒ සියල්ලටමත් වඩා, වසංගත මාරයා ඇස් මානයේ තබාගෙන ඔලිම්පික් උළෙලේදී මෙවර සිදුවන්නේ ජීවිත සමග සෙල්ලමකි!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි