×

බොරිස් ජොන්සන්ගේ පවුල් ප්‍රශ්න නිසා අගමැති කාර්යාලයේ කුණාටුවක්!

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ සන්නිවේදන කටයුතු අධ්‍යක්ෂවරයා හදිසියේම අද දිනයේ තනතුරෙන් ඉවත් වන බව දැනුම් දී තිබෙන්නේ, ඔහුගේ පෙම්වතිය වන කේරි සයිමන්ඩ්ස් සමග ඇති වූ ආරවුලක් හේතුවෙනි.


සන්නිවේදන අධ්‍යක්ෂ ලී කේන් (Lee Cain) සැලකෙන්නේ බොරිස් ජොන්සන්ගේ පරම හිතවතෙකු ලෙස සහ, ජොන්සන් විසින් දියත් කළ වෝට් ලීව් හෙවත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුය යන්න ජනතාව අතරට ගෙන ගිය ප්‍රබලයෙකු ලෙස ය. ඔහු ජොන්සන්ගේ ඇතුළු කවයේ ප්‍රධානියෙකු ලෙස ද කටයුතු කළේය.

කේරි සයිමන්ඩ්ස්

බොරිස් ජොන්සන්, කාර්ය මණ්ඩල ප්‍රධානියෙකු පත් කිරීමට උත්සාහ කළ විට, ඒ සඳහා ලී කේන් සූදානමින් සිටි අතර, ඔහුගේ පෙම්වතිය වන කේරි සයිමන්ඩ්ස් එයට එක හෙළා විරුද්ධ වී තිබේ.

මීළඟට දොට්ට දමන්නේ ඩොමිනික් කමින්ස් ද?

ඩොමිනික් කමින්ස්

මේ සඳහා ලී කේන් පත් කළ යුතු බව දැඩි සේ කියා සිටි අයෙක් වූයේ ජොන්සන්ගේ ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකු වන ඩොමිනික් කමින්ස් විසිනි.

අනුව එක්සත් රාජධානි දේශපාලනයේ න්‍යායාචාර්යවරයෙකු ලෙස සැලකෙන ඩොමිනික් කමින්ස් ද ලී කායින්ට අත් වූ ඉරණමෙන් පසුව විශාල ලෙස කැළඹී සිටින බව වාර්තා වේ. ඇතැම් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තාවලට අනුව මීළඟට බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලයෙන් හෙවත් අංක 10, ඩවුනින් වීදියෙන් එළියට දමන්නේ ඩොමිනික් කමින්ස් ද විය හැකිය.

ජොන්සන්ගේ නරක කාලය

මෙම තත්වයන් සමග බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ද සිය දේශපාලන අනාගතයේ මහත් අවිනිශ්චිත සහ අසීරු සමයකට මුහුණ දී සිටියි. බ්‍රෙක්සිට්, දේශගුණීක විපර්යාස, මැද පෙරදිග අර්බුදය, චීනය සහ නේටෝ සංවිධානය යන එක්සත් රාජධානියේ පවතින ගැටළු අතරට අලුතෙන්ම එක් වී තිබෙන ගැටළුව වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවන වර තේරී පත් නොවීමයි. බ්‍රෙක්සිට් ඩීල් සඳහා බොරිස් ජොන්සන් ව දිරිමත් කළ ට්‍රම්ප් ට බලය අහිමි වීමත් සමග, මේ වන විට අගමැති කාර්යාලය ජෝ බයිඩන්ගේ අලුත් ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය කෙරෙහි දැඩි අවධානයකින් පසු වෙයි.

ඇමරිකාවේ අලුත තේරී පත් වී සිටින ජනපතිවරයා, ජෝ බයිඩන් අයිරිෂ් ජාතිකයෙකු වන අතර, දින කිහිපයක ප්‍රමාදයකින් පසුව, අවසානයේ බොරිස් ජොන්සන් ඔහුට දුරකථනයෙන් අමතා සුබ පැතුම් පණිවුඩයක් ද ලබා දී තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි